IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොළඹ ගම්පහ හැර අනෙකුත් දිස්ත්‍රීක්ක අතර බස් ධාවනය අඟහරුවාදා සිට

අනීෂා මානගේ

කොළඹ ගම්පහ දිස්ත්‍රීක්ක හැරුනුකොට අනෙකුත් සියලුම දිස්ත්‍රීක්ක අතර බස් රථ ධාවනයට අඟහරුවාදා (26) දින සිට අවස්ථාව හිමිවන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මෙසේ පැවසූයේ අඟුණකොළපෑලැස්ස නිවෙසේදී මාධ්‍ය වෙත අද අදහස් දක්වමිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීවේය.

'අඟහරුවාදා සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක හැරුනුකොට ලංකාවේ අනෙකුත් සියලුම ප්‍රදේශවල බස් ධාවනය අවසර ලැබෙනවා. ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස්රථවලට මෙන්ම පෞද්ගලික බස් රථවලටත් අවශ්‍ය සියලුම උපදෙස් ලබා දී තිබෙනවා. සෞඛ්‍ය අංශ ලබා දෙන විදි විධාන අනුව බස් රථ ධාවනය කරන්න අවසර ලැබෙනවා. ආසන ගණනට වඩා මගීන් ප්‍රවාහනය කරන්න අවසර දෙන්න බැහැ. අනාගතයේදීත් අපි බලාපොරොත්තු වෙන්නේ මෙම ක්‍රමයමයි.

බස් රථ මදි නම් අපි ගෙන්වනවා. ධාවනය කරන්නෙ නැති බස් රථත් අපි යොදවනවා. හැම මගියකුටම අයිතියක් තිබෙනවා බස් රථයකට නැග්ගාම වාඩිවෙලා යන්න. අපි ලබා දෙන්නේ ඒ අයිතියයි. කිසිදු ගාස්තු වැඩිවීමකටත් අපි ඉඩ ලබා දෙන්නෙ නැහැ.
දුම්රිය ගමනාගමනයේදී පෙර පරිදිම ලියාපදිංචි වූ අයට ප්‍රමුඛතාව ලබා දෙනවා. අනෙක් අයටත් පොදුවේ ගමන් කරන්න අවස්ථාව හිමිවෙනවා. ආසන ගණනට පමණක් මගීන්ට ගමන් කිරීමේ අවස්ථාව හිමිවෙනවා'



අදහස් (11)

කොළඹ ගම්පහ හැර අනෙකුත් දිස්ත්‍රීක්ක අතර බස් ධාවනය අඟහරුවාදා සිට

de silva Sunday, 24 May 2020 09:19 AM

බස්වල, ආසනවල වාඩිවෙලා ගමන් කරන්න ලියාපදිංචි වෙන්න ඕනේ නැහැ. නමුත් දුම්රියේ යන්න ලියාපදිංචි වෙන්න ඕනේ? මොකක්ද මේ තියරි එක? ලියාපදිංචි වෙලා යන මිනිසුන්න්ට කොරෝනා හැදෙන්නේ නැද්ද? ඕවා කියන්න ඔබතුමාගේ පළාතේ ගොඩේ බයියන්ට.., උගත් කමක් නැති මිනිස්සුන්ට භාරධුර ඇමතිකම් දීලා රටපාලනය කරන්න දුන්නාම ඔයවැනි විකාර වැඩ සිදුවේ. හමුදාපතිතුමා කියන පරිදි රටේ සාමාන්‍ය සමාජය තුළ කොරෝනා රෝගියෝ හමුවන්නේ නැත. කොරෝනා තිබෙන්නේ ආරක්ෂක අංශ සාමාජිකයන් අතරයි. එවැනි තත්වයක් තුළ හමුදා භටයින් ආරක්ෂාවට කියලා දුම්රියවල මගීන් සමග යැවීම සුදුසුයිද?

:       3738       1025

Anton AustriaSunday, 24 May 2020 11:22 AM

ඩී. සිල්වා ඔබ වැන්නන් නිසා තමයි ඉතාලිය ඇතුළු යුරෝපයට වැරදුනේ... අපේ රට යන ගමන හොඳයි ඔබ දන්නේ නැති දේවල් නොකියා ඉන්න..

:       532       2134

සමන්තSunday, 24 May 2020 12:35 PM

De silva ඔයා පැක්නිල් අධිමාත්‍රාවෙන් අරගෙන කියලා හිතෙනවා. කරුණාකරලා අංගොඩ මානසික රෝහලට ගිහිල්ලා ප්‍රථිකාර ගන්න. අපේ රටේ ආරක්ෂක අංශයේ නිලධාරීන් ගැන කිසිම දෙයක් කතා කරන්න එපා. ඒ දෙවිවරු... දුම්රියේ ආසන වෙන් කරන්නේ බස් රථයක් වගේ නොවන නිසා..

