IMG-LOGO

කොළඹ මැනිං වෙළඳපොළේ නාට්ටාමිවරුන් - යාචකයන් 20 කට කොරෝනා

(තිලකරත්න දිසානායක)

කොළඹ මැනිං වෙළඳපොළ ආශ්‍රිත නාට්ටාමිවරුන් සහ කොළඹ ප්‍රදේශයේ යාචකයින් පිරිසක්  නිරෝධායනය පිණිස වේයන්ගොඩ, පත්තලගෙදර ගුරු අභ්‍යාස විද්‍යාල පරිශ්‍රයෙහි සිටියදී ඉන් 20 දෙනෙකු, කොවිඩ් 19 ආසාදිතයින් බවට තහවුරු වී ඇතැයි ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා සදහන් කරයි.

එම පරිශ්‍රයෙහි නාට්ටාමිවරුන් 112 දෙනෙකු සහ යාචකයින් 8 දෙනෙකු නිරෝධානය පිනිස යොමු කිරීමට පියවර ගෙන ඇති බවත් මින් 20 දෙනෙකු මෙලෙස කොවිඩ් ආසාදිතයින් බව හදුනාගෙන ඇති බවත් අධ්‍යක්ෂවරයා පැවසීය.

මේ අතර අද (24) සවස 4.00 වනවිට ගතවූ පැය 24 කාලය තුල ගම්පහ දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 24 දෙනෙකු බව සදහන් කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා කියා සිටියේ, අද සවස වනවිට දෙවන රැල්ලේ  දිස්ත්‍රික්කයේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4949 දෙනෙකු වන බවය.

අද සවස වනවිට දිස්ත්‍රික්කයෙහි , සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ රෝහල් මගින් පී.සී.ආර් පරීක්ෂාවට  ලක් කර ඇති මුළු සංඛ්‍යාව 73,840 දෙනෙකි. 



අදහස් (0)

කොළඹ මැනිං වෙළඳපොළේ නාට්ටාමිවරුන් - යාචකයන් 20 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 481 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 642 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site