IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කෘෂි ඇමැති කුලී ගොඩනැගිල්ල ගැන කියයි

කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් කුලී පදනම යටතේ නව ගොඩනැගිල්ලක් ලබාගැනීමට සිදුවූයේ අමාත්‍යාංශ ගොඩනැගිල්ල පාර්ලිමේන්තු කාරක සභා වෙනුවෙන් ලබාදීමට සිදුවීම නිසා බවත් ඒ වෙනුවෙන් තෝරාගත් නව ගොඩනැගිල්ලට යාමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බවත් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (5) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

බත්තරමුල්ල ප‍්‍රදේශයේ අමාත්‍යාංශය දැනට පිහිටා ඇති ස්ථානයට ආසන්නයෙන්ම ඇති අමාත්‍යාංශයට සුදුසු එකම ගොඩනැගිල්ල වන්නේ දැනට තෝරාගෙන ඇති ගොඩනැගිල්ල බව කී ඇමැතිවරයා එය තෝරා ගත්තේ අග‍්‍රාමාත්‍ය ලේකම්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ රජයේ තක්සේරුකරු යන නිලධාරීන් සිව් දෙනාම එකට එක්වී බවද ප‍්‍රකාශ කළේය.

ගොඩනැගිල්ලේ හිමිකරුවන් විසින් පැවසූ කුලී මුදල් හා වෙනත් කොන්දේසි ද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ගත් බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.

එයට ආර්ථික කමිටුවෙන්ද අනුමැතිය හිමිවූ බව ඇමති දුමින්ද දිසානායක මහතා පැවසීය.

දැනට අමාත්‍යාංශය ඇති ගොඩනැගිල්ල වර්ග අඩි 56,000ක එකක් බව කී දුමින්ද දිසානායක මහතා නව ගොඩනැගිල්ල වර්ග අඩි 90,000ක එකක් වන අතර දැනට අමාත්‍යාංශයෙන් පිටත ඇති අමාත්‍යාංශ අනුබද්ධ ආයතන සියල්ල එම ගොඩනැගිල්ලට ගෙන ඒමට බලාපොරොත්තු වන බව ද පැවසීය.

DSC_4965



අදහස් (0)

කෘෂි ඇමැති කුලී ගොඩනැගිල්ල ගැන කියයි

ප්‍රියාන් Wednesday, 06 April 2016 03:14 AM

එයාල කලොත් දුෂණ වංචා..ඒකම මෙයාල කලාම කියන නම මොකද්ද කියල කවුරුත් දන්නවද? (හේ)

:       0       0

සම්පත් Wednesday, 06 April 2016 03:17 AM

දැන් ඉතින් වැඩක් වෙන එකක් නෑ.(හේ)

:       0       0

අනුර Wednesday, 06 April 2016 03:18 AM

අමාත්‍යංශයක් වෙන තැනකට යනවා කියන්නේ වියදම කොච්චරද?(හේ)

:       0       0

ශාන්ත Wednesday, 06 April 2016 03:30 AM

මේ වියදම් කරන මුදලින් මෙයට වඩා වටින වැඩක් කරන්න බැරිද? මේවා තම තමන්ගේ බූදල් නෙවෙයි, මහජන මුදල්.(ම)

:       0       0

ශ්‍රියා Wednesday, 06 April 2016 08:56 AM

ගණන කීයද?කීයක් සාක්කුවටද ? (බ)

:       0       0

හිමාල් Wednesday, 06 April 2016 05:06 AM

අදාළ අනුමැතීන් ලබා ගෙන තියෙනවා නම් මොකක්ද වැ‍රැද්ද? ලංකාවේ නගරවල ගොඩනැගිලි කුලී කොහොමත් හරි ගණන්. (බ)

:       0       0

දුමින්ද Wednesday, 06 April 2016 05:19 AM

ජනපති තුමා වගේ ඉතිරිකරමු -රට හදමු (බ)

:       0       0

ස්මිත් Tuesday, 05 April 2016 04:14 PM

පවු අනේ! (බ)

:       0       0

ෂෙහාන් Wednesday, 06 April 2016 05:40 AM

මෙම ගොඩනැගිල්ල සඳහා මාසිකව කීයක් ගෙවිය යුතුද?(හේ)

:       0       0

පාලිත Tuesday, 05 April 2016 05:17 PM

වී ටික විකුණගන්න බැරි අපේ කට්ටියට මොන ගොඩනැගිලිද කියලා හිතුනා (නි)

:       0       0

නිර්මල Tuesday, 05 April 2016 05:19 PM

ගොඩනැගිල්ල වෙනස්වුණාට කාර්ය මණ්ඩලය වෙනස්වුණේ නැහැනේ (නි)

:       0       0

ක්‍රිස්ටි Tuesday, 05 April 2016 07:26 PM

ගණන් හිලව් ගැන එතුමා සඳහනක් කර නොමැති එකෙන්ම ගොඩක් දේවල් හිතාගන්න පුළුවන් (නි)

:       0       0

කපිල Wednesday, 06 April 2016 12:57 AM

ඔව් ඔව්, අභිමානය පේන්නත් එක්ක ලොකු තැනක් තිබෙන්නත් එපායැ. (නි)

:       0       0

චම්පා Wednesday, 06 April 2016 01:10 AM

දැන් එහෙනම් වැඩි කාර්යක්ෂමතාවයකින් කටයුතු සිදුවේවිනේ (නි)

:       0       0

කුමාර Wednesday, 06 April 2016 02:40 AM

රටම ආර්ථික ආගාධයක වැටිලා ඉන්න වෙලාවේ කෝටි ගණන් වියදම් කරන එක වැරදියි (නි)

:       0       0

නිමල් ලලිත Wednesday, 06 April 2016 02:51 AM

පක්ෂය,පාලනය කුමක් වේවා මේ රටේ දේශපාලකයන් රටට කරන වින වලට කරගහන්න ඡන්දදායකයන් කියන බර උසුලන්නන් පිරිස ඉන්නවනේ. (නි)

:       0       0

සිසිර Wednesday, 06 April 2016 03:03 AM

අපි නොදන්නා අපේ මහජන නියෝජිතයෝ! (නි)

:       0       1

මුණසිංහ Wednesday, 06 April 2016 03:06 AM

මාත් හදනවා අමාත්‍යංශ ගොඩනැගිල්ලක් ළඟම ලොකු ගොඩනැගිල්ලක්. කීයක් ගියත් කමක් නැහැ. පාඩුවෙන එකක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 9 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site