IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන් ආරම්භ කිරීමට සූදානම් බවත් ඊශ්‍රායලය අනතුරු අඟවා තිබේ.

හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහි යුද්ධයේ මීළඟ අදියර ඉක්මණින් ආරම්භ වීමට නියමිතයි යැයි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝවි ගැලට් පැහැදිලි කර ඇත්තේ උතුරු ඊශ්‍රායලයේ පළාත් පාලන නිලධාරීන් හමුවෙමිනි. 

ඊශ්‍රායලය ලෙබනනයට මායිම් වන්නේ උතුරු දෙසිනි. මේ වනවිට ඊශ්‍රායල ලෙබනන් දේශසීමාවේ ඊශ්‍රායල හමුදා බලඇණි ගොඩබිම් ප්‍රහාරයකට සුදානමින් සීරුවෙන් සිටින බව ද වාර්තා වේ.

මේ අතර ගතවුණු පැය 24 ක කාලයේ, ඊශ්‍රායල ගුවන් හමුදා ලෙබනනයට එල්ල කළ ප්‍රහාරවලින් ලෙබනන් වැසියන් 136 දෙනකු මියගිය බව ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඊට අමතරව මියගිය පිරිස අතරේ, පලස්තීන හමාස් සංවිධානයේ ලෙබනන් නායකයන් තිදෙනකු ද සිටින බව මේ වනවිට තහවුරු වී ඇත.

නොකඩවා එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ලෙබනනයට යෑමෙන් වළකින්නැයි රටවල් රැසක් ඔවුන්ගේ වැසියන්ට දැනුම් දී ඇති අතර, ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය ආදී රටවල් ලෙබනනයේ සිටින තම වැසියන් කඩිනමින් ගෙන්වා ගැනීමට ද කටයුතු කර තිබේ. ගුවන් යානා බොහොමයක් මේ වනවිට ලෙබනනයට යෑම නවතා දමා ඇතැයි ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 10 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site