IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ගංවතුරට ගසාගෙන ගිය බස් රථයක මගීන් 54ක් මුදාගනියි

(ක.ග.කරුණාරත්න)

ගංවතුරට ගසාගෙන ගිය බස් රථයක කොටුවීසිටි කුඩාදරුවන්, ගැබිණි මවුවරුන්, කාන්තාවන් ඇතුළු මගීන් 54 දෙනෙකු පොලොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේදී අද(21) අළුයම මුදාගත් බව පොලොන්නරුව පොලීසිය කියයි.

මගීන් රැගත් මෙම බස් රථය මාදුරුඔය සිට කොළඹ බලා ගමන් ගනිමින් සිටියදී පොලොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය සහ ගල්ලෑල්ල අතර ජලයෙන් යටවී තිබූ ප්‍රදේශයේදී ගංවතුරට හසුවී ගසා ගෙනගොස් ඇත.

පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගල්ලෑල්ල ප්‍රදේශයේ මේ වනවිට ජල මට්ටමඅඩි 06 ක් පමණ දක්වා ඉහළ නැඟ තිබෙන බව පොලීසිය සඳහන් කලේය.

බස් රථය තුල ගංවතුරට කොටුවී සිටි පිරිස බේරා ගැනීම සඳහා පොලීසිය, යුදහමුදාව, සිවිල්ආරක්‍ෂක බලකාය ඇතුළු සහන කණ්ඩායම් මූලිකව ක්‍රියාකර තිබේ.

මේ අතර පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන්දොරටු 10 න් 08ක් අඩිදෙකක් දක්වා අද(21) විවෘත කළ බව වාරිමාර්ග නිලධාරීහු පැවැසූහ.

 

 



අදහස් (23)

ගංවතුරට ගසාගෙන ගිය බස් රථයක මගීන් 54ක් මුදාගනියි

Amula Saturday, 21 December 2019 04:40 AM

දිගින් දිගටම රටට මේ වෙන විපත් වලින් අපේ රට මේ ලෝකය ආරක්ෂා කරලා දෙන්න ඕනේ. සියලු දෙවියන්ගේ ආශීර්වාදයෙන් ලබන්නා වූ නත්තල සැනසීමෙන් ඔක්කොමල්ලාටම එකට ඉඳගෙන සමරන්නට වාසනාව ලැබේවා.

:       49       141

මිනිසා Saturday, 21 December 2019 08:08 AM

ජාතිවාදීන් නිසා දෙවියන්ගේ කෝපය...

:       238       416

AmaraSaturday, 21 December 2019 08:48 AM

වැහි දෙවියොයි, සූර්ය දෙවියොයි අතර ගැටුමකින් සූර්ය දෙවියන් මේ දවසවල පරාදවෙලා ඉන්නේ...

:       2       85

JAYATH Saturday, 21 December 2019 04:53 AM

මොලේ කලඳක් වත් නැති අය වාහන එලෙව්වම ඔහොම තමයි. තැනක් නොතැනක් නැහැ රිංගනවා අරෙහෙන් දමනවා මෙහෙන් දමනවා (විශේෂයෙන් මේ කොළඹ). මේ වාහනේ ටයර් මට්ටමටත් ඉහළට වතුර තියෙද්දී ගියේ ඇයි ?

:       111       469

Nilu Saturday, 21 December 2019 05:43 AM

මේ වගේ අවස්ථාවක බස්රිය වතුරට දැම්ම එකයි වැරැදි...

:       0       231

ලුම්බිණි Saturday, 21 December 2019 06:23 AM

මෙම රියදුරුට විරුද්ධව නීති මගින් කටයුතු කළ යුතුයි.

:       1       233

kamal Saturday, 21 December 2019 06:25 AM

හැමෝටම නිකම් ගෙයකුත් ගන්න තිබ්බ අනිත් කෙනාට ඡන්දෙ දුන්නා නම්...

