(තිලකරත්න දිසානායක)
ගම්පහ නගරයේ පොදු වෙළඳපොළ ආශ්‍රිතව දින තුනක් තුළ කොවිඩ්-19 ආසාදිතයින් 58 දෙනෙකු හමුවීම හේතුවෙන් පවතින අවදානම සළකා නගරයේ කොටසක් සහ එම කොටසෙහි සියලුම වෙළඳසල් සහ ආයතන නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගෙන තිබේ.
අද (9) සවස පුරපති එරංග සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.
ගම්පහ නගරයේ දැඩි අවදානම් සහිත තත්ත්වයක් පවතින බැවින් හදිසි අවශ්‍යතාවයකට හැර නගරයට පැමිණීමෙන් වළකින ජනතාවට දැඩි ලෙස අවවාද කිරීමට සිදුව ඇති බව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නන්දන පතිරගේ මහතා මාධ්‍යයට පැවසීය.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පොදු වෙළඳ පොලෙහි වෙළඳුන්ට සිදු කළ රැපිඩ් ඇන්ටිජන් සහ පී.සී.ආර් පරීක්ෂණයට අනුව ඉකුත් 6 වෙනි දින සිට අද (9) වනවිට ආසාදිතයින් 58 දෙනෙකු හමුව ඇති බවත් තවත් පරීක්ෂණ වාර්තා ලැබීමට ඇති බවත් පතිරගේ මහතා සදහන් කළේය.
නගරයේ මහ වීදිය ඇතුළු පොදු වෙළඳ පොළ ඇතුළු ඒ අවට වෙළඳසල් 200 ක් පමණ සහ ආශ්‍රිත අතුරු මාර්ග වසා දැමීමට ගම්පහ මහ නගර සභාව මීට පෙර පියවර ගෙන තිබිණි.
නගර සභාවේ පැවති සාකච්ඡාවෙන් පසුව වෙළඳසල්වලට අමතරව එම ප්‍රදේශයේ ආයතන ද වසා දැමීමට තීරණය කළ බව ගම්පහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර මහතා පැවසීය.
පසුගිය ජනවාරි මාසයේ සිට ගම්පහ නගර සීමාවෙහි පවුල් 89 කට අයත් 223 දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයින් බවට හඳුනා ගනිමින් ප්‍රතිකාර පිණීස යොමු කර ඇති බවත් පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් අනිද්දා (11) දිනයේ නගරයේ වෙළෙඳසල් සහ ආයතනයන්හි කටයුතු කරන්නන් 1000 ක් පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කිරීමට පියවර ගන්නා බව පුරපති එරංග සේනානායක මහතා පැවසීය.
අද සවස පුරපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවට ගම්පහ දිස්ත්‍රික් වසංගත රෝග වෛද්‍ය ක්‍රිෂාන්ත සමරවීර, ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ, සහකාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පොලීසිය සහ නාගරික වෙළඳ සංගමයේ නියෝජිතයින් පිරිසක්ද එක්ව සිටියහ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ගම්පහ නගරයේ කොටසක් වහයි
Prasad Wednesday, 10 February 2021 01:29 AM
ගම්පහට සාපයක් ඵලදෙනවා.