IMG-LOGO

ගම්පොළ ඒ.ටී.එම් කැඩූ හත රඳවා ප්‍රශ්න කරන්න අවසර

(සුරංග රාජනායක)

ආයුධ සන්නද්ධව ගම්පොල නගරයේ පුද්ගලික බැංකුවකට කඩා වැදී එහි තිබූ රුපියල් හැත්තෑ හය ලක්ෂයක් අඩංගු මුදල් තැන්පතු යන්ත්‍රය පැහැර ගෙන ගිය හත්දෙනා  පැය 48 රඳවා ප්‍රශ්න කිරීමට  ගම්පොල ප්‍රධාන මහේස්ත්‍රාත් නාමල් පෙරේරා මහතා අද පොලිසිය අවසර දුන්නේය. 

සැකකරුවන් හත් දෙනා අතර එකම පවුලේ නිවුන්නු සහෝදරයන් සිවු දෙනකු ද සිටින බව පොලිසිය පවසයි .

කොල්ලකන ලද මුදල්වලින් රුපියල් 18,70,000ක් හා ඔවුන් එම මුදල්වලින් මිලදී ගත් වෑන් රථයක් යතුරුපැදියක් රන් මාල දෙකක් රන් මුදුවක් ජංගම දුරකථන තුනක් ඇතුළු භාණ්ඩ රැසක් ද සොයාගෙන ඇත .

සොරකම් කරණ ලද  යන්ත්‍රය ගලහා හාල්වත්ත ගල්වළක් ආසන්නයේ මීටර් සීයක් ප්‍රපාතයට දමා තිබී එය ද සොයාගෙන ඇත .

මේ සඳහා යොදාගත් පිස්තෝලය මෙහි ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී සොයාගෙන ඇති අතර එම ගිනි අවිය ඉකුත් අරගල සමයේදී පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්රි රහීම් මහතාගේ නිවස ගිනි තැබීමේදී සොරකම් කරණ ලද එකක් බව පොලිසිය පැවසීය .

අත්අඩංගුවට ගත් සැකකරුවන් හත් දෙනාගෙන් සිව්දෙනකු පුත්තලම වාන පාර පදිංචිකරුවන් වන අතර ඉතිරි තිදෙනා ගලහා දෙල්තොට ගේඩ්වැලිවත්ත පදිංචිකරුවන් ය.

පුත්තලමේ පදිංචිකරුවන් මුල් කාලයේ ගම්පොළ කහටපිටිය දේශයේ පදිංචිකරුවන් බවද හෙළි වී ඇත.

මෙම බැංකු මංකොල්ලය පසුගිය ජනවාරි මස 24 දින අලූයම එකට පමණ සිදුව තිබුණි මේ සඳහා පැමිණ තිබූ කේ.ඩී.එච්. වෑන් රථයක් හා රියදුරු අත්අඩංගුවට ගෙන තිබූ අතර පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ මෙම මංකොල්ලකරුවන් එම වෑන් රථය කුලී පදනම මත රැගෙන ඇති බවත් මෙම මංකොල්ලයට සම්බන්ධ නොමැති බවත් ය.

 



අදහස් (4)

ගම්පොළ ඒ.ටී.එම් කැඩූ හත රඳවා ප්‍රශ්න කරන්න අවසර

Kule Wednesday, 15 February 2023 08:31 PM

අරගලකරුවන්ගේ තවත් පැතිකඩක්

:       1       0

SL Wednesday, 15 February 2023 11:06 PM

පොලිසියට ප්‍රණාමය !!

:       0       0

Bamunuarachchi Thursday, 16 February 2023 03:48 AM

දෙරණ ප්‍රවෘර්ති වලට කියවුනේ මොවුන් රටේ ප්‍රධාන පෙලේ අන්තවාදී වාමාංශික පක්ෂයක සාමාජිකයින් බවයි

:       0       0

අමා Thursday, 16 February 2023 10:34 AM

ඔන්න අරගල කරුවන්ගෙ කෙරුවාව. මුල්ම කාලේ LTT එක අරමුදල් රැස්කලේ මෙහෙම තමයි. මේගොල්ලොත් එහෙමද දන්නෙ නෑ. රැස්වීම්වලට උනත් විශාල මුදල් ප්‍රමානයක් අවශ්‍යයිනෙ.

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 478 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 263 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site