IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගම්මන්පිල ජනපතිට අවසන් සිහිකැඳවීම කරයි

(ආරියරත්න රණබාහු )

පාස්කු ඉරුදින ත්‍රස්ත පුහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නොකළ වාර්තා දෙක හෙට( 21)උදෑසන දහය වන විට ප්‍රසිද්ධ නොකළහොත් අනිවාර්යයෙන්ම තමා ඒවා ප්‍රසිද්ධ කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

පිට කෝට්ටේපිහිටි පිවිතුරු හෙළ උරුම පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුව අමතමින් ඒ බව කී ගම්මන්පිල මහතාා එහිදී මෙසේද කීය.

පාස්කු ප්‍රහාරය පිළිබඳජනාධිපතිවරයා විසින්ප්‍රසිද්ධ කිරීමට පැකිළෙන වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට මා ඔහුට ලබා දී තිබූ කාලය හෙට උදෑසන දහයෙන් අවසන් වෙනවා.

ජනාධිපතිවරයා මේ වාර්තා ප්‍රසිද්ධ කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහුට ලබා දී තිබෙන වගකීම ඉටු කිරීමට හැකියි ඒ මගින් ඔහුට එරෙහිව ඉදිරිපත්විය හැකි දෝෂාභියෝගයේ අවදානම මගහැර ගැනීමට පුළුවන්.

නමුත් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වන වගන්තිය උල්ලංඝනය කරමින් හෙට උදෑසන දහය වන විට එම වාර්තා ලබාදීම පැහැර හැරියොත් මා ඒ වාර්තා ඉදිරිපත් කරනවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හෝ රාජ්‍ය රහස් පනත යටතේ මාව අත්අඩංගුවට ගෙන මාව වසර 14ක් සිරගත කිරිමට තිබෙන අවදානම ගැන අප ගැඹුරින් අධ්‍යයනය කරනවා.ජනතාවට ඇත්ත දැනගැනීමේ අයිතිය වෙනුවෙන්අපේ අවදානම ගන්න සූදානම්.

පාකිස්තානයේ ඉමිරාන්ඛාන් සිරගත වී සිටිමින් ඒ අයි තාක්ෂණය ඔස්සේ කටයුතු කර ආකාරයට අපත් සිරගෙදර සිටියත් නවීන තාක්ෂණය භාවිතා කර මෙම වාර්තා එළි දැක්වීමට විධිවිධාන සලස්වා තිබෙනවා යැය් ඒමහතා කීය.

 



අදහස් (30)

ගම්මන්පිල ජනපතිට අවසන් සිහිකැඳවීම කරයි

ණුවන් Sunday, 20 October 2024 04:39 PM

ඔට්ටුයි බෑ, මෙයා කරන්නෙත් බොරු රඟපෑමක්. පුළුවන් නම් ප්‍රසිද්ධ කරන්න...

:       170       86

ගමේ එකාලා Sunday, 20 October 2024 04:43 PM

පාස්කු ප්‍රහාරය එල්ලවන තැනට වැඩ සිද්ද කරලා බලයට ආවේ දූෂිත පවුල් පාලනේ අය. තමුන් ඒ ආණ්ඩුවේ ඇමැති වරයෙක් වෙලා හිටියා. තමුන්ට අවශ්‍ය දූෂිතයින් රැකගැනීම බව පැහැදිලියි. අවසන් සිහිකැඳවීම කරන්න වෙන්නේ තමුන්ට...

:       153       92

දයාSunday, 20 October 2024 11:13 PM

ඉතින් මොකා මොක එළියට දැමීමත් ඇයි ඔය හැටි කලබල...? වැරැදිනම් විඳවාවි නැතිනං...

:       0       4

Rata Perata Sunday, 20 October 2024 04:52 PM

මෙයා නම් අවුරුදු 14කට නෙවෙයි, 28 කට හරි ඇතුළට යවනවා නම් රටට සෙතක්...

:       146       120

Deshapriya Sunday, 20 October 2024 04:55 PM

ඔය වාර්තා අද ඊයේ නිකුත් කරපුවාද? ගෝටා, රනිල් ජනාධිපති කාලේ මේ යකා ලංකාවේ නෙවෙයිද හිටියේ..? මෙයාට සිහි විකල්වෙලා තියෙන්නේ අවස්ථාවාදී අය..

