IMG-LOGO

ගෝඨාභය තායිලන්තයට

සිංගප්පූරුවේ රැඳී සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) තායිලන්තය බලා යෑමට නියමිත බව රොයිටර් පුවත් සේවය පවසයි.

ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කර ඇත්තේ, ගෝඨාභය රාජපක්ෂ මහතා, තාවකාලිව දින කීපයක් තායිලන්තයේ රැඳී සිටිනු ඇති බවය.

පසුගිය ජූලි 12 රාත්‍රියේ, ජනතා විරෝධතා හමුවේ ආගමන විගමන නිලධාරීන්ගේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ඔහුගේ බිරිද අයෝමා රාජපක්ෂ මහත්මිය සහ තවත් දෙදෙනෙක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් මාලදිවයින බලා පිටත්ව ගියහ.

ඉන් අනතුරුව, ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස, මාලේ අගනුවර සිට සිංගප්පූරුව බලා ගියේ සෞදි අරාබි ගුවන් සේවයට අයත් ගුවන් යානයකිනි.

ජූලි 14 වැනිදා සිට ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රැඳී සිටියේ අවස්ථා දෙකකදී සිංගප්පූරු රජයෙන් දින 14 බැගින් විසා අවසර ලබා දුන්නේය.

සිංගප්පූරු බලධාරීන් ගෝඨාභය රාජපක්ෂ මහතා ට ලබා දුන් වීසා කාලය අද (11) අවසන් වන අතර, ඔහු තායිලන්තය බලා පැමිණෙන්නේ ඒ අනුව බවත් රොයිටර් පුවත් සේවය පවසා තිබේ.

(රොයිටර් - 034)



අදහස් (19)

ගෝඨාභය තායිලන්තයට

fairoos Wednesday, 10 August 2022 02:34 PM

කොහෙන්ද එච්චර සල්ලි මෙයාට..? බංකොළොත් කරපු එකට කිසිම පරීක්ෂණයක් නැද්ද? 

:       15       33

BamunuarachchiThursday, 11 August 2022 07:25 AM

ථමන්ගෙ ඩෙ වට්ටල නොරටුන්ට විකුනන්න ඩගලන ඩගලිල්ලක්

:       0       1

පිටිගල මිලානෝ Wednesday, 10 August 2022 02:55 PM

සෞදි රට මේ වගේ ලෝකෙටම එපාවුණු රාජ්‍ය නායකයින්ට රැකවරණය දෙනවා. ඒ අය කළයුත්තේ ඉස්ලාම් ආගම වැළඳගෙන සරණාගතභාවය ඉල්ලීමයි. මෙයාටත් සුදුසුම විසඳුම මෙයයි...! 

:       12       33

යකාගෙ නීතියWednesday, 10 August 2022 04:40 PM

ඔන්න තවත් ඉතාලි සරණාගතයෙක් බෝට්ටුවකින් පැනලා ඉතාලියේ සරණාගත බාවය ලබල දැන් තව කෙනෙක්ට කියනව සරණාගතයලු.

:       6       6

Perera Wednesday, 10 August 2022 03:09 PM

අහිකුණ්ඨිකයෙක් ගාණට වැටිලා... කරලා තියෙන නොසණ්ඩාල වැඩවලට පවුමෙලොවදීම ගෙවිලා යන්න ඇහැකි වුණොත් හොඳයි...

:       13       32

Thilini Wednesday, 10 August 2022 03:36 PM

ඔහු ඔප්පුකලා ලෝකෙටම කිසිදු ත්‍රස්තවාදියෙක් මැරීමට අණ නොදුන් යුද අපරාධ කාරයෙකු නොවන බව.

:       5       18

senaWednesday, 10 August 2022 06:15 PM

ත්‍රස්තවාදීන් මරන්න එන දෙන්න ආරක්ෂක හමුදාවන්ගේ අණ දෙන්න ඕන නෑ. එයා ඉතින් හමුදාවෙන් අයින්වෙලා ගියානේ

:       5       5

siri Wednesday, 10 August 2022 04:03 PM

"අල්ලපු අත්තත් නෑ, පය ගහපු අත්තත් නෑ" කොහෙන්ද ඔය තරම් සවාරි යන්න සල්ලි හම්බ කෙරුවේ?

:       10       21

Hafeel Wednesday, 10 August 2022 05:16 PM

කළදේ පලදේ. වපුරපු එක තමයි නෙලන්නේත්.

