IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ගෑස් නැතිව හෝටල්,ආපනශාලා,බේකරි 12,000ක් වැහිලා

(සුජිත් හේවාජුලිගේ )

රට පුරා ප්‍රධාන නගරවල හෝටල්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල ආපන ශාලා සහ  බේකරි 12,000 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රධාන වශයෙන් ගෑස් හිඟය නිසා පවත්වාගෙන යෑමට නොහැකිව සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇතැයි  සමස්ත ලංකා  ආපනශාලා හිමියන්ගේ සංගමයේ  සභාපති අසේල සම්පත් මහතා ලංකාදීපයට පැවැසීය.

රාජ්‍ය ආයතනවල, පාසල්වල හා විශ්ව විද්‍යාලවල  ගෑස් හිඟය නිසා වැසි ගොස් ඇති  ආපන ශාලා සංඛ්‍යාව හාර දහසක් පමණ වන බවද  හෙතෙම සඳහන් කළේය.

මීට අමතරව කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල පවත්වාගෙන ගිය වඩේ , කඩල   සහ  සමෝසා වෙළෙඳසල්  5000ත් 6000ත් අතර සංඛ්‍යාවක්ද  ගෑස් හිඟය සහ  අමුද්‍රව්‍යවල මිල ඉහළ යෑම ඇතුළු හේතු නිසා  වැසී ගොස් ඇතැයි පවසන සභාපතිවරයා  ගෑස් හිඟයට අමතරව  පාන් පිටි, එළවළු, කිරිපිටි, කුළුබඩුවල මිල ඉහළ යෑම නිසාද බොහෝ  හෝටල් සහ ආපනශාලා පවත්වාගෙන යෑමට නොහැකි තත්වයක්  උදාවී ඇතැයි පැවසුවේය.

රටපුරා බේකරි  හත් දහසක් පමණ පවතින අතර  ඉන් තුන්දහස් පන්සියයක් පමණ ගෑස් සහ  අමුද්‍රව්‍ය හිඟය නිසා පවත්වාගෙන යෑමට නොහැකිව  වැසි ගොස් ඇතැයි බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

සහන නොලැබුණහොත් සෙසු බේකරිද  ඉදිරියේදී වැසී යා හැකි බව එම සංගමය අනතුරු හඟවයි.

සාමාන්‍යයෙන් ප්‍රධාන නගරයක හෝටලයක තේ පිළියෙල  කිරීම සඳහා  දිනකට කිරි පිටි කිලෝ පහක් පමණ පාවිච්චි කෙරෙන අතර කිරිපිටි හිඟය කිරි තේ සැපයුම සම්පූර්ණයෙන්ම පාහේ නතරවීම නිසා  එම ආදායමද  සම්පූර්ණයෙන්ම  ඇනහිට  ඇතැයි  ඒවායේ  හිමිකරුවෝ පවසති.

ප්‍රධාන නගරවල හෝටල් බොහොමයක් පවත්වාගෙන යන්නේ කුලී පදනම මත හෙයින්   පවතින ආර්ථික  තත්වය යටතේ ආදායම   අඩුවීම නිසා එම කුලී මුදල් ගෙවා ගැනීමට පවා නොහැකිවීමෙන් ඒ හෝටල් මෙසේ  වැසී ගොස් ඇති බව  අප කළ  සොයා බැලීමකදී තොරතුරු  අනාවරණය විය.

මේ අතර බේකරි නිෂ්පාදන සඳහා පනවා තිබූ පාලන මිලෙන්ද  ඉවත්වූ බව බේකරි හිමියන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීමේ ශක්තිය දුර්වල වීම නිසාද බොහෝ හෝටල් ආපනශාලා සහ බේකරිවල ආදායම පහළ ගොස්  ඇති අතර ඉන්ධන මිල ඉහළ යෑමද හෝටල් සහ ආපනශාලාවල ආදායම කෙරෙහි ඉතා නරක ආකාරයෙන් බලපා ඇතැයි  ආරංචි මාර්ගවලින් පැවසේ.

පවතින තත්වය හේතුවෙන් හෝටල් , ආපනශාලා සහ  ආහාර ද්‍රව්‍යවල මිලද සැලකිය යුතු ප්‍රමාණයෙන්  ඉහළ ගොස් ඇත. සාමාන්‍යයෙන්  එළවළු අඩංගු බත්  පැකට්ටුවක් රුපියල් එකසිය අසූවක් දක්වා ඉහළ ගොස් ඇතැයි දැනගන්නට  ඇත.