:       129       115

Buddika Sunday, 20 October 2024 05:08 PM

ගෙම්බන්ගේ අනවශ්‍ය පිම්බීම අවසානයට හේතුවක්. මේ කරන්නේ අනවශ්‍ය දේකට මිනිස්සුන්ගේ අවදානය අරගෙන මහමැතිවරණයේදී ඡන්ද ගන්න වැඩක්. කොහොම මොනව කළත් ගම්මන්පිල ඡන්දෙන් ඇපත් නැතිව පරාජයට පත්වීම ස්තිරයි. මේ මිනිහ කොන්දේසි විරහිතව රාජපක්ෂ වෙනුවෙන් කඩේ ගිය සුදු හුණු ගාපු මිනිහෙක්. මේ හදන්නේ ඉල්ලන් කෑමටයි...

:       102       86

විජිත් Sunday, 20 October 2024 05:09 PM

ඉතින් ඇයි හෙට උදේ 10 වෙනකම් බලාගෙන ඉන්නේ? දැන්මම ඔය කියන වාර්තා ප්‍රසිද්ධ කරන්නකෝ. ඔබ හිතන්නේ ඔබ කවුරු කියලද? හෙට උදේ 10ට ඔය කියන ඉලව් වාර්තා ප්‍රසිද්ධ නොකලොත් ඔබට සිදුවන දේ ඔබ දන්නවද? ඔය කියන වාර්තා බාරගත්ත රනිල් කියන ඩබල් ගේම් කාරයා කොහොමත් හෙට අනිද්දාම කුඩුවට යනවා. ඡන්දෙකට ළඟටම ආපුවාම ඔය වාර්තා එළියට දාන්න මොකද කලබලේ? කොහොමත් හෙට ඔබ විසින්ම ඔබගේ ඉරණම විසඳාගනියි...

:       86       74

සමන්ත Sunday, 20 October 2024 10:01 PM

රනිල් ඩබල් ගේම් ගහලා හරි ලංකාවේ ඉන්න අයට කන්න දෙනකොට..., ගෑස් ගෙනත් දෙනකොට ඔබලා පිටරට ඉඳලා සුරසැප වින්දා... දැන් රනිල් හිරේ දාන්න, පීඩිත පන්තියේ විමුක්තිය උදෙසා ණයට කහින්න හැදුවාට මොනවාද ඔය වාර්තාවේ තියෙන දේවල් දන්නවාද? ලබන මැයි මාසේ වෙද්දී රෙදි ගැලවෙන හැටි බලාගන්න පුළුවන්...!

:       4       2

රම්බොඩ Sunday, 20 October 2024 05:17 PM

වගකීම රහිතව ඉන්න කොටයි, වගකී⁣ම් සහිතව ඉන්නකොටයි හැම කෙනෙක්ම වෙනස් වෙනවා. ගම්මන්පිල මහතාට වෙලා තියෙන්නේ. වගකීම් රහිත වීම. ඒ නිසයි මේ කොහේද යන සර්පයෙක්ගේ වලිගෙන් අල්වාගෙන මේ හැටි දඟළන්නේ...!

:       78       57

යෝගා Sunday, 20 October 2024 05:25 PM

මේ වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න මෙච්චර පැකිලෙන්නේ පාස්කු ප්‍රහාරයට ජේවීපියේ ලොකු සම්බන්ධයක් තියෙන නිසාද? නැත්නම් තමන්ට හිතවත් කණ්‌ඩායමක් ආරක්ෂා කරන්නද?

:       44       177

lanka Sunday, 20 October 2024 05:33 PM

මේ වගේ උදවියගෙන් රටට වෙන හානිය ගණනය කරන්න කොමිසමක් පත් කරන්න....! 

:       96       50

Janthu Sunday, 20 October 2024 05:35 PM

මෙයානම් ළඟදීම හොඳම එකෙන් කනවා. ඔන්න කිව්වා කියලා හිතාගන්න...!

:       81       57

ජගත් ලියනගේ Sunday, 20 October 2024 05:37 PM

තප්පුලන්නේ ඕවා ඉදිරිපත් කරන්නකෝ. කයිවාරුව විතරයි. පුළුවන් නම් ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාස භංග චෝදනාවත් ඉදිරිපත් කරන්නකෝ මොකද වෙන්නේ කියලා බලන්න. විමල්-ගම්බන්පිල ඉන්න පක්ෂය මෙදා පාර අතුගාලාම දානවා, ඡන්ද දායකයෝ...!

