(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට නව තාක්ෂණය හඳුන්වා දීම සඳහා ක්‍රියාත්මක කර තිබෙන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය සඳහා ලබාදෙන ආධාර තවත් මාස 18ක් දක්වා දීර්ඝ කිරීමට ලෝක බැංකුව එකඟතාවය පළ කර ඇත.
මෙරටට ලෝක බැංකු නියෝජිත පිරිසේ කණ්ඩායම් නායක John Kayser, කෘෂි විද්‍යාඥ Karishma Wash සහ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් නිලධාරී අසේල දිසානායක ඇතුළු නියෝජිත පිරිස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ අදාල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කරනු කළේය.
මෙම කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මඟින් දැනට විශාල කාර්යභාරයක් ඉටුවන නිසා එම ව්‍යාපෘතිය තවදුරටත් රටට ලබාදෙන ලෙස අමාත්‍යවරයා ලෝක බැංකු නියෝජිත පිරිසගෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව මෙම වර්ෂයේ මැයි මස සිට තවත් මාස 18ක් ඉදිරියට මෙම ව්‍යාපෘතිය පවත්වාගෙන යාම සඳහා ඇමරිකා ඩොලර් මිලියන 30ක මුදලක් ලබාදීමට ලෝක බැංකු නියෝජිත පිරිසක් එකඟතාවය පළ කළේය.
මෙහිදී අදහස් පළ කළ ලෝක බැංකු නියෝජිත පිරිසේ කණ්ඩායම් නායක John Kayser මහතා ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය වෙනුවට නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් කෘෂි නිෂ්පාදන ඉහළ නැංවීමට තම සහයෝගය උපරිමයෙන් ලබාදෙන බව කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කෘෂි ව්‍යාපෘතියට දෙන ආධාර දීර්ඝ කරයි