IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කෝටි 200ක කුඩු සිද්ධියේ ධීවරයන් පස් දෙනා රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

රුපියල් කෝටි 200ක් පමණ වීදි වටිනාකමක් ඇති මත්කුඩු සමග දකුණු මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් ධීවරයන් පස් දෙනා  ලබන 6 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මිගාර මහාරච්චි මහතා අද නියෝග කළේය.

හෙරොයින් කිලෝග්‍රෑම් 21ක් සහ අයිස් කිලෝග්‍රෑම් 172ක් සමග අත්අඩංගුවට ගත් ධීවරයන් පස් දෙනාට මත්ද්‍රව්‍ය තොගේ ලබා දුන්නේ යැයි කියන ඩුබායිහී සැඟව සිටින අකිල සෙහාන් සහ ගන්දර පදිංචි සපුන් ටෙලාන් නමැති පුද්ගලයන් සැකකරුවන් ලෙස නම් කර ඉදිරියේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය අධිකරණයට වැඩිදුරටත් පැවසීය.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව දින හතක් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ රඳවා ප්‍රශ්න කළ නවෝත්, පුබුදු ,අදීශ ,ලක්ෂිත අවිශ්ක සහ සත්සර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ පොලිසිය විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරුවන් තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ඉල්ලා සිටියේය.

මත්ද්‍රව්‍ය ආනයනය කිරීම ජාවාරම් කිරීම හා සන්තකයේ තබා ගැනීම යන චෝදනා යටතේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

ගන්දර ප්‍රදේශයෙන් පසුගිය 09වනදා මුහුදු ගිය සැකකරුවන් පස් දෙනා පොරඋර 11ක බහාලු මත්ද්‍රව්‍ය තොගය සමග පසුගිය 23 දින දකුණු මුහුදු තීරයේදී නාවික හමුදාව  අත්අඩංගුවට ගත් බව පැවසූ පොලිසිය සැකකරුවන් රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඩුබායි රටේ සැඟව සිටින පුද්ගලයා ගැන හා ගන්දර ප්‍රදේශයේ සැකකරු ගැන තොරතුරු අනාවරණය වූ බව සඳහන් කළේය. ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරමින් එදිනට විමර්ශන ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.

 



අදහස් (0)

කෝටි 200ක කුඩු සිද්ධියේ ධීවරයන් පස් දෙනා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site