
(අංජුල මහික වීරරත්න)
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ විධිවිධාන අනුව එම කොමිෂන් සභාව සාමාජිකයින් 8 දෙනෙකුගෙන් සමන්විත විය යුතුවේ.
එකී පනතේ 3(1) (අ) වගන්තිය අනුව ඉන් තිදෙනෙකු ප්‍රවාහන, ප්‍රතිපත්ති සැලසුම් හා මුදල් යන විෂය භාර අමාත්‍යාංශ නියෝජනය කරමින් නිල බලයෙන් පත් කරනු ලබයි.
එම පනතේ 3(1) (ආ) වගන්තියේ නිර්නායකයන්ට යටත්ව, අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව ප්‍රවාහන විෂය භාර අමාත්‍යවරයා විසින් සාමාජිකයින් පස්දෙනෙකු පත් කළ යුතුව ඇති අතර, ඔවුන්ගේ ධුර කාලය වසර 03 ක් වේ.
එසේම, 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ විධි විධාන පරිදි කොමිෂන් සභා සාමාජිකයින් අතුරින් විෂය භාර අමාත්‍යවරයා විසින් සභාපතිවරයා පත් කරනු ලැබිය යුතුය. ඒ අනුව, පනතේ 3(1) (ආ) වගන්තියේ විධිවිධාන පරිදි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සාමාජිකයින් ලෙස පහත සඳහන් තැනැත්තන් හතරදෙනා පත් කිරීමටත්, ඒ අතුරින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ලෙස ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතා පත් කිරීමටත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
* ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහනා - ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
* ඩබ්ලිව්. රවී ප්‍රසාද් මෙල් මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
* ආචාර්ය නාමලි තරංගා සිරිසෝම මහත්මිය ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‌ය
* ඒ. අයි. යු. පෙරේරා මහතා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගමනාගමන කොමිසමට සභාපති- අධ්‍යක්ෂ මණ්ඩලය පත් කරයි
janahitha uae Tuesday, 22 October 2024 01:01 PM
උගත් පිරිසක් ඉතාමත් හොදයි. පොහොට්ටුවේ බදු පටවන බිමින් යන දුම්රිය ආචාර්යවරයා මෙන් නොවේවා.
sugath Wednesday, 23 October 2024 01:20 AM
අපේ රටේ කාලයක පටන් සිදුවන තවත් විහිළුවක් තමයි මේ. විශ්ව විද්‍යාල ආචාර්යවරු වී විද්‍යාලවල උගන්වන්නේ නැතිව තනතුරු පස්සේ යාම....!