:       381       104

JCN Saturday, 21 December 2019 07:11 AM

කොහොමත් ඔය බස් පදවන්නේ අම්බරුවොනේ.. මගීන් 50ක් 60ක් අරගෙන ඔය වගේ අවදානම් වැඩක් කරයිද නැත්නම්..!!!

:       0       134

rumeshSaturday, 21 December 2019 03:11 PM

ප්‍රයිවට් බස්කාරයින් කියන්නේ අම්බරුවන් නොහොත් මී හරක් බව නොදන්නා කෙනෙක් නැත. මේ අයගෙන් තොර ශ්‍රී ලංකාවක් හදන්න ගෝඨා මහත්තයාට බැරිද...?

:       3       137

Rasika Saturday, 21 December 2019 09:24 AM

අනතුරක් නොවුණු එක හොඳයි.

:       0       26

Perakum Saturday, 21 December 2019 09:50 AM

ප්‍රයිවෙට් බස් කාරයින් බලන්නේ බල්ලන් මරලා හරි සල්ලි හම්බ කරන්න. මේ රියදුරාට සහ බස් එකේ හිමිකරුට තදබල දඬුවම් දිය යුතුයි.

:       0       149

ජෝතිෂ Saturday, 21 December 2019 11:30 AM

මේ විනාශයේ පටන් ගැනීම පමණයි. මුළු රටම විනාශ වුණා... ආණ්ඩුව පැරදුණා.. අලුත් ආණ්ඩුව වහාම එම දාගැබේ ප්‍රමාණය වෙනස් කළා. මේ විනාශය එදාම ලංකාවේ ජෝතිෂ විශාරදයෙක් කිව්වා.

:       49       116

සුදේෂ්වරSaturday, 21 December 2019 12:36 PM

ඔය කියන්නේ ගෝඨාභය මහතා රුවන්මැලි සැය ඉදිරියේ දිවුම් දීම ගැන නේද..? අනික මේ කට්ටියම ගියපාර රුවන්මැලි සෑයටත් වඩා විශාල දාගැබක් හදන්නට පටන් අරන් අන්තිමේදී ඇනගත්තා. රට විනාශයටම ගියා. විදේශ තර්ජන ආවා. ආණ්ඩුවත් පැරදුණා. සිරිසේන මහත්මයාගේ ආණ්ඩුවෙන් කරපු පළමුවැනි දේ තමයි අර අලුතෙන් හදපු දාගැබේ ප්‍රමාණය අඩු කිරීම. මේ කට්ටිය ලෝක ප්‍රජාවට අභියෝග කළා වගේම රුවන්මැලි සෑයටත් අභියෝග කළා. අන්තිමට මේ පාර රුවන්වැලිසෑය ඉදිරියේදී දිවුරුම් දුන්නා. වස් වැදුණා. රටම විනාශ වෙන්න පටන් ගත්තා. මමත් හිතන්නේ මේ ආරම්භය පමණයි. මොනවා වුණත් රජය වටා ඉන්න දුශ්ශීල චීවරධාරීන්ට මේ විනාශයට මොනවත් කරන්න බැහැ. මන්දයත් විනාශයට මුල මේ ගනින්නාන්සේලා බැවිනි...

:       556       528

NuwanSaturday, 21 December 2019 02:39 PM

ගොන් කතා කියන්න එපා .. වහින වෙලාවට වහිනවා පායනවෙලවට පායනවා. එ්ක ස්වභාවධර්මය, ආණ්ඩුව කාගේද කියලා බලලා වහින්නේ නැහැ. දෙකේ පන්තියේ දරුවෙක් වුණත් දන්නා දේ නොදැන ලස්සන කතා ගොතන්න එපා...

:       213       432

සුදේෂ්වරSaturday, 21 December 2019 03:01 PM

නුවන් මහත්මයා, මම වැඩිපුර කියන්නේ නැහැ.. තව හරියටම දින 3න් වෙනදේ බලාගෙන ඉන්න..

