IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කොළඹ - මහනුවර මාර්ගය විවෘත කිරීම යළි කල් යයි

(ශාන්ත පී බණ්ඩාර, චමිල් රූපසිංහ සහ චමින්ද වැව තැන්න)

කොළඹ මහනුවර මාර්ගය අද දහවල් 1.00 විවෘත කිරීමට තීරණය කළ ද ඉහළ කඳුකර ප්‍රදේශයට ඇද හැළෙන තද වර්ෂාව නිසා එම තීරණය වෙනස් කළ බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා  පවසයි.

නාය යාමේ අවදානමක් හේතුවෙන් ඊයේ පස්වරුවේ මෙම මාර්ගය වසා දැමූ අතර වර්ෂාව අඩු වූ නිසා එය අද දහවල් විවෘත කිරීමට තීරණය කර තිබුණි

පහළ කඩුගන්නාව ගල විදපු ස්ථානයට ආසන්න කන්දේ කොටසක් අධික වර්ෂාවත් සමඟ අස්ථාවර වී තිබෙන අතර එහි ඇති  පැලුම් කිහිපයක්තුළට ජලය ගමන් කිරීමෙන් මෙය සිදුව තිබෙන බවත් කන්ද මුදුනේ සිට පැමිණි ජල පහරක් පැල්මක් තුළට ඇතුවී පහළට පැමිණ තිබෙන බවත් එම පැලුම් කිහිපය වසා දැමීම මුලින්ම කළ යුතුව තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආසිරි කරුණාවර්ධන මහතා සදහන් කළේය.

පොළොව අභ්‍යන්තරයට ඇතුළු වී තිබෙන ජලය සමාන්තර නළ පද්ධතියක් උපයෝගි කරගෙන පිටතට ගැනීමට පියවර ගත යුතු බවත්මෙම නාය යෑම වලක්වා ගැනීම සඳහා ඉංජිනේරුමය ක්‍රමවේද භාවිත කරමින් දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවද ඒ මහතා කීය.

කදු සහිත ප්‍රදේශය නාය යෑමේ අවධානමක් පවතින බැවින් එය නැරඹීමට නොපැමිණෙන ලෙස ජනතාව ගෙන් ඉල්ලා සිටින බවත් කොළඹ මහනුවර වාහන ගමනා ගමනයට මින් සිදුව තිබෙන බලපෑම ඉවත් කිරීම සඳහා කඩිනමින් එක් මංතීරුවක් හෝ විවෘත කිරීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ඉල්ලා සිටියේය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ මත මෙම ස්ථානය ස්ථාවර කිරීමට අවශ්‍යය පියවර කඩිනමින් ගන්නා බවත් අදාළ ස්ථානයේ පවත්වා ගෙන යන පලතුරු වෙළෙඳ සැල් ඉවත් කර ගන්නා ලෙස වෙලද සැල් හිමියන්ට දැනුම් දී තිබෙන බවද කනක හේරත් මහතා කිය.

(ඡායාරූප:  චමිල් රූපසිංහ )



අදහස් (2)

කොළඹ - මහනුවර මාර්ගය විවෘත කිරීම යළි කල් යයි

Dolapihilla Thursday, 11 November 2021 03:54 PM

ගල විද්ද අය කොළඹට නම් එපා...

:       5       2

Anandajyararatne86gmil.com Friday, 12 November 2021 09:04 AM

එක් මන්තීරුවක් හරි විවෘත කරන්න. අපි වැඩට යන්නේ කොහොමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site