(ගයාන් සූරියආරච්චි)
බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අභයපුර අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි උඩමළුව පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකි.
සැකකාර කොස්තාපල්වරයා ඊයේ (1) බීමතින් නිවෙසට පැමිණ අනුරාධපුර පොලිස් ස්ථානයට අනුයුක්ත කොස්තාපල්වරියක වන ඔහුගේ බිරියට පහරදී තුවාල සිදුකර ඇති බව පොලිසිය පවසයි.
පසුව සැකකරු බිරියගේ පියාගේ පදිංචි නිවෙසට ඇතුළු වී ඔහුගේ නිවෙසේ තිබූ රුපියල් 700,000 ක් පමණ වටිනා දේපොළවලට හානි කර ඇති බව පොලිසිය කියයි.
සැකකාර කොස්තාපල්වරයාගේ බිරිය සහ මාමණ්ඩිය විසින් අනුරාධපුර පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අනුරාධපුර දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටී.පී. හේවාපතිරණ මහතාගේ උපදෙස් පරිදි අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
2025 දෙසැම්බර් මස 30
99
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
de silva Wednesday, 02 October 2024 03:36 PM
පොලිස් කාරයෝ කොහොමත් වැඩිපුර ගහන්නේ අනුන්ගේ බිරිඳන්ට මිසක් තමන්ගේ බිරිඳට නොවේ...