:       48       1708

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 24 May 2020 10:54 AM

සතුටට කරුණක්...! ඒත්, හිටගෙන සමහර මගින් එනවා. පොලීසියෙන් කරන්නේ ඒ මිනිසුන් ගමනේ අතරමගදී බස්සවන එක. කොන්දොස්තරටත්, රියැදුරාටත් බැනලා යවනවා. බසයට නැගලා ටිකට් ගත්තාම කොන්දොස්තරට ඒ මගියා බැස්සත් එකයි. නැතත් එකයි. ඔහුට මුදල් ලැබෙනවා. මගීන් හිටගෙන යනවා නම්, ඒ මිනිසුන්ව බස්සවන්න කොන්දොස්තරට බැරි ඇයි? ඔහු එසේ නොකරන්නේ ඔවුන්ගේ බාසාවෙන්ම කියනවා නම්, ගාන කපා ගන්නයි. එහෙම නැතිනම්, එ් වෙලේම පොලිසියට කියා බස්සවන්න පුළුවන්නේ. මම නං කියන්නේ අමතිතුමෝ, ඒ වගේ වෙලාවට කොන්දොස්තරට දඩ කොලයක් දුන්නොත් වැඩේ හරි.... ඒ මන්ද යත්, ඔහු හිටගෙන වුවත් මගීන් නොගෙනියන බැවිණි.

:       6       318

සමන්Sunday, 24 May 2020 12:39 PM

කොන්දොස්තරට සහ බස් රියදුරුටත් ඒ පිළිබඳව නීතිමය කටයුතු කරනවා.

:       5       51

කනිෂ්ක Sunday, 24 May 2020 11:01 AM

සමාජයේ කොරෝනා පැතිරෙන බවට වාර්තා වෙන්නේ නැතුව දැන් දවස් විසි ගණනක් වෙනවා. ඒ නිසා වෙන්නට ඕන, ආසන ගණනට දුම්රියෙන් යන්න ඉඩ දීලා තියෙන්නේ... හැබැයි සෞඛ්‍ය උපදෙස් නිසියාකාරව පිළිපදින්න ඕනෑ. ඒ අපේ පැත්තෙන්...

:       258       2104

Anton AustriaSunday, 24 May 2020 11:25 AM

කණිෂ්ක ඔබ හරි... ඔබ වැනි අය නිසා තමයි මගේ රටේ කොරෝනා නැති වුණේ... ඔබ වැන්නන් නම් අප රටට සම්පතක්... ඩී. සිල්වා වැනි අය හිතන්නේ රට විනාශ කරන්න කරත් වැරදි නොකරත් වැරදි ගණයේම තමයි..

:       524       2025

NamalSunday, 24 May 2020 01:55 PM

ඔයාගේ රට ඔස්ට්‍රියාව නෙවෙයිද?

:       8       30

Pk Sunday, 24 May 2020 01:32 PM

පුද්ගලික වාහනවලින් කොළඹ සිට පිට පළාත්වලට යා හැකිද? යන්න ගැන සඳහනක් නැද්ද?

:       0       0

බද්රානි Sunday, 24 May 2020 02:15 PM

කවුද කියන්නේ ලංකාවේ කොරෝනා හැදිලා මැරෙනවා කියලා. ලංකාවේ පැතිර යන්නේ මී උණ, ඡන්ද උණ... මූලික රෝග ලක්ෂණයක් ලෙස තියන අයට අනාගතයේදී කොරෝනා හැදෙන එක වෙනම දෙයක්... ඔය දිස්ත්‍රක්ක දෙකේ දිගටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන්න. මිනිස්සුන්ව කූඩු කරලාම තමයි තියන්න ඕනා. සත්තුන්ව හීලෑ කරගන්නවා වගේ තමයි මේ මිනිස්සුන්ව පාලනය කරන්න ඕනෑ. මේ අතර කප්පාදු කළයුතු අයත් ඉන්නවා. ඔවුන් පිළිබඳවත් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි...

:       0       49

සෙන්දේ Monday, 25 May 2020 06:47 AM

බැලුවෝ 1000ක් පමණ වෙද්දී කමෙන්ට්වලට ලයික් 3000ත් පනින්නේ කොහොමද? එක් අයෙකුට එක කොමෙන්ටුවකට එක් වරක් පමණක් ලයික් කිරීමට සීමා කරන්න..

:       4       51

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 358 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site