IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගම්මන්පිල පාස්කු වාර්තා සොරකම් කළාදැයි සොයන්න යයි

(ආරියරත්න  රණබාහු)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ  නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සතුව ඇතැයි කියන වාර්තාව දින තුනක් ඇතුළත ලබා දෙන ලෙස කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත  හේරත්  මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15) පැවති මාධ්‍ය හමුවේදී ඉල්ලා සිටියේය

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ප්‍රසිද්ධ කර නොමැති වාර්තා   ප්‍රසිද්ධ කිරීමට සතියක කාලයක් ලබා දෙන බවත්  එසේ නොවුවහොත් තමා ඒවා ප්‍රසිද්ධ කරන බවත්  ගම්මන්පිල මහතා පෙරේදා පැවති මධ්‍ය හමුවකදී කළ අභියෝගය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අමාත්‍යවරයා එසේ පැවසීය.

අමාත්‍යවරයා එහිදී  කියා සිටියේ  රජයට ලබාදි ඇති වාර්තා  සම්බන්ධයෙන්   නිසි ආකාරයෙන්  කටයුතු කරන බවය

ඔහුට මෙම වාර්තා ලැබුණේ කෙසේදැයි පරීක්ෂා කළ යුතු බවද ඇමතිවරයා පැවසීය

ගම්මන්පිල  මහතා පාස්කු  ප්‍රහාරය මූලික කරගත් ආණ්ඩුවක්  බලයට පත් කිරීම කිරිම  සදහා වේදිකාවල නොයෙකුත්  දේ පවසමින්  ජනතාව මුලාකළ අයෙකු  බවත් එම ආණ්ඩුවේ වගකිවයුතු ඇමතිවරයකු ලෙස කටයුතු කළ අයෙකු බැවින් ගෝඨාභය රාජපක්ෂ මහතා ළඟ තිබි අදාළ වාර්තා සොරකම් කරන්නට ඇතැයි සැක සිතෙන බවත්ය

කෙසේවෙතත් ඔහු ළඟ ඇතැයි කියන එම වාර්තා මෙතෙක් ප්‍රසිද්ධියට පත් නොකිරීම සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවද  කි ඇමතිවරයා   මෙපමණ කාලයක් එම වාර්තා සඟවා තබා ගැනීම  බරපතළ වරදක් බවද අවධාරණය කළේය. 



අදහස් (10)

ගම්මන්පිල පාස්කු වාර්තා සොරකම් කළාදැයි සොයන්න යයි

Sediris Tuesday, 15 October 2024 05:20 PM

ඒ කියන්නේ ගොයියෝ, ගම්මන්පිලයා ළඟ තියෙන්නේ එසේ මෙසේ වාර්ථාවක් නෙමේ වගේ. මොකද මේ විජිත කලබල වෙලා.

:       10       145

යෝගා Tuesday, 15 October 2024 05:39 PM

ගම්මන්පිලගේ ප්‍රශ්නය වෙනම බලාගන්න. පිටු අතුරුදන් වගේ බොළඳ කෙප්ප ගහන්නේ නැතුව ඡන්දෙට කලින් පොරොන්දු වෙච්චි විදියට වාර්තාව මුළුමනින්ම ප්‍රසිද්ධ කරන්න...! 

:       25       118

අරවින්ද මොනරවිල Tuesday, 15 October 2024 06:32 PM

යෝගා ඔයා දැන් නියෝගය දුන්නානේ, හෙටම ආණ්ඩු වාර්තා එළියට දායි. ටිල්වින් සිල්වා හැමදාම කියන කතාවක් තියෙන ඒ තමයි අපි ගමනක් යනවිට මගදී අපට බුරන හැම බල්ලටම ගල් ගහන්න නැවතුනොත් අපිට ගමන යන්න වෙන්නේ නැහැ කියලා.

:       86       25

පොඩිඑකාTuesday, 15 October 2024 07:30 PM

හලෝ Yoga...., ඔහෙට ඔච්චරම පස්ස පැත්තේ අමාරුව නම්, ගොම්මං පිල්ලියා හම්බවෙලා ඉල්ලගන්නකෝ..!

:       65       23

Sampath Tuesday, 15 October 2024 06:22 PM

හරිනේ අමාරුව...

:       65       19

අරවින්ද මොනරවිල Tuesday, 15 October 2024 06:35 PM

අනිවාර්යයෙන්ම සොයා බැලිය යුතුයි, මේ වාර්තා කොහොමද ගම්මන්පිලට ලැබූණේ සහ කවදාද ලැබුණේ කියලා... ඒ විතරක් නොවෙයි, මේ වාර්තාව එයා මෙච්චර කල් හංගාගෙන හිටියේ ඇයි කියලා...

:       60       25

ව්මර්ශනීWednesday, 16 October 2024 10:55 AM

ඒක ඇත්ත ඔහු යම් ලෙසකින් හොරකම් කළා නම් ජනාධිපතිට වාර්තාව එළිදැක්වීමට නොහැකි වෙනවා. විජිත ඇමැතිවරයා කලබල නොවී හිටියා නම් ඔය වාර්තාව එළියට දැම්මාට පස්සේ විමර්ශණ කරන්න තිබුණා දැන් ඉතින් මොකද වෙන්නේ කියලා හිතාගන්න බැහැ...

:       0       1

de silva berlin Tuesday, 15 October 2024 07:44 PM

ගම්මන්පිලය නොවේ... මොකෙක් හරි යකෙක් ඔය සම්පුර්ණ වාර්තාව ප්‍රසිද්ධ කරනවා නම් අපි කැමැතියි... ඔය වාර්තාව ප්‍රසිද්ධ කරනවාට ඔබතුමා විරුද්ධ මොකද?

:       6       98

Rana Wednesday, 16 October 2024 05:33 AM

මේ වාර්ථා දෙකේ හිටපු ජනාධිපති රනිල්ට භාර දුන්නේ ගිය මාසේ. . රනිල්ගේ කාලයේ මේ කමිටු දෙක පත් කලේ. ඒ වාර්තා දෙක ගැනයි මේ ගම්මන්පිල මහතා කියන්නේ.

:       0       4

කේසර Wednesday, 16 October 2024 08:09 AM

අරවින්ද මොනරවිල නම් රෙදි නැතුවම කඩේ යනව වගේ. තමන් ඡන්දෙ දුන්නා උනත් හරි දේට හරියි කියන්නයි වැරදි දේට වැරදියි කියන්නයි පුරුදු වෙන්න. ඔයාල වගේ අයට තමයි දේශපාලන වහල්ලු කියන්නෙ. සුපිරිම ජෙබයියෙක්.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site