IMG-LOGO

2025 මැයි මස 31 වන සෙනසුරාදා


කහ ආනයන තහනම තවමත්

(ඩයනා උදයංගනී)

කහ ආනයන තහනම ඉවත් කර නැතැයි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.එම තහනම ඉවත් කර ඇති බවට පළවන වාර්තාවල කිසිම සත්‍යතාවයක් නැතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.

එසේ වුවත් කහ ආනයනය සම්බන්ධයෙන් රජයෙන් පනවන ලද සීමා හේතුවෙන්, අපනයන අවශ්‍යතා සඳහා කහ ආනයනය කෙරෙන ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයින් හා සමාගම් ගැටලුවලට මුහුණ පා ඇති බවත්, ඔවුන් එම ගැටලු පිළිබඳව තමා සමඟ සාකච්ඡා කළ බවත් අමාත්‍යවරයා කීවේය.

ඒ අනුව සාමාන්‍ය වෙළඳපොළ අවශ්‍යතා සඳහා නොව අපනයන අවශ්‍යතා සඳහා පමණක් පිටරටින් කහ ආනයනය කිරීමට හැකි පරිදි ආනයන සීමා යම්තාක් දුරට ලිහිල් කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනා කිරීමට බලාපොරොත්තු වන බව කී අමාත්‍යවරයා ඒ අනුව ඉදිරි පියවර ගන්නා බව ද ප්‍රකාශ කළේය.



අදහස් (4)

කහ ආනයන තහනම තවමත්

de silva Sunday, 23 August 2020 01:22 PM

හොද්දකට දාන්න කහ ටිකක් නැහැ. කහ කියන්නේ සුකොපභෝගී භාණ්ඩයක් නොවේ.

:       1       3

samMonday, 24 August 2020 08:43 AM

කහ ලංකාවේ ඕනතැනක වැවෙනවා. පෝච්චියක පැළයක් හිටවා ගන්න. කහ කියන්නේ විටමින් නෙමෙයි. විස හරණයටයි, පාට ගන්නයි හොඳයි.

:       0       0

suran Monday, 24 August 2020 06:57 AM

මෙහෙම තියෙන්න ඕනේ ලංකාවේ මිනිසුන් වවලා ගන්න පුරුදු වෙනකම්...

:       0       0

නයනා Monday, 24 August 2020 08:37 AM

අපේ තරුණ පරපුර විනාශ කරන මේ කහකුඩු වසංගතය පිටුදකිමු.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 114 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 265 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 580 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site