(නිමල කොඩිතුවක්කු)
ගතවූ පැය 24 තුළ දිවයිනට වාර්ථා වූ වැඩිම වර්ෂාපථනය වන මිලි මීටර් 174.6ක වර්ෂාපථනයක් දෙහිවල ප්‍රදේශයට වාර්ථා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹට මිලි මීටර් 162.5ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ හේතුවෙන් කොලඹ අවට ප්‍රදේශවල මාර්ග ජලයෙන් යටවීමෙන් ගමනා ගමනයටද බාධා එල්ල විය.
පාසල් සඳහා යන දරු දැරියන්, කාර්්‍යාල සඳහා යන පිරිස් සහ මගී ජනතාව මේ හේතුවෙන් දැඩි පීඩාවට පත්විය.
මෙයට අමතරව උඩුගම මි.මි 155, රත්මලාන මි.මි 155, කැටන්දොල මි.මි 152.3, මීගමුව මි. මි 145, කලුතර මි.මි 134, පොද්දිවෙල මි.මි 133.1, බණ්ඩාරගම මි.මි 132 ක් ලෙස ඉහළ වර්ෂාපතනයක් වාර්තා වී තිබුණි.
මේ අතර අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙෂත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
(ඡායාරූපය: හේමපාල ලියනගේ)

(ඡායාරූප: එච්.එම්.ධර්මපාල)

(ඡායාරූපය: ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

2025 දෙසැම්බර් මස 30
40
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොළඹට තද වැසි