IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගායිකාවක් වෙන්න තමයි මුලින්ම හිතුවේ

2016-05-09-ent-39

සිරස රූපවාහිනියේ නිවේදිකාවක වශයෙන් කටයුතු කර ඇය හර්ෂි පද්මරත්නයි. වෙළෙඳ දැන්වීම් හා නිරූපණයෙහි යෙදෙන ඇය මේ වනවිට බොහෝදෙනා අතර ජනප්‍රිය චරිතයක් බවට පත්ව තිබේ. ඇයගේ අලුත් තොරතුරු පිළිබඳව සාරවිට සමග ඇය මෙසේ දොඩමලු වූවා.

 

2016-05-09-ent-37ඔබ ගැන හැඳින්වීමක් කළොත්?

මම හර්ෂණී මධුෂානි පද්මරත්න. ගොඩක් අය මාව හඳුනන්නේ හර්ෂි පද්මරත්න කියලයි.

 

කොහොමද මේ ක්ෂේත්‍රයට ආවේ?

මම ක්ෂේත්‍රයට ආවේ වෙළෙඳ දැන්වීම්වලින්. ඊට පස්සේ මියුසික් වීඩියෝ සඳහා දායක වුණා. "සුජාතා" කියන ටෙලි නාට්‍ය සඳහා දායක වුණා. ඒකෙන් පස්සේ නාට්‍ය සඳහා දායක වුණේ නැහැ. දැනට චිත්‍රපටයක් සඳහා ආරාධනා කරලා තියෙනවා. ඒකේ වැඩකරන්න බලාපොරොත්තු ඉන්නවා.

 

ක්ෂේත්‍රයට අවතීර්ණ වූ වෙළෙඳ දැන්වීම?

මම මුලින්ම දායක වුණේ මොබිටෙල් කෑෂ් බොනැන්සා වෙළෙඳ දැන්වීම සඳහායි.

 

කොහොමද ක්ෂේත්‍රයේ ගමන?

මම හිතන විදියට මම ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු දෙකයි. ඒ ඇතුළත කාලයේදී ටෙලි නාට්‍යයකට දායක වුණා. දැන් චිත්‍රපටයක් සඳහා ආරාධනාවක් ලැබිලා තියෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි.

 

ක්ෂේත්‍රයට එන්න මුල ඉඳන්ම අදහසක් තිබුණද?

පොඩි කාලේ එහෙම අදහසක් තිබුණේ නැහැ. මම මුලින්ම හිතුවේ ගායිකාවක් වෙන්නයි. නමුත් උසස් පෙළ කරද්දී ඒ අදහස වෙනස් වුණා. ඊට පස්සේ හිතුණා නාට්‍ය කරන්න ඕනේ කියලා. සාමාන්‍ය පෙළ ඉවර වෙද්දි රංගනය පිළිබඳව ප්‍රියන්ත ලලිත් සර්ගෙන් ඉගෙන ගත්තා. ඊට පස්සේ උසස් පෙළ ඉවරවෙනවාත් එක්කම මහේන්ද්‍ර පෙරේරා සර් ගාවට ගියා.

 

දැන් වෘත්තිය කුමක්ද?

තාම ඉගෙන ගන්න ගමන් තමයි ඉන්නේ. වෘත්තීය මට්ටමෙන් මේ හරහා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද

 

2016-05-09-ent-31
2016-05-09-ent-32
2016-05-09-ent-33
2016-05-09-ent-34
2016-05-09-ent-35
2016-05-09-ent-36
2016-05-09-ent-38
2016-05-09-ent-40



අදහස් (0)

ගායිකාවක් වෙන්න තමයි මුලින්ම හිතුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site