IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ක්ෂේත්‍රය ගැන කලකිරීමෙන් මම ඉන්නේ

2016-04-12-ent-102

මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන "දේදුන්නයි ආදරේ" ටෙලි නාට්‍යය තුළින් ඔබේ ආලින්දයට ගොඩ වදින් අංජු හිමායා බණ්ඩාර නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියකි. රංගන ශිල්පිනියකට අමතරව රූපවාහිනි නිවේදිකාවක ලෙසද කටයුතු කරන ඇය බොහෝ දෙනෙකු අතර වර්තමානයේ කතාබහට ලක්වන්නේ "දේදුන්නයි ආදරේ" ටෙලි නාට්‍යයේ "නිකිණි" චරිතය හරහාය. කතාබහට අපි අංජු හිමායා සම්බන්ධ කරගත්තෙමු.

 

2016-04-12-ent-98"නිකිණි" චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ගොඩක් හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා. "නිකිණි" කියන්නෙ මම මීට කලින් රඟපෑ ටෙලි නාට්‍යය චරිතවලට වඩා වෙනස්ම එකක්. අන්තිමට කරපු හැම ටෙලි නාට්‍යයකම වගේ මම රඟපෑවෙ අහිංසක ගැමි චරිත. නමුත්, "නිකිණි" කියන්නෙත් අහිංසක චරිතයක් වුණත්, එහි වෙනස්ම අරුතක් තියෙනවා. තවමත් මෙම ටෙලි නාට්‍යයේ තිර පිටපත ලියාගෙන යන නිසා ඉදිරියේදි මගේ චරිතයේ වෙනසක් සිදුවෙයිද කියලා කියන්න බැහැ.

 

ළඟදි චිත්‍රපටයකටත් සම්බන්ධ වුණා නේද?

"රාස්ස කැලේ" චිත්‍රපටයෙන් පසුව මා රඟපාන දෙවැනි චිත්‍රපටය තමයි "සාම" කියන්නේ. මෙහි රූපගත කිරීම් මේ දිනවල නුවර දීගන ප්‍රදේශයේ සිදුවෙනවා. මෙම චිත්‍රපටයේ එන ප්‍රධාන භූමිකාව තමයි මම නිරූපණය කරන්නේ. මෙම චිත්‍රපටය පන්සිය පනස් ජාතක කතා අතරින් එකක්. ඉතින් වෙනස්ම අත්දැකීමක් මෙහි රූපගත කිරීම්වලදී මම ලබනවා. චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ආරාධනා කළේ මෙහි නිෂ්පාදකවරයා වන උදාර පල්ලියගුරු. ඔහු මගේ හොඳ මිතුරෙක්. කිහිප වතාවක් මට ඔහුගේ නිර්මාණවලට දායක වෙන්න ආරාධනා කළා. නමුත්, කුමන හෝ හේතුවක් මත ඔහු සමග වැඩ කරන්න ලැබුණෙ නැහැ. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ ගයාන් චානක මුහන්දිරම්.

 

මේ කාර්යබහුලත්වය ඔබේ නිවේදන කටයුතුවලට බාධාවක්ද?

නැහැ. මම අදටත් රංගනයට වඩා ගොඩක් කැමති නිවේදිකාවක් විදිහට වැඩ කරන්න. දැනට මම ස්වර්ණවාහිනි නාළිකාවට සම්බන්ධ වෙලා වසර 07ක් වෙනවා. ඒ කාලය තුළ මම එම නාළිකාවේ නොයෙකුත් වැඩසටහන්වලට නිවේදිකාවක් විදිහට සම්බන්ධ වෙලා වැඩ කළා. මේ දිනවල "හිතට වදින එක" කියන වැඩසටහන කරනවා. ඉදිරියෙදි ස්වර්ණවාහිනි නාළිකාවේ ලොකු වෙනසක් සිදුවෙනවා. ඒ නිසා නිවේදිකාවක් විදිහට ලොකු වැඩ කොටසක් ඉදිරියෙදි මට කරන්න ලැබෙයි කියලා මම හිතනවා.

 

ඉදිරියට එන්න තියෙන කලා කටයුතු මොනවද?

මම රංගනයෙන් දායක වුණ ටෙලි නාට්‍යය කිහිපයක් තියෙනවා ඉදිරි කාලයෙදි විකාශය වෙන්න. දැනට මම සම්බන්ධ වෙලා වැඩ කරන්නේ %සාම^ චිත්‍රපටයට සහ %දේදුන්නයි ආදරේ^ %මෙගා^ ටෙලි නාට්‍යයෙ.

 

ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

ක්ෂේත්‍රය ගැන ලොකු කලකිරීමක් තියෙනවා. ඇත්තටම ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන්න තරම් ලොකු කලකිරීමක් තියෙනවා. ඒකට හේතු ගොඩක් තියෙනවා. ක්ෂේත්‍රය තුළ ඉන්නවා විවිධාකාර ගති ලක්ෂණ තියෙන මිනිස්සු. බොරු කියන, අපහාස කරන, කේළම් කියන පිරිස්. ඉතින් එහෙම පිරිසක් එක්ක එකට ඉඳලා මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න බැහැ. ඒ හින්දා බොහෝ දුරට ඉදිරියෙදි මම මේ ක්ෂේත්‍රයෙන් ඉවත් වේවි. නමුත්, තවමත් හිතලා නැහැ එතැනින් එහා කරන්නෙ මොකක්ද කියලා. හැබැයි ගොඩක් ආසායි නිවේදිකාවක් විදිහට තව දුරටත් කටයුතු කරන්න.

බුද්ධික සේනාධීර

 

2016-04-12-ent-101
2016-04-12-ent-100
2016-04-12-ent-99

 



අදහස් (0)

ක්ෂේත්‍රය ගැන කලකිරීමෙන් මම ඉන්නේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site