:       70       54

ජයනාත් Sunday, 20 October 2024 05:41 PM

මේ මිනිහට ඕන ප්‍රසිද්ධිය. දැන් කට වරද්දාගෙන... රනිල් දෙපැත්තෙන්ම හිනාවෙනවා. ෂුවර් එකටම ඕක ප්‍රසිද්ධ කරපු ගමන් මෙයාට ජම්පරේ අඳින්න වෙනවා. ඇයි පහුගිය කාලේ මෙච්චර දැඟලුවේ නැත්තේ...

:       60       51

රකිත්Sunday, 20 October 2024 07:18 PM

ලැබුණාට පස්සේ නේද පිට කරන්න පුළුවන්. ඇයි ජනපති අනුර කුමාර දිසානායක ඔය වාර්තාව එළියට නොදී ඉන්නේ...!

:       9       114

sajith Sunday, 20 October 2024 05:50 PM

මෙච්චර කල් පොල් ගෑවද?

:       64       46

සුදේශ් Sunday, 20 October 2024 06:43 PM

මානසික රෝහලකට යවන්න ඕනේ...

:       58       39

අරවින්ද මොනරවිල Sunday, 20 October 2024 06:51 PM

හෙට ඔය වාර්තාව එළියට දැම්මත්, රාජ්‍ය රහස් එළි කිරීමේ චෝදනාවට තමුන්ව අත්අඩංගුවට ගන්නේ නොවැම්බර් 14යින් පස්සේ, ඒ නිසා රනිල්ගේ ලණු කාලා ඉල්ලාගෙන කන්න හදන්න එපා....!

:       54       29

ජගත් බන්ඩාර Sunday, 20 October 2024 07:42 PM

එල්ලෙන්න තැනක් නෑ.. කවුරුත් ගන් නෑ.. කිසි කෙනෙක් පිළිගන්නෙත් නෑ.. යන්න තියෙන්නේ හිරගේ ඇතුළට විතරයි.. ඒ නිසා උමතු රෝගයකින් පෙලෙනවා වෙන්න බැරිද?

:       42       35

Gamini Sunday, 20 October 2024 08:11 PM

නොවැම්බර් 24 න් පස්සේ ඔයා සිපිරිගෙයි තමයි ලගින්නේ... ඔයාගේ අවසාන කාලය...

:       37       35

සුරේන් මාලන් Sunday, 20 October 2024 08:39 PM

ඡන්දෙ දිනන්න විදිහක් නැති නිසා අවදානේ ගන්න කරන වැඩක්. ඇත්තටම හිරේ යන්න වුනොත් තමයි තෙරේන්නේ කරගත්තු ගොන්කමේ බරපතලකම...!

:       1       2

Supuna Tharaka Sunday, 20 October 2024 08:53 PM

මෙන්න මේ පිස්සව වාඩි කරවන්න.

:       0       0

පොඩිඑකා Sunday, 20 October 2024 08:54 PM

මේ රිලවා තනියම නටනවාද, නැත්නං කවුරු හරි පනික්කියෙක් නටවනවාද?

:       0       0

Saman Sunday, 20 October 2024 09:03 PM

මට අවධානය දෙන්නකෝ... නැත්නම් මන් කෑ ගහනවා..

:       0       0

රම්සි Sunday, 20 October 2024 09:18 PM

ජනාධිපතිතුමා හොද සිහියෙන්, තමුන්ගෙ සිහිය කැදවාගත්තනං හොදයි.

:       0       0

ජේලර් Sunday, 20 October 2024 09:27 PM

අත්අඩංගුවට ගන්නේ රාජ්‍ය රහස් පනත යටතේ නෙවෙයි, හොර ඇටෝනි බලපත්‍ර හදල කරපු ඔස්ට්‍රේලියානු පුරවැසියකුගේ දේපල වංචාවට.

:       0       1

Ravi Sunday, 20 October 2024 09:55 PM

බැලූ බැල්මටම පේනවා කවුරු වුනත් මෙම ජායාරුපයේ ඉන්න පුද්ගලයා මන්ද බුද්ධිකයි කියලා...!

:       1       2

Perera Monday, 21 October 2024 04:58 AM

අර අයගේ ඩිස්ලයික් කුලී හමුදාව ටක්කෙට වැඩ වගේ

:       5       5

Asanga thiththagalla gamage Monday, 21 October 2024 10:09 AM

කාදිනල් ගුඩ්ඩා. මේ සේරම ඒගොල්ලෝ දන්නවා. එයත් රඟපෑමක් කරන්නේ.

:       2       3

kumara Monday, 21 October 2024 10:54 AM

නුවණක්කාරයා අඩිය තියන්න බය තැන මෝඩයා බඩපිනුම් ගහනවලු...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site