IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)


පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට  විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ අනුරාධපුර යසසිරිපුර අංක 283  හි පදිංචි පැලපිටියගේ පියතිස්ස නමැති (63) හැවිරිදි විවාහක පෙදරේරුවකු බව පොලිසිය කියයි .

මියගිය පුද්ගලයාගේ සහෝදරිය මීට දින කිහිපයකට පෙර නිවසේ නාන කාමරයේ ලෙස්සා වැටීමෙන් වූ අනතුරකින් තුවාල ලබා මේ වනවිට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇයගේ සුව දුක් බැලීම සඳහා සිය බිරිඳ සමග (07) දා කැස්බෑව මඩපාත ප්‍රදේශයේ සොහොයුරියගේ නිවසට පැමිණ තිබේ.

එසේ සිටින අවස්ථාවේදී නිවස පිටිපස යහමින් වැඩී තිබූ වැටිමාර ගසක අතු කිහිපයක් කපා ඉවත් කිරීම සඳහා ගසට නැගි අවස්ථාවේ දී විදුලි සැර වැදී අනතුරක් සිදුව තිබේ.



අදහස් (1)

ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට

Chaminda Tuesday, 08 October 2024 10:38 AM

අපේ ප්‍රදේශයේ ඔහොම අනතුරු දායක විදුලි රැහැන් තිබුනා. ඒත් පසුගිය දිනවල ආවරණය සහිත විදුලි රැහැන් ඇදීම නිසා පක්ෂීන්ට මෙන්ම ඔය වගේ අනතුරු ඇතිවීමට තිබුන අවස්ථාවන් ඉවත්වෙලා තියෙනවා ඒ නිසා විදුලි බල මණ්ඩලයේ අවධානයට මෙම සිද්ධිය යොමුවේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 81 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site