IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගෙවල් මාරුවට ඇත්ත හේතුව

2016-04-11-ent-01කොළඹ 7 හොඳම තැනක නිල නිවෙසක් තිබුණ ඇමැතිතුමෙක් හිටියා. උන්නැහේ කාලයක් ඇමැති හැටියට පදිංචිව හිටියෙ මේ ගෙදරයි..

පසුගිය දවසක ඡන්දෙන් පැරදුණු හිටපු ඇමැති කෙනෙක් තමන් මෙතෙක් කල් හිටපු නිල නිවෙස නිදහස් කරලා පදිංචියට ගමට ගියා. ඒ ආරංචිය ගියා විතරයි අපි මුලින් කිව්ව නිල නිවසක් තිබුණ ඇමැතිතුමා එකපාරටම ඇවිල්ලා අලුතෙන් හිස්වුණ ගෙදරත් පදිංචි වෙලා... ඉතින් එකම ඇමැතිට නිල නිවාස දෙකක් දෙන්න බැහැනේ. ඒ නිසා නිලනිවාස වෙන් කිරීම භාරව ඉන්න ඔපිසරල අපේ ඇමැතිතුමාගෙන් ඇහුවා "ඔබතුමාට ගෙයක් දීලා තියෙද්දි මේකත් අල්ල ගත්තෙ ඇයි? කියලා අපි මේක කෑගල්ලෙ අහවල් ඇමැති තුමාටනෙ වෙන් කරලා තිබුණෙ... කියලත් කීවා... ඊට පස්සෙ ඇමැතිතුමා කරැණු පැහැදිලි කරන්න පටන් ගත්තා...

මේ ගෙදර තියෙන්නෙ දැන් රටේ ලොකුමහත්තය හැටියට පත්වෙලා ඉන්න මහත්තය කලින් හිටපු ගේ ඉස්සරහ. දැන් උන්නැහේ එතනින් ගිහිල්ලා. ඊළඟට එතෙන්ට එන්නෙ හිටපු ලොකු මහත්තය... අපි එක පක්‍ෂයේ වුණාට ඉන්නෙ මත දෙකකනෙ.... අනික අපි දෙන්නම එකම දිස්තිරික්කෙත් වෙච්චි... ඉතින් හිටපු ලොකු මහත්තය ඔතෙන්ට පදිංචියට ආවම ඔතන ගමේ මිනිස්සු පිරෙනවා... ඊට පස්සෙ ගමේ වෙලත් මම පරණ ලොක්කට සපෝට් කරන්නෙ නැතෙයි කියලා මිනිස්සු මට බණින්න පටන් ගනීවි.... ඒක මහ ලෙඩක් වෙන වැඩක්... මට ගමේ මිනිස්සු අවුල් කරගන්න වෙන වැඩක්.... ඒ හින්දා ඕක වෙන්ඩ කළින්ම ඔතනින් මාරැවෙන එක හොඳයි... ඉතින් මම දැන් ඉන්න ගේ... කෑගල්ලෙ ඇමැතිතුමාට දෙන්න. මම අලුත් තැනට යන්නම්.... 

එහෙම කිව්ව අලුතින් පට්ටමකුත් ලැබිච්ච ඇමැතිතුමා බඩු මුට්ටු ටිකත් අරන් ගෙයින් මාරැ වුණා.. කෑගල්ලෙ ඇමැතිතුමා එතෙන්ට ආව... මේ විදිහට ගෙවල් මාරැ කරගත්ත ඇමැතිල දෙන්නම තම තමන්ගේ කණ්ඩායම්වල ලේකම් සයිස් මහත්තුරැ කියලත් ආරංචියි.

 

 

DESHAYA
 



අදහස් (0)

ගෙවල් මාරුවට ඇත්ත හේතුව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site