IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කොළඹ මහනුවර මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දමයි

(යොහාන් භාසුර සහ ශාන්ත පී බණ්ඩාර)

නායයෑමේ අවදානමකට පත්ව තිබෙන මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දැමීමට පියවර ගත් බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා පැවසීය.

කඩුගන්නවා ගල විදපු ස්ථානයේ නායයෑමේ අවධානමකට පත්ව ඇති බව පේරාදේණිය විශ්වවිද්‍යාලයේ විශේෂඥායින් කණ්ඩායමක් පෙන්වාදීමෙන් පසුව ජනතාවගේ ආරක්‍ෂාව පිළිබඳව අවදානය යොමු කර පාර වසා දැමීමට තීරණය කර තිබේ.

එම මාර්ගය භාවිත කරන පුද්ගලයන් සහ වාහන විකල්ප මාර්ග භාවිතා කිරීමට සිදුවන අතර නායයෑමේ අවදානමට පිළිබඳව ඒ සම්බන්ධ ආයතනවලින් සහ විශේෂඥායින්ගේ උපදෙස් ලබාගෙන ඉදිරි පියවර ගැනීමට නියමිතය.


(යොහාන් භාසුර)

කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය වසා දැමීමෙන් පසුව කොළඹට සහ මහනුවරට ළගා වීමට පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා පවසයි.

කොළඹ සිට මහනුවරට පැමිණෙන රථවාහන අඹේපුස්සට හරහා කුරුණෑගලට පැමිණ ගලගෙදර - කටුගස්තොට හරහා මහනුවරට, කෑගල්ල සිට පොල්ගහවෙලට පැමිණ කුරුණෑගලින් ගලගෙදර - කටුගස්තොට හරහා මහනුවරට, මාවනැල්ල සිට රඹුක්කන - හතරලියැද්ද - ගලගෙදර සහ කටුගස්තොට හරහා මහනුවරට සහ මාවනැල්ල සිට හෙම්මාතගමට පැමිණ ගම්පොල - පේරාදෙණිය හරහා මහනුවරට යන විකල්ප මාර්ග හරහා පැමිණිය හැකිය.

මහනුවර සිට කොළඹට පැමිණෙන රථවාහනවලට කටුගස්තොට ගලගෙදර සිට කුරුණෑගලට පැමිණ කොළඹට, කටුගස්තොට - ගලගෙදර - රඹුක්කනට හරහා කොළඹ  මහනුවර ප්‍රධාන මාර්ගයට පැමිණ කොළඹට විකල්ප මාර්ග භාවිතා කළ හැකි බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා පැවසීය.

 



අදහස් (7)

කොළඹ මහනුවර මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දමයි

saman Wednesday, 10 November 2021 08:24 PM

ලංකාව තේරුම් ගතයුතු කාරණයක් තමයි දැන් රටේ බහුතර කඳුකර ප්‍රදේශ අතිශය ජනාවාස කරණයකට ලක්වෙනවා කියන එක. මහනුවර අවට කඳු ගත්තොත් මීට දශකයකට දෙකකට පෙර ගස් කොළන් වලින් පිරිලා තිබුණු තැන් දැන් ගෙවල්වලින් පිරිලා. අපිට කොච්චර දුර මෙහෙම යන්න පුලුවනිද? පාලනයට එන පාර්ලිමේන්තුව රටේ ඉදිරිය ගැන කිසිම ගණනය කිරීමක් නොමැතිව ඔහේ ඉබාගාතේ යනවා... සහ ඔවුන්ගේ පුද්ගලික පරමාර්ථවලට මුල් තැන දෙමින් කටයුතු කරනවා. ඉස්සරහට මහනුවර කඳු මීට වඩා භයානක වෙයි. අපි දැන් ඉන්නේ එල්ලෙන කඳුවල...

:       3       42

RaveendraThursday, 11 November 2021 05:57 AM

ඔබගේ අදහස් " 1000%ක් " නිවැරදියි. හොඳම මෙන්ම ආසන්නම උදාහරණය තමයි හන්තාන කඳුවැටිය.."හන්තානට පායන සද ලස්සනයිද බලන්න" කරලා තිබෙන හානිය. පක්ෂ භේදයෙන් තොරව දේශපාලකයින් යනු උපන් දේශය ආරක්ෂා කරනවා නොව උපන් දේශය විනාශකරන මුග්ධයින් රැළකි.

:       0       0

asanka Wednesday, 10 November 2021 08:42 PM

ඔතන නාය ගියොත් නුවරට ගිහින් හමාරයි. දැන්වත් මධ්‍යම අධිවේගී මාර්ගය හරහා මහනුවරට පැමිණෙන මාර්ගය නිම කළ යුතුයි...

:       2       30

Jagath Thursday, 11 November 2021 07:29 AM

කොළඹ කට්ටිය සමච්චල් කළා නේද සුද්දා ගල විද්දේ නැත්තං නුවර කට්ටිය හමාරයි කියලා නේද.? දැන් පේනවා නේ පාරවල් තිබුණ මේ වගේ ඉස්සර ඉඳන් නුවර යන්න...

:       0       1

dakune api Thursday, 11 November 2021 09:13 AM

ඉංග්‍රීසි ,පෘතුගීසි ක්‍රමයන්ට පෙර මෙහි මාර්ග තිබුනේ නැහැලු .උඩ රට ආක්‍රමණයට අපහසු උනේ එම නිසාලු .නමුත් පාරවල් සොයාදී උඩ රට සතුරු හමුදා ගෙන්නුවෙත් අපේම සිංහලයින්. ඔහේ නාය ගියපුවාවේ ,ඔය මිනිස්සුන් ඉන්න කම් අපි නුවර එන්නේ නැහැ

:       0       0

kumari Thursday, 11 November 2021 10:50 AM

මහනුවරට යන්න පාරවල් තියෙනවා එත් ටිකක් දුරයි රඹුක්කන හතරලියද්ද පොත්තපිටිය පාර කඩුගන්නාව සිට නුවර දක්වා ඉන්න යට පහසු මාර්ගයයි එත් ඒ හැම පාරක්ම වැඩි වැඩියෙන් ජනාවාස තියෙන පැති . පරණ කාලේ අත්තලා මුත්තලා පරිසරයට කල ආලය දැන් ඉන්න අයට නැ කානු පද්ධති පිළිවෙලකට නැ කිසිම පාලනයකට යටත් නැ වගේ මධ්‍යම කඳුකරයේ පරිසර පද්ධතිය සුරැකිමට ලක්වුවේ නැති වුවොත් (ලංකාවේ හදවත ) ඉදිරියේදී මුළු ලංකාව ම අනතුරේ

:       0       4

වගීශ Thursday, 11 November 2021 10:51 AM

මේ අමන පාලකයන් කරන්නේ පීඩිත පන්තියේ සාමාන්‍ය ජනතාවට යන්න තියෙන සාමාන්‍ය මාර්ගය නාය ගැන සැක නොහිතෙන ලෙස කඩුගන්නාව හරියෙදි නාය යන්න සලස්වලා උන්ගේ හොරාකන අධිවේගය ඉක්මන් කොට ජනතාවහේ මුදල් ගසා කෑමටයි මේ සැරසෙන්නේ.. මේවාට අහුවෙන්නෙ වහල්ලු.

:       5       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site