(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ත්‍රිපෝෂ සමාගම ළදරුවන් වෙනුවෙන් නිෂ්පාදනය කරන බිස්කට් පැකට් තුනක් පාර්ලිමේන්තු සභා ගර්භයට අද ( 4) රැගෙන ආ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එය තමා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දෙන බව පවසා සේවකයකු අත ඔහු වෙත යවනු දැකගත හැකිවිය.
මුලින්ම ඒ බිස්කට් පැකට් තුන සභාවට ප්‍රදර්ශනය කළ සෞඛ්‍ය අමාත්‍යවරයා " ත්‍රිපෝෂ සමාගම වහල කියලා විපක්ෂ නායකතුමා මීට කලින් මේ සභාවේදි කියලා තිබුණා. එහෙම දෙයක් නැහැ. ඒක වැඩ. මෙන්න ඒකේ ළදරුවන්ට ගහන බිස්කට්. ළදරුවකු නොවුණත් මම ඔබතුමාටත් ඒ බිස්කට් පැකට් තුනක් දෙනවා" යැයි පැවසුවේ මද සිනහවක්ද පාමිනි.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා එහිදී මෙසේද පැවසීය.
ත්‍රිපෝෂ කම්හල වහලා නෑ. ඔබතුමාට දීලා තියෙන්නේ වැරදි තොරතුරක්.( බිස්කට් පැකට් තුනක් පෙන්වමින් ) මේක දෙන්න ඕන ළදරුවන්ට. ළදරුවෙක් නොවුණට මම ළදරුවන්ට ගහන මේ බිස්කට් පැකට් තුනක් ඔබතුමාට දෙනවා. ඒක කාලා බලන්න. ඉතාම හොඳයි. ළදරුවන්ට පමණයි තියෙන්නෙ. ඒ වුණාට ඔබතුමාටත් කන්න පුළුවන්. මේක දැන් වෙළෙඳ පොළේ තියෙනවා. මේ බිස්කට් දිනකට දහදාහක් නිෂ්පාදනය කරනවා. ත්‍රිපෝෂ කම්හලේ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව සිද්ධ වෙනවා. කිසිම අඩුවක් වෙලා නැහැ.
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9
විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
පෞද්ගලික මන්ත්‍රී යෝජනා 5ක් පාර්ලිමේන්තුවේදි අද පස්වරැවේ සම්මත විය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කෙහෙළියගෙන් සජිත්ට බිස්කට් පැක්ට්ටුවක්
ගමේ එකාලා Wednesday, 04 October 2023 06:56 PM
බිස්කට් ලෝකෙටම පෙන්නලා පොරක් වෙන්ඩ හැදුවට වැඩක් නැහැ.ඉස්පිරිතාලවල අහින්සක ලෙඩ්ඩු බිල්ලට දීලා ?