
(ටී.කේ.ජී.කපිල )
රෝද පුටුවක ගමන් කරමින් කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට යාමට තැත් කළ ගුවන් වයෝවෘද්ධ මගියෙකු , රුපියල් කෝටි හතරක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු කොළඹ - 10 , මරදාන ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකි .
ඔහු රෝද පුටුවක වාඩිවී , ශ්‍රී ලන්කන් සහායක නිලධාරිවරයෙකු විසින් ගුවන් තොටුපොළ රේගු පරිශ්‍රයේ හරිත මාවත ඔස්සේ තල්ලු කර ගෙන යමින් සිටියදී , ඔහුගේ සිරුරේ පිටුපස කොටසෙහි රදවා ගෙන තිබූ '' බැක් පැක් " ගමන් මල්ල තුළ , මෙම කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05 ක ප්‍රමාණය සගවා ගෙන සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මෙසේ අත් අඩංගුවට ගත් ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ කුෂ් මත්ද්‍රව්‍ය තොගය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දීමට පියවර ගෙන තිබේ .
2025 දෙසැම්බර් මස 18
679
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘කුෂ්‘ සමඟ ගුවන් මගියා අත්අඩංගුවට
nimal Sunday, 10 November 2024 12:13 PM
කරුණාකර මේ අයගේ නම් සහ ආගම හෙළි කරන්න. එතකොට අපි දන්නවා කවුද මේ ක්‍රියාකාරකම් පිටුපස ඉන්නේ කියලා. කොළඹ 10 කියන්නේ? වෙන කවුද?