මේ අතර පාසල් වල ආපනශාලා දැඩි සෞඛ්‍ය නීති යටතේ පවත්වාගෙන යෑමට සිදුවීම නිසා ඒවායේ ආදායම බෙහෙවින් අඩුවී ඇතැයි ඒ ආපන ශාලා  හිමිකරුවෝ පවසති.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (9)

ගෑස් නැතිව හෝටල්,ආපනශාලා,බේකරි 12,000ක් වැහිලා

fairoos Wednesday, 22 December 2021 03:34 PM

රට බංකොලොත් කරලයි මෙතුමා යන්නේ.

:       1       27

අසංගThursday, 23 December 2021 08:46 AM

ඊට කලින් ගහල පන්නනව රටේ ජනතාව.

:       0       6

මහසෙන් Wednesday, 22 December 2021 04:12 PM

මේ එක ක්ෂේත්‍රය ක් පමණයි..මේ අයුරින්ම තවත් ව්‍යාපාර කීයක් නම් වැහිල ද? කාටවත් අත නොපා ස්වෝත්සහයෙන් නැගිටිලා උන්න කී දෙනෙක් අද අසරණයි ද? දැන් වෙන්න ඕන දේ වෙලා ඉවරයි.

:       0       0

ගමේ එකාලා Wednesday, 22 December 2021 06:26 PM

ආසියාවේ ආශ්චර්යය සහ සෞභාග්‍යයේ දැක්ම...? බලලෝභී බඩගෝස්තරවාදී දූශිත දේශපාලුවන් ජනතාව රවට්ටපු හැටි...

:       0       3

Rohana Wednesday, 22 December 2021 06:30 PM

ආසියාවේ ආශ්චර්ය සහ සෞභාග්‍යයේ දැක්ම?

:       0       2

Demuni Uduwara Wednesday, 22 December 2021 07:07 PM

ස්තුතියි ගෝඨාභය මැතිතුමනි, මරණය තවතවත් ළංවෙනවා...

:       0       4

Sriland Thursday, 23 December 2021 04:00 AM

හැමදේටම ඩොලර් නෑ කියලා ජනතාව කබලෙන් ලිපට දැම්මත් කොහොමද වක්සින් ගේන්නේ ඩොලර් නථ්වුඅ ?ඒවාට දොඅල්ර් ප්‍රශ්නයක් නා?හැමදේම චන්දය දුන්න ජනතාවට

:       1       4

Rasika Thursday, 23 December 2021 05:36 AM

ඔය 12,000න් 8,000ක් විරුවට චන්දෙ දෙන්න ඇතිනේ, ඉතුරු 4,000ගැන තමයි මට දුක.

:       0       4

Rohana Thursday, 23 December 2021 06:13 PM

මැතිවරණයට පෙර දේශපාලකයන් අරක දෙන්නම් මේක දෙන්නම් කියල දෙන බොරු පොරොන්දු කිසිම දවසක විශ්වාස කරන්න එපා. පොහොට්ටුවට පැනල ඡන්දෙ දීපු එකෙන් දැන්නම් හොදටම අමාරුවෙ වැටිල ඉන්නවෙලා.අපිටම කරුමෙ ගෙවන්න සිදුවෙලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොට්ටාවේ ඝාතනයට අයෙක් අල්ලයි
2025 මැයි මස 11 158 0

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී අපරාධ රැසකට සම්බන්ධ ’’ ඇඹිලිපිටියේ පොඩ්ඩා’’ නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨා


දිවයින පූරා දන්සැල් 8581 ක්
2025 මැයි මස 11 144 0

වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8581 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.


මෝල් ගස් පහරින් තරුණයා මරුට
2025 මැයි මස 11 827 0

රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි


විදුලි සභාපති ඉල්ලා අස්වේ?
2025 මැයි මස 11 4711 0

විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම


රම්බොඩ අනතුරේ මරණ 21 දක්වා ඉහළට
2025 මැයි මස 11 2361 0

රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේදී අද සිදු වු අනතුරින් මිය ගිය ගණන අද දහවල් වන විට 21 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලීසිය කියයි.


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 1082 0

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 929 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1419 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 368 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site