IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කළුතර දිස්ත‍්‍රික් ක‍්‍රිකට් සංගම් නිලවරණය අතර මග නවතී

කළුතර දිස්ත‍්‍රික් ක‍්‍රිකට් සංගමයේ සාමාජික කී‍්‍රඩා සමාජ වල නියෝජිතයන් එහි වාර්ෂික මහා සභාව සහ නිලවරණය පැවැත්වීම සඳහා පෙරේදා (25) කළුතර නගර සභා ශාලාවට රැස්වූ නමුත් සංගමයේ ලේකම්වරයා ඇතුළු නිලධාරින් එහි ව්‍යවස්ථාවට පැටහැනිව කටයුතු කර ඇතැයි කියන චෝදනා නිසා නිලවරණය අතර මග නතර කරදැමීමට නිලවරණයේ තීරකවරයා ලෙස කටයුතු කළ නීතිඥ රොහාන් කුරේ මහතා තීරණය කළේය. මෙම නිලවරණය, සංගමයේ ව්‍යවස්ථාව අනුව පවත්වන ලෙස අධිකරණ නියෝගයක්ද නිකුත් කර තිබිණ. නිලවරණයේ තීරකවරයා ලෙස නීතිඥ රොහාන් කුරේ මහතාට අධිකරණය විසින් බලය පවරනු ලැබ තිබුණි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් ද අධීක්‍ෂණ නිලධාරියකු පත්කර සිටියේය. නීතිඥ රොහාන් කුරේ මහතා එහිදී සාමාජිකයන්ගෙන් ඉදිරිපත් වූ කරුණු පිළිබඳව අවධානය යොමු කර ව්‍යවස්ථාවට අනුව කටයුතු නොකිරීම නිසා නිලවරණය පැවැත්විය නොහැකි බවට තීරණ කර තිබේ. ව්‍යාජ ලේඛණ සකස් කර වෙනත් පුද්ගලයන් නිලවරණයට කැඳවීම, වාර්ෂික ගිණුම් වාර්තාවට විධායක කමිටුවේ අනුමැතිය ලබා නොගැනීම, ව්‍යවස්ථාවේ අටවැනි පිටුවේ 13 වැනි වගන්තිය ප‍්‍රකාරව මහා සභාවට අනිවාර්යෙන්ම ඉදිරිපත් කළ යුතු වාර්ෂික ප‍්‍රගති වාර්තාව ඉදිරිපත් නොකිරීම යන කරුණු මත ව්‍යවස්ථාව උල්ලංඝණය වී ඇතැයි එහිදී රැස්ව සිටි සාමාජිකයන් විරෝධය පළ කළ බව වාර්තා වේ. මහ සභාවේ වැඩ කටයුතු ආරම්භ කරමින් ලේකම් වරයා පසුගිය සභා වාර්තාව ඉදිරිපත් කිරීමට යෑමේදී විරෝධතා ඉදිරිපත් විය. ඕල්ඞ් ශ්‍රීපාලියන්ස් ක‍්‍රීඩා සමාජයෙන් නිලවරණයට සහභාගි වන නිලධාරින් පත්කිරීමට පිළිබඳව ගැටළු සහගත තත්ත්වයක් ඇති වූ බවත් එහිදී පැමිණ සිටි එම ක‍්‍රීඩා සමාජයේ නිලධාරීන් සභාවෙන් ඉවත් කර බවත් වාර්තා වේ. මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී කළුතර දිස්ත‍්‍රික් ක‍්‍රිකට් සංගමයේ ලෙක්ම් දුමිඳු හේමාල් මහතා පැවසුවේ අධිකරණ නියෝගයක් තිබීම හේතුවෙන් තමන්ට විධායක කමිටුව රැස්කළ නොහැකි බවත් අධිකරණ නියෝගය අනුව නිලවරණය පැවැත්වීමට කටයුතු කළ බවත්ය. මේ පිළිබඳව ‘ලංකාදීප’යට අදහස් දැක්වූ කළුතර නාගරික ක‍්‍රීඩා සමාජයේ ලේකම් වසන්ත ආරියවික‍්‍රම මහතා පැවසුවේ මහා සභාව සහ නිලවරණය, කළුතර දිස්ත‍්‍රික් ක‍්‍රිකට් සංගමයේ ව්‍යවස්ථාවට අනුව පවත්වන ලෙස අධිකරණ නියෝගයේ සඳහන් කර ඇති බවයි. ‘‘මෙම නිලධාරීන් වසර දෙකක් දිස්ති‍්‍රක් කි‍්‍රකට් සංගමය පාලනය කළා, ඔවුන් වාර්ෂික වාර්තා දෙකක් ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම ව්‍යවස්ථාවට අනුව සාමාජිකයන්ට යොමු කළ යුත්තේ විධායක කමිටුව සම්මත කළ ගිණුම් වාර්තායි. නමුත් මෙම නිලධාරීන් ව්‍යවස්ථාවට අනුව කටයුතු කර නෑ’’ යැයි ආරියවික‍්‍රම මහතා වැඩි දුරටත් පැවසීය. කඵතර දිස්ත‍්‍රික් ක‍්‍රිකට් සංගමයේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණයේදී සභාපති ධූරයට කීපවරක් ඉදිරිපත් වූ සුමිත් පෙරේරා මහතා කටයුතු කරයි.



අදහස් (0)

කළුතර දිස්ත‍්‍රික් ක‍්‍රිකට් සංගම් නිලවරණය අතර මග නවතී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 723 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site