IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගොයම කහ වීමට හේතු අටක් සොයා ගනී

(අංජුල මහික වීරරත්න)

මහ කන්නෙ ගොයම් කහ  පැහැ වීමට හේතු අටන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ මහ කන්නයේ වී වගාව ආශ්‍රිතව ඇතැම්  ප්‍රදේශවලින් වාර්තා වන ගොයම් කහ පැහැ වීමේ තත්ත්වය සම්බන්ධව සති දෙකක් තිස්සේ කරන ලද නිරීක්ෂණයට අදාල වාර්තාවක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දුන් අතර එම වාර්තාවේ මේ බව සඳහන් වේ.

 පොස්පරස් (P)  ඌනතාවය, පොටෑසියම් (K)  ඌනතාවය, පොටෑසියම් හා පොස්පරස් දෙකම ( P and K)  එකවර ඌනවීම, නෙමටෝඩා විසින් ගොයම් ගස්වල මූල පද්ධතියට හානි කිරීම, පැල මැක්කාගේ Rice Thrift  හානිය, දුඹුරු කීඩෑ උවදුර, කුඹුරුවල ලවනතාවය ( Salinity) , යකඩ විෂවීම (Iron Toxicity)  යන තත්ත්වයන් ගොයම කහ වීමට හේතු බව අනාවරණය කරගෙන ඇත.

කෙසේ වුවද ගොයම් කහ පැහැවීම වලක්වා ගැනීමට  ගොවීන්ට අවශ්‍ය දැනුම්වත් කිරීම්  කෙරෙන අතරම අවශ්‍ය වුවහොත් කෘමිහානි මර්දනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මුදල් වියදම් කර ඒ සඳහා අවශ්‍ය කෘමිනාශක මිල දී ගෙන අවශ්‍ය කටයුතු යොදන ලෙස  අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දුන්නේය.



අදහස් (9)

ගොයම කහ වීමට හේතු අටක් සොයා ගනී

Lalla Wednesday, 25 January 2023 11:11 AM

තකතීරුවෝ රෑනක් අනාගත්ත රජෙක් එක්ක එකතුව රටට කල විනාශයක තරම. උන් රෑන අර තලේබාන්ලා ඉන්න රටකට වත් යවල උන්ගේ දඬුවම් දෙන්න බැරිද?කාලකන්නි තවමත් මහජන ධනය විනාශ කරමින් රට කනවා.

:       3       19

sharm warn Wednesday, 25 January 2023 11:15 AM

ආ ඇත්තද ?හොයා ගත්තද ?ගොවියන් දැනුවත් කරන්න නෙමෙයි බූරුවෝ .ගොවියන්ගෙන් අහලා හරි ඉගෙන ගනින් අපේ පාරම්පරික කෘෂිකර්මය මොකද්දකියලා.එක එක ගොන් පාට් දාලා රටේ මිනිස්සුන්ට කන්න දෙයක් නැති කරවන්නේ නැතුව

:       6       13

ලක්ෂ්මන් Wednesday, 25 January 2023 02:04 PM

රජය වී ගොවීන්ට සහන දෙනවා නම් පාරම්පරික ගොවීන්ගේ අදහස් ලබාගැනීම පළමුවෙන්ම කරන්න ඕන ඒ වගේම පාරම්පරික වී වර්ග වවන්න ඕන මොකද දේශීය වෙදකමට අනුව ආහාර සදහා ගතයුතු වෙන්නෙ අවුරුද්දක් පැරණි සහල් තමයි දැනට ලංකාවෙ වගාකරන වී වර්ග අවුරුද්දක් තබා මාස ගණනක් තියාගන්න බැහැ මෙවර සෑම කුඹුරක්ම වාගේ විවිධ රෝග වලට ලක්වෙලා අවසන් .මේකට සම්පූර්ණයෙන්ම පොහොර පමාවී ලැබීමත් නුසුදුසු කොම්පෝස්ට් යෙදීමත් ලබාදුන් දියර පොහොරත් හේතු වුනා මම දැක්කා එක තරුණයෙක් කුඹුරට හානි වෙද්දී ලංකාවෙ ආර්ථික භෝගයක් වෙනුවෙන් නිර්දේශිත පොහොර කුඹුරට යොදනවා දැනට කුඹුර නම් නොපීදුනු අලුත් උක්ගස් වගාවක් වගේ ඉතාමත් සාර්ථකව තියෙනවා ඇත්තටම කෘපනිසලා පත්කරන කොට එහෙම තරුණයෝ පත්කරන්න බැරිනම් ඔවුන් උපදේශකලා ලෙසට වත් ගත්තොත් රටේ වී වගාව සාර්ථක වෙන්න පුළුවන් එනිසා කියන්න පුළුවන් වී වගාවට ලබාදෙන පොහොර වී වගාවට එතරම් සුදුසු නැහැ කියලා

:       2       2

ලක්ෂ්මන් Wednesday, 25 January 2023 03:59 PM

මෙවර කුඹුරක් වගාකළ කෙනෙක් හැටියට අදහස් පලකළේ ඒ ගැන තිබුණු අවබෝධය නිසා මිස වෙනත් හේතුවක් නිසා නොවෙයි... කුඹුරක් ගැන කිව්වේ උසස් අධ්‍යාපන සහතික නොමැති අයෙක් අත්හදා බලා ඉතාමත් සාර්ථකව වගාව කර තිබෙනවා. පේන නිසා ඩිස්ලයික් දානවා ඇත්තේ කාබනික පොහොර පමණක් යොදා කුඹුරු කරන්න පුළුවන් කියන කිසිදාක කුඹුරට නොගිය කුඹුරක් කියන්නේ මොකක්ද නොදන්නා පිරිසක් වෙන්න ඇති...

:       0       2

sam Wednesday, 25 January 2023 11:17 AM

දොස්තර පාදෙණිය මේකට බෙහෙතක් කියයි.

:       2       21

kumara Wednesday, 25 January 2023 11:24 AM

මේ දවස්වල විසඳුම් සට සට ගාලා එනවා .මොකෝ මේ

:       2       9

නිහාල් Wednesday, 25 January 2023 11:28 AM

කාබනික පෙර ගමන්කරුවන්ට පිං..

:       2       10

Sunil Wednesday, 25 January 2023 11:42 AM

ඇමතිතුමා ක්‍රියාත්මක වෙනවිට ගොයම විනාශ වෙලා ඉවරයි

:       2       9

kamal Wednesday, 25 January 2023 01:41 PM

දැන් කාලෙක ඉඳලා බොහෝමයක් කොළ පාට ඒවා පාණ්ඩුපාට වෙලා තියෙනවා තමයි. නමුත් මේකට නියමිත පෝර නොදා ඒ වෙනුවට කොළපාට තීන්ත වර්ගයක් විද්දා නම් ගොයම යස අගේට කොළපාටින් දිලේවි. එහෙම කරලා අස්වැන්න අඩුයි කියලා චිනෙන් හාල් ගෙන්නමු.

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 156 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 777 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 378 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site