(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
අප්‍රිකානු රටවල සේවයට යෑමේ බලාපොරොත්තුවෙන් සිටින 5000කට ආසන්න පිරිසක් කහ උණ සඳහා එන්නත නොමැතිව ලොකු ගැටලුවකට මුහුණදී සිටින බව වාර්තා වේ.
කහ උණ සඳහා එන්නත ලබා ගැනීමේ පෝලිම මේ හේතුවෙන් දිනෙන් දින දිගු වෙමින් පවතින බව සෞඛ්‍ය ආරංචි මාර්ගවලින් පැවසේ.
අප්‍රිකානු රටවලට යන අය සෞඛ්‍ය හේතු මත මෙම එන්නත අනිවාර්යෙන්ම ලබාගැනීම අත්‍යවශ්‍ය වෙයි.
මේ සම්බන්ධයෙන් අප සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහත්තයාගෙන් කළ විමසුමකදී ඔහු පැවසූවේ එම එන්නත් 7500ක් ඇණවුම් කර ඇතත් සැපයුම්කරුවන් තවමත් ඉදිරිපත්ව නැති බවයි.
ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ එම එන්නත් තුන්දාහක් පමණ ළගදීම පැමිණීමට නියමිතව ඇතැයිද ඔහු සඳහන් කළේය.
මේඅතර ඩොලර් ගේන්න යෑමට බලාපොරොත්තුවෙන් සිටින දරුවන් සහතික තියාගෙන කහ උණ එන්නත නොමැතිව බලා සිටින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයට එන්නත ගෙන්වීමට වැඩපිළිවෙලක් නැති බවත් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා චෝදනා කළේය.
තත්වයෙන් අසමත් ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොග පිටින් ඇතැයිද ඔහු සඳහන් කළේය.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
කහ උණ එන්නත නැතිව 5000ක් පෝලිමේ
Pradeep Saturday, 09 September 2023 09:30 PM
සෝමාලියාව වගේ දැන් ලංකාවත්... හරිම දුකයි.