කොග්ගල කලපුවේ පරිසරය වෙනස්වීමෙන් එහි බහුලව සිටින මල් කොරළියා පුංචි වී ඇතැයි රුහුණ විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය තිලක් ගමගේ මහතා පවසයි.
කොග්ගල කලපුවේ ස්වභාවික වැලි වැටිය ඉවත්කිරීම නිසා මුහුදු ජලය කලපුවට එක්වීම මීට හේතුව බව ද මහාචාර්ය වරයා කියයි.
කලපුවේ ලවණ මට්ටම අතීතයේ ඒකක 15-24 ත් අතර අගයක් ගත් බවත් දැන් එය ඒකක 35ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් පවසන මහාචාර්ය ගමගේ මහතා කියනුයේලුණු ගතියේ බලපෑමෙන් මල් කොරළි කුරු වී ඇති බවයි.
සාමාන්‍යෙයන් වැඩුණු මල් කොරළියකු සෙන්ටිමීටර 24ක් දක්වා වර්ධනය වුව ද කොග්ගල කලපුවේ මුහුද ආසන්නයේ සිටින මල් කොරළි කුරු ස්වභාවයක් ගන්නා බව ද හෙතෙම පෙන්වා දෙයි. එසේ වුව ද කලපුව අභ්‍යන්තරයේ වඩාත් ගොඩබිම දෙසට ඇති ලවණතාවෙන් අඩු ප්‍රදේශවල සිටින කොරළි සාමාන්‍ය ලෙස වර්ධනය වන බව ද මහාචාර්යවරයා කියයි. ශ්‍රී ලංකාවට ආවේණික නොවන දේශීය මත්ස්‍යයකු වන මල් කොරළියා සත්ත්ව විද්‍යාත්මකව එට්ට්‍රෝප්ලස් සුරනෙන්සිස් ලෙස හදුන්වයි. ශ්‍රී ලාංකික විද්‍යාඥ රොහාන් පෙතියගොඩ මහතා පසුගිය කාලයේ කරන ලද පර්යේෂණයකින් පසු මේ මත්ස්‍ය විශේෂය සෙඩුයුට්‍රොප්ලස් සුරනෙන්සිස් යනුවෙන් හඳුන්වයි.


COMMENTS
දැන් මිනිස්සුත් ටිකෙන් ටික වඳවෙමින් ගල්යුගයට තමයි යන්නේ ! (නි)
කොරළියා පුංචි වෙලා කියන එකෙන් වැඩියෙන්ම පහර වදින්නේ කාටද? (නි)
බොහෝවිට බයිට් පිඟානෙන් අවසන් ගමන් යන කොරළියා දිග වුණත් කොට වුණත් ඒ ගැන බොහෝ අයට ගාණක් නොවේ (නි)
පරිසරය රැකගැනීමේ ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවේ මොනම දේශපාලන පක්ෂයකටවත් නැහැ. බොරු දේශපාලන න්‍යායන් ඉදිරියට දමාගෙන සමාජ හා ආර්ථික ක්‍රියාවලියේදී සැමටම සාධාරණය ඉටු කරනවා කියා වහසි බස් දෙඩවුවත් මිනිසුන් වූ අපව රකින පරිසරය ගහකොළ හා සතා සිව්පාවා රැකදෙන්න මේ කාටවත් ඕනෑකමක් නැහැ. (නි)
ඇයි මේ වැලි වැටිය ඉවත් කරලා තියෙන්නේ ? සංවර්ධන කටයුත්කටද? (නි)
මේක මල් කොරළියාට කරන ලොකු අසධාරණයක් (නි)
කුරුවීම,වදවීම දැන් ජීවීන්ගේ දැන් පොදු ලක්ෂණයක් වෙලා,කරන්න දෙයක් නැහැ ඔහොම යාං . (දී)
පුංචි වුණත් ලොකු වුණත් කොරලියාට වන යහපතක් නැත. මොකද ඌ මරාගෙන කන නිසා. කොරලියා තව කොච්චර කාලයක් ඉඳිද දන්නේ නැහැ. (නි)
ඔහොම යද්දී කොරළි නෙමෙයි මිනිසුන්ටත් ඉන්න හිටින්න තැනක් නැතිවෙයි. (නි)
පහුගිය කාලයේ ජල සම්පත් විකිණීමේ පනත සම්මත වුණා නම් මල් කොරළියා විතරක් නෙවෙයි මිනිසුන්ටත් මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)