(රෝෂන් තුෂාර)
හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ පුද්ගලික ලේකම්ව සිටි ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල ලබන 03 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද නියෝග කළාය.
දැනට රිමාන්ඩ් බාරයේ සිටින කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර යන අමාත්‍ය ධූරයන් දැරූ අවධියේ සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට ඥාතීන්, හිතවතුන් බඳවා ගනිමින් ඔවුන්ගෙන් කිසිදු රාජකාරියක් රජයට නොගෙන , එම තනතුරුවලට රජයේ මුදලින් වැටුප් ගෙවා එම මුදල් සිය දේශපාලන කටයුතුවලට යොදවා ගත්තේ යැයි කියන පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළාය.
පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සැකකරු අමාත්‍යවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට සේවකයන් බඳවා ගනිමින් ,ඔවුන්ට වැටුප් ලෙස රජයෙන් ගෙවූ මුදල් රුපියල් ලක්ෂ අසූවකට අධික මුදලක් සිය පුද්ගලික පරිහරණයට යොදා ගනිමින්,රජයට පාඩුවක් කළැයි අත්අඩංගුවට ගෙන අල්ලස් කොමිසම මගින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.
(ඡායාරූප -ජයමාල් චන්ද්‍රසිරි)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
කෙහෙළියගේ පුත් රමිත් රිමාන්ඩ්
විපරමා Wednesday, 21 May 2025 04:20 PM
බීලා වෙරි වෙලා ගුවන් යානයේ දොර අරින්ඩ ගිහින් මහා විනාශයක් කරන්ඩ හැදුවා. එවකට හිටපු නිමල් සිරිපාල කිව්වේ කොලු කමට කරපු වැඩක්ලූ.
අරවින්ද මොණරවිල Wednesday, 21 May 2025 04:27 PM
සාමාන්‍යයෙන් තාත්තලා පුතාලට උපදෙස් දෙන්නේ හොද මිනිහෙක් වෙයන් කියලා, හොරකම් කරන්න එපා. බොරු කියන්න එපා අනුන්ට කරදරයක් වෙන්න එපා කියලා ! ඒකට මේ දේශපාලන තාත්තලා උන්ගේ පුත්තු හදලා තියෙන්නේම හොරකමට දූෂණයට හා වංචාවලට පුරුදු පුහුණු කරලා.
Jagath Leanage Wednesday, 21 May 2025 04:29 PM
මොහු වරක් ගුවන්යානයකින් යනකොට, එකෙ දොරට මුත්‍ර කරා වගේ මතකයක් තියෙනවා.
පිටිගල මිලානෝ Wednesday, 21 May 2025 05:07 PM
වැලිකඩ පුංචි පාර්ලිමේන්තුවේ නවකයින්ටත් ඉඩ ලැබීම ගැන අපගේ බලවත් සතුට ප්‍රකාශ කරනවා… ජයවේවා…!
fairoos Wednesday, 21 May 2025 06:06 PM
ලංකාවේ බයියන්ට හොඳයි මෙවැනි ආණ්ඩු තමයි. කෝ අපේ ගුණරත්න ගොයියා...
ලොකු සිරා Wednesday, 21 May 2025 06:18 PM
කෙහෙල් ඇවරියම රිමාන්ඩ් වෙයි වගේ...!
සංකා Wednesday, 21 May 2025 06:31 PM
මේ පුතාට හොර තාත්තාගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිම වැඩක් නොකර ඉලක්කම් 5 ක වැටුපක් ලැබීම මොනතරම් වාසනාවක්? NPP බලයට පත් නොවුණා නම් මේ හිටපු හොර තක්කඩි ඇමැතියෝ මුළු රටම හොරා කාලා නැත්තටම නැති කරනවා.
රුවන් Wednesday, 21 May 2025 08:21 PM
SSC එකේ ක්‍රිකට් ගහන ගමන් රජයේ පඩි ගත්තේ කොහොමද? SSC, ජාතික කණ්ඩායමට ඔළුව දැම්මේ තාත්තා හින්දා තමයි.
සිරි Thursday, 22 May 2025 12:45 AM
අහස් යන්තරේ අරෙගන පනින්න ගියා වගේද මේ ජරමෙර්? කවුද හිතුවේ
pj Thursday, 22 May 2025 03:51 AM
මේ ලක්ෂ අසූව ගන්න ලක්ෂ කියක් වියදම් වේවිද...නඩු වාරයකට යන රජයේ බදු මුදල් වියදම ගැන නිකමටවත් හිතුවද.. අනෙක් රිමාන්ඩ් වියදම්.. බදු මුදලින් නොමිලේ කෑම වෙෙද්‍ය ප්‍රතිකාර...රට අන්දවනව කියන්නෙ මේවට. රට ගොඩ යයි ද..
Kavi Thursday, 22 May 2025 06:38 AM
රදල පවුලක් මෙසේ හොරා කාපු තරම් නම් , බ්‍යිසිකලේ ආපු මහින්නදයා කොහොම හොරා කන්න දා මන්දා මන්දා
ranjith Thursday, 22 May 2025 06:57 AM
සිවිල් ක්‍රියාකාරින් කීප දෙනෙක් මැදිහත් වෙලා කෙහෙළියට විරුද්ධව නඩු දුන්නේ නැත්නම් කෙහෙළිය තමාත් යහතින් ඉන්නවා .එක ඇමති කෙනෙකුට හරි දඩුවම් ලැබුණේ ඒ අය නිසා.
සාලිය Thursday, 22 May 2025 07:16 AM
උගෙ ඇගෙයි රටේ සාමාන්‍ය තරුනයින්ගෙ ඇගෙයි වෙනස, සමානාත්මතාවය කෙතරම් කඩ වෙලාද කියලා මැනවින් නිරූපණය කරනවා.
Lalla Thursday, 22 May 2025 08:06 AM
වරිගයේ ගති වැඩිදියුණු කල වරදට වන්දි ගෙවීම....
P.D Goonawardene Thursday, 22 May 2025 09:05 AM
කොහොමද කෑම.....
Jayasekara Thursday, 22 May 2025 09:38 AM
අප්පටයි පුතාටයි දෙන්න පුළුවන් උපරිම දඬුවම දිය යුතුයි... රට විනාශ කරපු හැතිකරයට