:       9       13

sharm warn Wednesday, 10 August 2022 05:21 PM

අර පැරදිලා ගෙදර ඉන්න රවී කරුණානායක තමන්ගේ සල්ලිවලින්, හෙළිකොප්ටරයෙන් ගියා කියලා මෙතන හිටපු කට්ටිය. මේ ගුවන්ගමන්, ආරක්ෂකයින්ගේ වියදම්, නවාතැන් ගන්න හෝටල්වල බිල් ගැන එහෙම මොකද දන්නේ නැහැ කියන්නේ නෑ නේද?

:       0       0

SUNIL MILANO Wednesday, 10 August 2022 06:11 PM

සිංහල ජාතිය තරම් කෙළෙහිගුණ නොදන්න ජාතියක් ලෝකෙ කොහේවත් නැතිව ඇති

:       15       14

ganegodaWednesday, 10 August 2022 07:10 PM

කෙළෙහිගුණ දක්වන්න ඕනෙ ඒවා දන්න අයට රාජපක්ෂලාට නෙමෙයි

:       7       11

somasiriWednesday, 10 August 2022 07:16 PM

හතුරන්ගෙන් රට මුදවලා හතුරො කරපු දේවල්ම රට වැසියන්ට කරපුවහම ඔහොම වෙනවා. අපි දන්නවානේ රාජපක්ෂලාගේ අන්තිම දවස් ගතවුණ හැටි

:       5       11

බද්රානිWednesday, 10 August 2022 08:00 PM

සුනිල් මිලානෝලා වගේ ලාංකිකයෝද ඉතාලියේ ඉන්නේ? එහෙනම් ඉතින් ඉතාලියටත් දෙයියන්ගේම පිහිටයි. කොහෙද ඉතින් කොරෝනා වසංගත සමයේ ඔය නන්දසේන ජනාධිපති, රටත් වහගෙන ඉතාලියෙන් ලංකාවට පැමිණි ලාංකිකයින්ගෙන් නිරෝධායන මාෆියාව හරහා හිතමිතුරු හෝටල්කාරයින් ගසා කාපු ගානවත් හදාගන්න මොලයක් තියෙන්න එපැයි..?

:       0       0

සුජිත් පල්ලේවත්තWednesday, 10 August 2022 08:52 PM

අසිරිමත් ජාතියක මිනිස්සු ලක්ෂ 69ක් නෙමෙයි ලක්ෂ 220ක් හිටියත් වැඩක් නැහැ. ඊරිසියාව, මෝඩකම සහ කම්මැලි කම උතුරා ගිහින්.

:       0       0

Kumara Wednesday, 10 August 2022 07:36 PM

අනේ මෙහෙ නම් එන්න එපා.

:       0       0

soma Wednesday, 10 August 2022 07:38 PM

කෙලෙහිගුණ නොදත් ජාතියක්.... අනගාරික ධර්මපාලතුමාත් රට හැරගියේ ඒකලු...

:       0       0

විජිත් Wednesday, 10 August 2022 08:33 PM

සතියක් තායිලන්තයේ ඉඳලා ආයෙත් සැරයක් සිංගප්පුරුවට එයි. රටෙන් පිටවෙලා නැවත රටට අතුල් වුණාම තව සති 2ක් වීසාගන්න පුළුවන්. ප්‍රශ්නය එය නොවෙයි මේ හාදයාට මෙතරම් සල්ලි කොයින්ද...? සිංගප්පූරුවේ හිටපු හෝටලයේ මෙයා හිටපු කොටස රජවරු සඳහා වෙන්කළ කොටසක්... දවසකට අපේ සල්ලිවලින් ලක්ෂ 25ක් විතර වෙනවා කියලා තමයි බී.බී.සී වල වාර්තාවුනේ. ජනාධිපති කෙනෙකුට ලැබෙන වේතනය කීයද...? ( රුපියල් ලක්ෂ දෙකකට අඩුයි.) එහෙම නම් මේ සල්ලි කොයින්ද..? හොරාකාපුවා නොවෙයිද...? පොහොට්ටු බයියන් හිතන්නේ මේ හොරුන්ට උපතින්ම මුදල් ලැබිලා කියලා. මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි ...!!!

:       0       0

Nihal Wednesday, 10 August 2022 08:58 PM

තොප්පි කාරයෝ සහ එළඟි තෙල් කාරයෝ අපේ බෞද්ධ නායකයා එළෙව්වා. පෝලිම් නිසා 69 ලක්ෂය නිහඬ වුණා... අපි ගෝඨා ගෙනාවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 473 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 909 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site