IMG-LOGO

ක්ෂේත්‍රයේ ඉන්න ඕන කොහොමද කියලා තේරුම් අරන් ඉන්නේ

2016-09-07-ent-42

අමා රවීනා යනු නවකයෙකි. නමුත් ඉදිරියේදී පුංචි තිරය මගින් අපට දැකීමට අවස්ථාව උදාවනු ඇත. මේ ඇයගේ කලා දිවිය පිළිබඳව කතාවයි.

 

ඔබගේ පෞද්ගලික තොරතුරු ටිකක් කිව්වොත්?

2016-09-07-ent-43මගේ නම අමා රවීනා. මම පදිංචි වෙලා ඉන්නේ මාතර. මියුසික් වීඩියෝ, ටෙලිනාට්‍ය කරලා තියනවා. ඉදිරියේදී ඒවා විකාශනය වෙනවා. මම තාම ඉගෙන ගන්න ගමන් ඉන්නේ. බලාපොරොත්තුව රංගන ක්ෂේත්‍රයේ දක්ෂ හොඳ නිළියක් විදිහට ඉන්න සහ නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න ආසයි. ඒත් මම තාම ක්ෂේත්‍රය පිළිබඳව ඉගෙන ගන්න ගමන් ඉන්නේ.

 

තාම අධ්‍යාපනය ලබනවා කිව්වේ?

වැඩිදුර අධ්‍යාපනය සඳහා මම කැම්පස් යන්න ඉන්නේ. ඒ කියන්නේ මම ගිය අවුරුද්දේ උසස් පෙළ කරලා කැම්පස් යන්න දැන් ඉන්නේ උපාධිය හදාරන්න. ඒ අතරතුර මං රංගන කටයුතු සඳහා සහ නිරූපණ කටයුතු සඳහා දායක වෙනවා.

 

කලාවට එකතු වෙන්නේ?

පොඩි කාලේ ඉඳන් ආසයි. හැකියාව තිබ්බා. නර්තනයත් පුළුවන්. අනිත් එක මේ ක්ෂේත්‍රයේ දිගටම හොඳට ඉන්න කැමති. කලාවත් එක්ක ඉන්න එක සතුටක්. වෙනස් අත්දැකීමක් ලැබෙනවා. රටට හොඳ සේවයක් කරන්න පුළුවන්. මිනිස්සු ආදරය කරන චරිතයක් වෙනවා.

 

කලාව පිළිබඳව පැහැදීමක් තියෙනවාද?

ඔව්, මේ ක්ෂේත්‍රයේ ඉන්න ඕන කොහොමද කියලා තේරුම් අරන් ඉන්නේ. හරි දේ තෝරගෙන ඒක මම හරියට කරනවා. ඒක නිසා මං හොඳ පැහැදීමකින් ඉන්නේ. මට අනිත් අයගේ දේවල් අදාළ නැහැ.

 

දායක වුණු වැඩකටයුතු ගැන කිව්වොත්?

දැනට මං නිරෝෂන් ඉලෙපෙරුම අධ්‍යක්ෂණය කරන ‘ධරණි’ කියන ටෙලිනාට්‍ය සඳහා දායක වුණා. පරාක්‍රම ඒකනායක අධ්‍යක්ෂණය කරන ‘​සයිබර් ක්‍රයිම්’ එකේ දායක වුණා. තවත් ඉදිරියේදී වැඩකටයුතු කිහිපයක්ම තියෙනවා. තව ඩ්‍රීම් ස්ටාර් එකේ රන්සිම නුවන්ගි අක්කාගේ අලුත් මියුසික් වීඩියෝ එක සඳහා දායක වුණා.

 

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉස්සරහටම යන්න සහ හොඳ දක්ෂ රංගන ශිල්පිනියක් වෙන්නේ. මිනිස්සුන්ට වැදගත්, හිතට වදින දේවල් කරමින් මේ ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න මං බලාපොරොත්තු වෙනවා. මගේ අඩුපාඩු හදාගෙන හොඳට මේව ඉගෙන ගන්න ගමන් ක්ෂේත්‍රය තුළ ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

 

කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?

අම්මා, තාත්තා ඇතුළු පවුලේ හැමෝම. මට පොඩිකාලේ ඉඳලා උගන්නපු ගුරුවරුන් හැමෝම මට මේ ක්ෂේත්‍රයේ ඉන්න උදව් කරන හැමෝම මතක් කරනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-09-07-ent-41



අදහස් (0)

ක්ෂේත්‍රයේ ඉන්න ඕන කොහොමද කියලා තේරුම් අරන් ඉන්නේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 7 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 656 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 780 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

Our Group Site