තමන්ට එරෙහිව පනවා තිබෙන තරග තහනම ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ හිටපු නායකයකු වන කසුන් ජයසූරිය කළ ඉල්ලීමක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබ ඇත. පාපන්දු සම්මේලනයේ විධායක සභාව ඉකුත්දා රැස්වූ අවස්ථාවේදී කසුන්ගේ ඉල්ලීම ඉවත දැමීමට තීරණය කර ඇත. එහිදී කී‍්‍රඩා සමාජ පාපන්දු පුහුණුකරුවන් දෙදෙනකුට හා තවත් කී‍්‍රඩකයකුට විනය කඩ කිරීමේ චෝදනා මත දඬුවම් පැමිණවීමටත් තීරණය කර තිබේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් කසුන් ජයසූරියට එරෙහිව වසර පහක තරග තහනමක් පනවා ඇත්තේ ශ්‍රී ලංකාව සහභාගිවූ තරග පාවාදීමේ චෝදනාවට වැරැදිකරු කරමිනි. මේ වනවිට වසර දෙකක තහනමක් ගෙවා තිබෙන ඔහු පාපන්දු සම්මේලනයට ලිපියක් යොමු කරමින් ප‍්‍රකාශ කර ඇත්තේ වැරැද්දක් වූයේ නම් ඊට සමාව ගැනීමට තමා සූදානම් බවත් එය සලකා තමන්ගේ තරග තහනම ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත්ය. එහෙත් පාපන්දු සම්මේලනය එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමින් දැනුම්දී ඇත්තේ තහනම ගෙවෙන තුරු ඔහුට පාපන්දු සම්මේලනය සංවිධානය කරන කිසිදු තරගාවලියකට සහභාගිවිය නොහැකි බවය. කෙසේ වුවත් ඔහු රැකියාව කරන ආයතනය නියෝජනය කරමින් රාජ්‍ය සේවා පාපන්දු තරගාවලියට පමණක් සහභාගිවීමට ඔහුට අවසර දීමට පාපන්දු විධායක සභාව කැමැත්ත පළකර තිබේ. මේ අතර තරග අවස්ථාලදී විනිසුරුවන් සමග මතභේද ඇති කර ගනිමින් ඔවුන්ට බැණ වැදුණු බව කියන සෝන්ඩර්ස් කී‍්‍රඩා සමාජයේ පුහුණුකරු මංජුල සිරිසේන හා කළුතර පාක් කී‍්‍රඩා සමාජයේ පුහුණුකරු බන්දුල සිල්වා යන මහත්වරුන්ට වසරක කාලයක් පුහුණුකරු තනතුරු දැරීම තහනම් කරමින් පාපන්දු සම්මේලනයේ විධායක සභාව නියෝග නිකුත් කර තිබේ. එහිදී කළුතර පාක් කණ්ඩායමේ කී‍්‍රඩකයකුටද විනය විරෝධි හැසිරීමේ චෝදනා මත වසරක තරග තහනමක් පනවා තිබේ. කසුන් ජයසූරිය ඇතුළු ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ කී‍්‍රඩකයන් පස් දෙනකුට තරග පාවාදීමේ චෝදනා මත පාපන්දු සම්මේලනය තරග තහනමක් පනවන ලදී. එහෙත් ඊ. බී. චන්න, සදීශ් කුමාර්, අසංග විරාජ් සහ මධුෂ්ක පීරිස් යන කී‍්‍රඩකයන්ට බලපැවැත්වෙන්නේ වසර දෙකක තහනමක් පමණි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
කසුන්ගේ අභියාචනය ඉවතට