(ගයාන් සූරියආරච්චි සහ මීරිගම පුෂ්පකුමාර මල්ලවාරච්චි)
මැතිවරණ රාජකාරියේ යෙදී සිටියදී භාරයේ තිබූ ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ 60 ක් රාජකාරී ස්ථානයේ දමාගිය කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
මෙසේ වැඩ තහනමට ලක්කර ඇත්තේ නිට්ටඹුව පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු බව පොලිසිය කියයි.
නිට්ටඹුව පොලිසියට අනුයුක්තව ගම්පහ උඩගහ වල්පොළ ඒකාබද්ධ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටියදී මෙම කොස්තාපල්වරයා වගකිවයුතු නිලධාරිකුට දැනුම් නොදී අවසරයකින් තොරව තම භාරයේ තිබූ ටී 56 ගිනි අවිය සහ උණ්ඩ රාජකාරී ස්ථානයේ දමාගොස් තිබූ බව පොලිසිය පවසයි.
අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී බී.සී. ප්‍රසාද් මහතා විසින් ඡන්ද රාජකාරි පරීක්ෂා කරන අවස්ථාවේදී මෙම කොස්තාපල්වරයා මෙසේ ගිනි අවිය සහ උණ්ඩ කිසිවකුට නොදන්වා රාජකාරී ස්ථානයේ දමාගොස් ඇති බව අනාවරණය කර ගෙන තිබුණි.
ඒ අනුව එම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් පෙරේදා (21) සිට රාජකාරී වැඩ තහනමට ලක්කළ බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය කියයි.
ගම්පහ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
781
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
380
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගිනිඅවියයි උණ්ඩ 60 ඡන්ද පොලේ දාලා ගිය කොස්තාපල්ට වැඩ වරදී