ශ්‍රී ලංකාවට ආවේනික වූ ගල්පාඬියා නම් දුර්ලභ මසුන් 231ක් කරවිටකන්ද රක්ෂිතයෙන් ඇල්ලූ දෙදෙනෙක් රත්නපුර මහේස්ත්‍රාත් කේ බී එම් සමන්කුමාර මහතා විසින් ලබන 31 වැනි දා දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.
මෙම මසුන් මීගමුවේ සංචාරක හෝටලයකට විකිණීමට නියමිතව තිබූ බවත්, එම හෝටලය මසුන් විදේශ රටකට යැවීමට සිටි බවත් පලාබද්දල වන සත්ත්ව ආරක්ෂණ කාර්යාලයය අධිකරණය හමුවේ කියා සිටියේය.
මෙම මසුන් ඔවුන්ගේ පැවැත්මට උචිත ස්වභාවික මිරිදිය පරිසරයකට මුදා හරින ලෙස ද මහේස්ත්‍රාත් නියෝග කළේය.
ගල් පාඬියා රතු දත්ත පොතට ඇතුළත් දුර්ලභ මාළුවෙකි.
2025 දෙසැම්බර් මස 30
45
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගල් පාඬියා ඇල්ලුවාට රිමාන්ඩ්
නිශාන්ත විජේසේකර Friday, 24 January 2014 07:01 PM
මේ මාලු ආපේ ගෙවල් ලග ඇලක ඉන්නවා. ඇති තරම් ඇලට බැස්සම කකුල්වල එල්ලෙනවා මේ මාලු.(නදී)
නලීන් Friday, 24 January 2014 10:23 PM
මසුන්ට සුදුසුම පරිසරය තමයි - දෙහිවල සත්වොද්‍යානය ... එතනට මුදාහරින්න(අ)
පද්මපාණි Saturday, 25 January 2014 07:59 AM
ජනතාවගේ මාළු කන එවුන්ට මේ මාළුන්ව කනවා කියන එක මහා ලොකු දෙයක්ද? (අ)
ෂේන් Friday, 24 January 2014 12:18 PM
මේ සිද්ධියේදී පිටුපස ඉන්න ලොක්කෝ අල්ලන්න. රට යවනවා නම් සංවිධානාත්මක කණ්ඩාමක් පිටුපස්සේ ඇති (අ)
චමලි Saturday, 25 January 2014 11:42 AM
දේශප්‍රේමයේ නාමයෙන් ඕන හොර වැඩකට දැන් ඉඩ තියෙනවා . (අ)
පෙරුමාල් Saturday, 25 January 2014 03:29 PM
ගල් පාඬියා රිමාන්ඩ් කරල මදි! (අ)
පිටබැද්දර ජයා Friday, 24 January 2014 03:20 PM
සල්ලි තන්නාසේට අම්මා තාත්තා මරණ රටේ මාළු ගැන කුමන කතාද ? (ත)
සත්‍යයා Friday, 24 January 2014 04:02 PM
හොරුන් මේ තරම් ප්‍රමාණයක් අල්ලා ගනු ලබන්නේ නිලධාරීන්ගේ ඇති දක්ෂ තාවය නිසා නොව, රටේ ජනගහනයෙන් වැඩි දෙනෙක් හොරුන් වීම නිසාය. මෙය දිනක "චෞර රාජ්‍යය" නමින් ලොව පතළ වෙනු ඇත. (අ)