සඳරුවන් ජයසිංහ යනු තාරුණ්‍යය ආදරය කරනු ලබන ගීතවල නිර්මාපකයාය. ඔහු විසින් නිෂ්පාදනය කර ඇති ගීතයන් මේවනවිට ජනප්‍රියත්වයේ හිනි පෙත්තට පැමිණ තිබේ. තීක්ෂණගේ පමාවූ අතීතේ මෙන්ම නොයෙල් රාජ්ගේ කඳුළු දවා වැනි තවත් බොහෝ ගීතවල සංගීත නිර්මාපකයා මොහුය. මොහු විසින් අවුරුදු ගීතයක් නිර්මාණය කරනු ලැබීය. සඳරුවන් ජයසිංහගේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව ඔහු අපත් සමග මෙසේ පවසා සිටියා.
"අවුරුද්දෙන් පස්සේ විශේෂ වැඩක් කියලා තියෙන්නේ නොයෙල් රාජ්ගේ ගීතයක් කරන එකයි. ඒක අලුත් වේග රිද්ම ගීතයක්. එම ගීතය පදරචනය කළේ කසුන් ප්‍රිමාල් විසිනුයි. මේ ගීතයේ සංගීතය මගේ. මේක අද කාලයේ තියෙන රැල්ලෙන් වෙනස් වෙච්ච වැඩක්. ගිය ටිකේ නම් මහන්සි වුණේ අවුරුදු ගීතයටයි."
"හිනැහෙමු අවුරුදු කාලේ පුරා' ගීතයට බොහෝ ප්‍රතිචාර ලැබුණා. සාමාන්‍යයෙන් අපිට ලොකු කාලයක් තිබුණේ නැහැ වැඩේ කරන්න. අවුරුද්දට දවස් 3ක් තිබිලයි ගීතය එළිදක්වන්නත් හැකියාව හිමිවුණේ. ඒ දවස් කිහිපයට හිතාගන්න බැරිතරම් ප්‍රතිචාර ලැබුණා. ගිය අවුරුද්දේ නිෂ්පාදනය කරා %මේ අවුරුද්ද ඇවිල්ලා^ කියලා ගීතයක්. ඒ සඳහා නලින් පෙරේරා, නොයෙල් රාජ් වැනි ගොඩක් ගායකයන් දායක වුණා. අවුරුද්ද කියන දේ කාටත් අමතක වෙන්නේ නැහැනේ. කවදහරි මිනිසුන්ට මතක් වෙයි අපි යම් දෙයක් හරි කරලා තියෙනවා කියලා."
"තව මා නිර්මාණය ගීත කිහිපයක් තියෙනවා. චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ ගීතයක් එන්න තියෙනවා. ඒක ගොඩක් දුරට රිමේක් එකක් වෙන්නත් පුළුවන් සහ එයාගේ ඔරිජිනල් ගීතයක් වෙන්නත් පුළුවන්. දිමන්ක වෙල්ලාලගේ ගයන ගීතයකුත් ලැහැස්ති කරලා තියෙනවා. ඊට අමතරව තීක්ෂණ අනුරාධගෙත් ගීතයක් තිබෙනවා. හැබැයි ඒක එළියට දාන්න ටිකක් කල් යයි."
ඩිලාන් ක්‍රිෂාන්ත
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගිය ටිකේ නම් මහන්සි වුණේ අවුරුදු ගීතයටයි