IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


කළුතර දිස්ත්‍රික්කයේ 827ක් ස්වයං නිරෝධායනයේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
         
කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 13 තුළ කොරෝනා වසංගතය හේතුවෙන් පුද්ගලයින් 827 දෙනෙකු නිවෙස් තුළ නිරෝධායනයට ලක්කර ඇති බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ උදය රත්නායක මහතා පවසයි.
         
මේ වනවිට කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගත ආසාදිතයින් 13 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කය තුළින් හමුවී ඇති බවත්, එයින් 4 දෙනෙකු දිස්ත්‍රික් සෞඛ්‍ය‍ සේවා බල ප්‍රදේශයට අයත් බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පදිංචිකරුවන් බවත්, ඉතිරි 9 දෙනා ජා‍තික සෞඛ්‍ය සේවා බල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසා සිටී.
         
එසේම, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ අතරින් අගලවත්ත 17ක්, වාද්දුව 53ක්, ඉංගිරිය 31ක්, හොරණ 79ක්, මතුගම 53ක්, බණ්ඩාරගම 135ක්, බුලත්සිංහල 51ක්, වළල්ලාවිට 56ක්, පාලින්දනුවර 40ක්, දොඩංගොඩ 51ක්, මිල්ලනිය 30ක්, මදුරාවල 49ක් සහ පානදුර 119ක් ලෙසින් පුද්ගලයින් නිවෙස් තුළ නිරෝධායනයට ලක්කර ඇති බව උදය රත්නායක මහතා පවසන අතර, රජය මඟින් ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් සියල්ල නිසිලෙස පිළිපදින ලෙස ඔහු කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලා සිටී.



අදහස් (0)

කළුතර දිස්ත්‍රික්කයේ 827ක් ස්වයං නිරෝධායනයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 118 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 68 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 448 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site