කොළඹ මහ නගර සභාවේ ගිනි නීවීම් සේවා හා ජීවීත ගලවා ගැනීමේ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කැරැණු ‘ගිනි නිවීමේ සතියට‘ සමගාමීව රාජ්‍ය ආයතන හා පෞද්ගලික කාර්යාල සේවකයින් දැනුම්වත් කිරීමේ ප්‍රායෝගික පුහුණුවක් කොළඹ කොටුව ලෝක වෙළද මධ්‍යස්ථානය ඉදිරිපිට අද පැවැත්විණි.
රාජකාරී ස්ථානයකදි හදිසියේ සිදුවන ගිනි ගැනීමක් නිවා දැමීමට ගත යුතු ක්‍රියා මාර්ග ,ගින්නෙන් ජීවීත ගලවා ගැනීමට භාවිතා කළ යුතු ක්‍රම වේද මෙන්ම ගිනි නීවීමේ උපකරණ භාවිතය පිළිබඳව මෙහිදී ගිනි නිවීමේ නිලධාරීන් විසින් කාර්යාල සේවකයින් දැනුම්වත් කරන ලදී.
ලෝක වෙළද මධ්‍යස්ථානය අවට බැංකු ,රාජ්‍ය ආයතන මෙන්ම පුද්ගලික ආයතන කිහිපයකම සේවකයෝ එම පුහුණුව ලැබුහ.
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගිනි නිවන හැටි උගනිති
සෑම් Saturday, 01 February 2014 03:10 AM
මීට වසර 25/30 කට පමණ පෙර වොක්ෂෝල් වීදියේ සතොස මෝටර්ස් හිදී ගිනි නිවීමේ පෙරහුරුවක් පැවැත්වුවා. ටයර් ගොඩකට ගිනි තබා එය නිවීම කලයුතු අකාරය පෙන්වීම තමා එහි අරමුණ . නමුත් එන්ජින් තෙල් , ඩීසල් ආදිය වැටී ඇති තාර පොලව ගිනිගෙන හතර අතටම ගිනිදැල් වේගයෙන් පැතිරෙද්දී ගිනි නිවන හමුදාවේ අය තමන් අත තිබු සිලින්ඩර් වලින් ඒක නිවන්න අසාර්ථක උත්සාහයක් ගත්තා. හොද වෙලාවට වාහන සර්විස් කරන තැන හිටපු සේවකයා හයි ප්‍රෙෂර් වතුර අල්ලලා ඒක පාලනය කලා. ගිනි නිවන හමුදාව තමුන්ගේ බඩුත් අකුලාගෙන හිමින්ම මාරු උනා. අපේ ගිනි නිවීමේ පාඩමත් එතනින් ඉවරයි.(නදී)
සත්‍යයා Saturday, 01 February 2014 03:45 AM
ගිනි නිවන මිනිසුන්ගේ ප්‍රමාණය ගිනි තියන මිනිසුන්ගේ අනුපාතය ට සාපේක්ෂව ඉතාමත් සුළුයි.(බඩ) ගින්නට පිදුරු දමන අය ගේ සාර්ථකත්වය සංවර්ධනයේ දර්ශකාංශ වලින් පැහැදිලිව පේනවා. (දී)
නදී Friday, 31 January 2014 06:16 PM
ඉතාම හොද හරිම අගය යුතු කළ යුතු වැඩක්.(දිල්)
රොෂාන් ප්‍රනාන්දු Friday, 31 January 2014 09:09 PM
හොද වැඩක් . නමුත් හැමදාම ඇත්ත ගින්නකදී කවුරුත් නැහැ අවට මිනිසුන් එකතුවෙලා තමයි ගින්න නිවන්නේ. (අ)
සෙන්තිලන්තන් Friday, 31 January 2014 09:22 PM
ගිනි නිවනවාට වඩා,ගින්දර ඇති කිරීමේ වැඩේනම් ඉක්මනටම ඉගෙන ගනීවී නේද? (අ)
කුමාර Friday, 31 January 2014 11:33 PM
ඉතා හොද වැඩක් ! මෙහි ව්ඩියෝ එකක් ජනතාව පෙන්නන්න. ඒ විතර නොවේ පෙට්‍රෝල් ගින්නකට co2 සහ ජලය යෙදු විට ගින්න පැතිරෙන ආකාරයත් පෙන්නන්න (දී)
සීල Friday, 31 January 2014 11:43 PM
මම හිතුව බඩගින්න කියාලවත්ද.? (දී)