:       91       57

kamaniSaturday, 21 December 2019 03:09 PM

ඔය දුශ්ශීලයින්ගේ නොමනා වැඩ නිසා අපේ සිල්වත් ස්වාමීන් වහන්සේලාටත් අවමානයක්... ඒ නිසා දේශපාලුවන් පසුපස යන දුශ්ශීල චීවරධාරීන් ශාසනයෙන් පන්නා දැමිය යුතුයි...!!!

:       0       132

SamSunday, 22 December 2019 12:55 AM

කවුද හලෝ ඔයා? අද වගේ දියුණු කාලෙක ඔහොම ගොන් කතා කියන්න එපා...

:       0       1

raviSaturday, 21 December 2019 01:42 PM

මේක මහා ශාපයක්...

:       25       110

rocky Saturday, 21 December 2019 01:26 PM

රියදුරාගේ වරදක් නොවෙයි. මේ මගීන් බස් එකේ ගිය එකයි වරද... මේ රටේ කෙරෙන වැඩවල හැටියට තියෙන්නේ පොලු අරගෙන ගිහින් බස් එක කුඩු වෙනතුරු තඩිබාන්නයි..!!

:       8       19

Prase Saturday, 21 December 2019 02:19 PM

රියදුරු බලපත්‍රය සදහටම අවලංගු කරන්න.

:       1       109

Walter White Sunday, 22 December 2019 02:52 AM

මට මේ ආණ්ඩුව සහ කපටිසූට්කාරයෝ ආරක්ෂා කරන්න කිසිම ඕනෑකමක් නැහැ. එ් එකෙක් ආගමක් ගැන ශාපයක් ගැන දාලා තියෙන බූරු කතා ඇහුවම හිනායනවා. ඔය ආගම් ශාප අමූලික බොරු, එ්ක ගැන හොඳටම දන්නේ දේශපාලකයින්.. ඔවුන් දන්නවා ආගම් ඉස්සරහට දාගත්තම ඕන දහජරා වැඩක් කළාම බේරෙන්න පුළුවන් කියලා, එ්ක ගිය ආණ්ඩුවේත් ඊට කලින් එවුනුත්, දැන් එවුනුත් එහෙම්මම කරනවා. මිනිස්සුත් නොදන්නවා වගේ ඉන්නවා. ඔය ශාප කතා ඇත්ත නම් මේ රටේ ජනගහනය හරිම අඩු එකක් වෙනවා. ඕවා හදා තියෙන්නේ හාවෝ වගේ මෝඩ අහිංසක මිනිස්සු බයකරලා අන්දලා තියාගන්න. කොයි ආගමටත් එ්ක සත්‍යයක්... හැම ආගමක්ම කියන්නේ බොරු...!

:       7       0

Walter White Sunday, 22 December 2019 02:58 AM

බස් රියදුරු බලපත්‍රය ගනිද්දී ඩ්‍රයිවින් විතරක් දැනගත්තාට මදි, අනතුරු ආපදා ගැන, ඒවායෙන් බේරෙන විදිහ, මූලික ප්‍රථමාධාර පුහුණුව අනිවාර්ය කරන්න ඕනෑ.. කොන්ක්‍රීට් පාලම් වුණත් ගංවතුරට ගහගෙන යනවා කියලා අත්දැකීම් තියෙන රටේ බස් එකක් ගහගෙන යන්න පුළුවන් කියලා නොතේරෙන තරම් මෝඩයින්ට රියදුරු බලපත්‍රය දීමේ විපාක තමයි මේ... මහරෑ වංගු කෙලින් කරලා පදින හැටි බලන්න, ජීවිතේට ආසාවක් තියෙන මිනිහෙක් ඒ වෙලාවේ පොඩි වාහනෙකින් ඩ්‍රයිවින් කරන්න හිතන්නේ නැහැ.

:       0       2

sampath Monday, 23 December 2019 10:32 AM

ගංවතුර ගලන ප්‍රදේශවල ජලය වියලි කලාපයට හරවන්න.

:       2       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 384 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site