
(රෝෂන් තුෂාර)
කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කළේ යැයි කියන කොළඹ පුද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරි සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණ වෙල මහතා අද (09) නියෝග කළේය.
හිටපු ගුවන් හමුදා සෙබලෙකු යැයි කියන ගාල්ල පුහුල්හේනේ පදිංචි ඒ .එච්.ඒ ගුණවර්ධන නැමති සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
ඉකුත් 07 දින කොළඹ ටෙක්නිකල් හන්දියේදී ඉන්ද්‍රාණී මල්කාන්ති නැමැති 32 හැවිරිදි කාන්තාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සැකකරුව ඊයේ (08) අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද කෙසෙල් වත්ත පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළේය.
2025 දෙසැම්බර් මස 30
47
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කෙසෙල්වත්ත කාන්තා ඝාතනයේ සැකකරු රිමාන්ඩ්