IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කහ කිලෝ 807 ක් සමඟ 4 ක් නොරොච්චෝලෙන්-මන්නාරමෙන් අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

මුහුදු මගින්  නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත් තිබු  වියලි කහ කිලෝ 807කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙක් නොරොච්චෝලේ දලුව සහ මන්නාරම වංකාලේ යන වෙරළ තීරයන්හීදී  අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.

 
සැකකරුවන් සමග ඩිංගි යාත්‍රා දෙකක් ද නාවික හමුදා බාරයට ගෙන ඇත.
 
වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ පස්වරුවේ  (18) නොරොච්චෝලේ දළුව වෙරළ තීරයේ සිදු කළවිශේෂ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ඩිංගි යාත්‍රා දෙකක් තුළ සඟවා මෙරටට ගෙන රැගෙන විත් තිබු කහ කිලෝ 700 ට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගත් බවද නාවික හමුදාව පවසයි.
 
 උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා සාමාජිකයන් පිරිසක් මන්නාරම වංකාලේ වෙරළ ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී වෙරළට ගොඩගසා තිබූ ගෝනි මළු දෙකක තිබී  තෙත බර සහිත කහ කැබලි  කිලෝග්‍රෑම් 107 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගන්නා ගෙන ඇත.
 
කිසියම්  පිරිසක් මුහුදු මගින් මෙම සහ රැගෙනවිත් වෙරළේ සගවන්නට ඇති බව නාවික හමුදාව සැකකරයි.
 
නොරොච්චෝලේ දලුව සහ මන්නාරම වංකාලේ යන ප්‍රදේශයන්හීදී නාවික හමුදා භාරයට ගන්නා ලද   සැකකරුවන් සහ භාණ්ඩ ඉදිරි නීතිමය කටයුතු සඳහා සින්නපාඩු සහ යාපනය රේගු කාර්යාලයන් වෙත බාර දී ඇත.
 
නාවික හමුදාව විසින් පසුගිය සති තුනක (03) කාලය තුළ  අවස්ථා කිහිපයකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ  වියලි කහ කිලෝ 8245 කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගන්නා ගත් බව නාවික හමුදාව සඳහන් කරයි.

(ඡායාරූප - රොමේෂ් මධුෂංක)



අදහස් (3)

කහ කිලෝ 807 ක් සමඟ 4 ක් නොරොච්චෝලෙන්-මන්නාරමෙන් අත්අඩංගුවට

ridma Wednesday, 19 August 2020 07:49 AM

මේ හොර කහ තොගයත් එක්ක තව මොන මොන වසංගත අපේ රටට ගේනවද කියලා කවුද දන්නේ...? සමහරවිට මෙවැනි උපායන් ජාතියක් විනාශ කරන්නත් යොදාගන්න පුළුවන් නේද? ධීවරයෝ වගේ වෙස් වලාගෙන ඉන්න.., දූෂිතයන්ගෙන් ප්‍රවේසම් වෙන්න...!!!

:       15       24

බද්රානි Wednesday, 19 August 2020 08:56 AM

අදූරදර්ශී අඥාන පාලකයින්ගේ මෝඩ තීන්දු තීරණ නිසා දැන් කහකුඩුත් හොරෙන් ගේන්න සිදුවෙලයි තියෙන්නේ... දේශීය නිෂ්පාදන වෙළඳපලට ආපසුවයි පිටරටින් ආනයනය නවත්වන්න ඕනෑ. වෙළඳපලේ භාණ්ඩ හිඟයක් ඇති කිරීමෙන් සිදුවෙන්නේ හොර තක්කඩින්ගේ ගොදුරක් බවට පාරිභෝගිකයා පත්වීමයි. අවසානයේ රජයට බදු ආදායමත් අහිමි වෙනවා. මොනවා කරන්නද? අපේ රටේ උගතුන් යයි කියාගන්නා රාජ්‍ය නිලධාරීන්ගේ හා පාලකයින්ගේ මහලොකු කෙරුවාව තමයි මේ..!!!

:       0       915

සිරිපාල Wednesday, 19 August 2020 09:17 AM

රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හරහා මෙම කහ ළඟදීම ඔබටත් ලබාගත හැක.

:       0       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site