පෞද්ගලික බස් රථයක් නවතා තිබූ කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් බස් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් 19 දෙනෙකු තුවාල ලබා රෝහල් කළ බව රක්වාන පොලිසිය කියයි.
අනතුරට පත් බස් රථයේ පිරිස මාතර හක්මන ප‍්‍රදේශයේ පදිංචි සිට අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගි වී නැවත මාතර ප‍්‍රදේශය දක්වා යමින් සිටියදී ගොඩකවෙල ගලහිටියේදී මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලැබූ පිරිස ගොඩකවෙල දිසා රෝහලට ඇතුලත් කර තිබේ. එම තුවාලකරුවන් අතරින් කාන්තාවක් හා පිරිමි පුද්ගලයන් පස් දෙනෙකු වැඩිදුර ප‍්‍රතිකාර සදහා කහවත්ත මූලික රෝහල වෙත මාරුකර යවා ඇති බව පොලිසිය කියයි.
මේ වනවිට ගොඩකවෙල දිසා රෝහලේ කාන්තාවන් එකොළොස් දෙනෙකු හා පිරිමි පුද්ගලයන් දෙනෙක් ප‍්‍රතිකාර ලබන බවත් ඒ අතර කුඩා ගැහැණු දරුවන් තිදෙනෙකු සිටින බව පොලිසිය කියයි.
තම රෝහලේ ප‍්‍රතිකාර ලබන තුවාල කරුවන් සියලු දෙනාම සුළු තුවාල සහිත අයවලුන් බවත් වෛද්‍ය පරීක්‍ෂණ කටයුතු කීපයක් සිදු කිරීම සදහා තුවාලකරුවන් හය දෙනෙකු කහවත්ත මූලික රෝහලට යොමු කළ බව රෝහල් ප‍්‍රකාශකයෙක් පැවැසීය.
රත්නපුර දෙස සිට පැමිණි බස් රථය නවතා තිබුණු කන්ටේනර් රථයේ පිටුපස ගැටීමත් සමග එම කන්ටේනර් රථය ඉදිරියේ නවතා තිබුණු තවත් කන්ටේනර් රථයක ගැටී නතර වී තිබුණු බව පොලිසිය කියයි.
වාහන අමතර කොටස් තොගයක් රැගත් කන්ටේනර් රථයක් ගලහිටිය ප‍්‍රදේශයේ කාර්මික දෝශයක් හේතුවෙන් නවතා තිබී ඇත. රත්නපුර දෙස සිට ඇඹිලිපිටිය දෙසට වෙනත් කන්ටේනර් රථයක් පැමින එම කන්ටේනර් රථය පිටුපස නතරකර තිබුණු අවස්ථාවක ඊයේ රාත්‍රියේ එම අනතුර සිදු වී ඇති බව පොලිසිය කියයි.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන
දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු
වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව
කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්
යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ගොඩකවෙලදී සිදු වූ අනතුරකින් 19 ක් රෝහලේ
sarath Friday, 24 May 2019 03:17 AM
රෑට පාරේ යන බොහොමයක ත්‍රී ව්හීල්, බස් , කොන්ටනේර් ,ලොරි බයිසිකල් වල පිටුපස ඇති ටේල් ලයිට් නැත , පොලිසියෙන් මේ ගැන ක්‍රියාමාර්ග ගන්නේ ද නැත. වෙන රට වලනම් වසරකට සැරයක් ලයිසන් අලුත් කිරීමට පෙර වාහන පරීක්ෂාවකින් වාහනයේ සියලුම අඩු පාඩු , සිග්නල් ලයිට් ,ටේල් ලයිට් ,ඇතුළු දා පරික්ෂාවකට ලක් කරනවා ලංකාවේ එහෙම වෙන්නේ නැත්තේ මොකද ? .ඇත්තටම පොලිසියෙන් බැලිය යුත්තේ මෙවැනි දේවල්.
jayath Friday, 24 May 2019 03:23 AM
මේ මංගල උත්සව වලට සහභාගී වෙච්ච වාහනම මෙච්චර හැප්පෙන්නේ මොකද? භූත දෝෂයක්ද? නැත්නම්..?
Rohana Friday, 24 May 2019 07:18 AM
මංගල උත්සවයක් නිසා පොඩ්ඩක් අරගෙන එලවන්න ඇති. එතකොට ඉදිරියේ ඇති වාහන පෙන්නේ නැහැ. නැත්නම් වේගය පාලනය කරගන්න බැරිවෙන්න ඇති.
Ranjan Friday, 24 May 2019 09:26 AM
මෙවැනි කාලකන්නි රියදුරන් ලෝකයේ වෙන කිසිම රටක නැහැ. කිසිම වගකීමක් නැතිව මහා වැඩ කාරයෝ වගේ වාහනය අතට ගත්තම පාරේ හැසිරෙන්නේ. මේ කිසිවකුට හරියාකාර දඬුවම් නැති නිසා දිනෙන් දින අනතුරු වැඩිවෙනවා..
Kriss Saturday, 25 May 2019 06:03 PM
බස්කාරයින් ගැන නම් කතා කරලා වැඩක් නෑ. බලපත්‍ර සහිත මිනීමරුවන් තමයි...