IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


කුඩ්ඩෙක්ගේ මුදල් අයකැමි කෝටි දෙකක් සමග මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වාහන අලෙවිකරුවකු ලෙස පෙනී සිටිමින් විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ ප්‍රබල මත්ද්‍රව‍ය ජාවාරම්කරුවකුගේ මුදල් අය කැමි ලෙස කටයුතු කළ පුද්ගලයකු රුපියල් කෝටි දෙකකට අධික මුදලක් සහ ව්‍යාජ වාහන අංක තහඩු තොගයක් සහ ඊට අදාල ලිපි ලේඛන තොගයක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

එම සැකකරු සමග රුපියල් 22,085.,810/= , මුදල් ගණනය කිරීමට යොදාගන්නා නවීන යන්ත්‍රයක් , යම් අපරාද සඳහා යොදා ගැනීම සඳහා ව්‍යාජව සකසා සඟවාගෙන සිටි ලියාපදිංචි අංක තහඩු 20 ක් ආදායම් බලපත්‍ර 21 ක් රක්ෂණ සහතික 05 ක් , 9 එම් එම් ජිව උන්ඩ 01 ක් හා අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 12020 ක් පොලිස් භාරයට ගෙන ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසේ ඒකක හතර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල කාරියවසම් මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු පිළිබඳ සිදුකළ දීර්ඝ විමර්ශනයකදී ඔහුගේ මුදල් අය කැමි ලෙස කටයුතු කළ මෙම සැකකරු වත්තල හුණුපිටිය ගැමුණු මාවත ප්‍රදේශයේ නිවසක පදිංචිව සිට එම ජාවාරම් කුරුගේ මුදල් භාරකරු ලෙස කටයුතු කරන බවට ලද තොරතුරු අනුව නිවස වැටලූ බව පොලිසිය කියයි.

 



අදහස් (0)

කුඩ්ඩෙක්ගේ මුදල් අයකැමි කෝටි දෙකක් සමග මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 618 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17580 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site