IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කුවේට්හි සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් කුවේට් තානාපති අංශ සමග සාකච්ඡා

( තිළිණි ද සිල්වා )

කොවිඩ් 19 වසංගතය පැතිර යමින් පවතින කුවේට්හි රැදී සිටින ශ්‍රී ලාංකිකයින් තවදුරටත්  මෙරටට ගෙන්වාගැනීම සම්බන්ධයෙන් එරට තානාපති අංශ සමඟ  සාකච්ජා  කරමින් සිටින බව විදේශ සබදතා  අමාත්‍යාංශය  පවසයි. 
 
කෙසේ වෙතත් විදෙස් රටවල  රැදී සිටින ශ්‍රීලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනිමේ ක්‍රමවේදය සම්බන්ධයෙන්  අද (27) දින  රජය අවසන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙන අතර එම  සාකච්ඡාවෙන් අනතුරුව කුවේට්හි රැදි සිටින ශ්‍රීලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
 
කුවේට්හි මේ වන විට ශ්‍රී ලාංකිකයින් ලක්ෂයකට ආසන්න පිරිසක් රැදී සිටින අතර ඔවුන්ගෙන් 19000 ආසන්න පිරිසකට වලංගු  වීසා බලපත්‍ර නොමැති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.එම පිරිසෙන් 423 දෙනෙකු ඉකුත් සතියේදී යළි දිවයිනට ගෙන්වා ගැනීමට විදේශ සබඳතා අමාත්‍යාංශය කටයුතු කළේය.
 
කෙසේවෙතත් කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එරට නීතිවිරෝධී ලෙස සිටින විදෙස් ශ්‍රමිකයන්ට එරටින් පිටවීම සදහා කුවේට් බලධාරින් මේ වන විට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර එම කාලයේ දි කුවේට් රාජ්‍ය  පිටවන ඕනෑම ශ්‍රමිකයෙකුට යළි එරටට පැමිණීමේ හැකියාව පවතින බව ද ඔවුන් ප්‍රකාශ කර තිබේ. 
 
එහෙත් කුවේට්හි නීතිරීති කඩකරමින් තවදුරටත් එරට රැදි සිටින්නේ නම් එම ශ්‍රමිකයින්ට කිසිදු අවස්ථාවක එරටට පැමිණීමේ හැකියාවක් නොමැති බව ද ඔවුන් දැනුම් දී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය. 

කුවේට්හි රැදි සිටින ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසකට මේ වන විටත් කොවිඩ්- 19 වයිරසය ආසාදනය වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර එහි සංඛ්‍යාත්මක අගය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී නොමැති බවද විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග කියා සිටී.
 

 



අදහස් (4)

කුවේට්හි සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් කුවේට් තානාපති අංශ සමග සාකච්ඡා

Max Wednesday, 27 May 2020 11:11 AM

පරක්කු වැඩියි වගේ.., නිකන් ගෙනත් දෙන්න හදනකොට එපා කිව්වේ.., දැන් ඉතින් ආණ්ඩුවේ සල්ලිවලින් ගේන්න... එහෙම නැතිනම්...

:       117       189

පෙරේරා Wednesday, 27 May 2020 12:59 PM

ටූ ලේට්....

:       0       0

de silva Wednesday, 27 May 2020 01:05 PM

ලංකාවේ සංචාරකයන් නැතුව වහලා දමපු හෝටල් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ශ්‍රී ලන්කන් එකේ ගුවන් යානා ගාල් කරලා ගුවන් තොටුපලේ තිබෙනවා. කැමති හෝටල් හිමියන්ට තම හෝටල් සෞඛ්‍ය නිලධාරීන්ගේ අධික්ෂණය යටතේ නිරෝධායන හෝටල් ලෙස සකස් කරන්න ඉඩදෙන්න. ශ්‍රී ලන්කන් ගුවන්යානා යවලා ශ්‍රමිකයන් ගෙන්වා ගන්න.. විදේශ සේවා එකේ රක්ෂණය වුණු විදෙස් ශ්‍රමිකයන්ගේ වියදම් විදේශ සේවා කාර්යාංශය අනිවාර්යයෙන් දරන්න ඕනේ..., අනිත් පුද්ගලයින්ට හෝටල් වලට ගෙවන්න සල්ලි නැතිනම් ඔවුන්ව හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානවලට යවන්න. මොන ක්‍රමයකින් හරි ලබන මාසය තුළ අතරමන් වුණු ශ්‍රී ලාංකික පුරවැසියන් රටතුළට ගෙනත් නිරෝධායනය කර නිවෙස්වලට යැවිය යුතුයි. ජාසිංහ දොස්තර මහත්මයට හෝ සෞඛ්‍ය ඇමැතිනියට මේක කරන්න බැරිනම් ඔවුන් ඉල්ලලා අස්වෙලා ගෙදර යන්න පුළුවන් කෙනෙකුට කරන්න ඉඩ දීලා...

:       55       276

Bandu Wednesday, 27 May 2020 01:43 PM

ඒරොප්පෙන් ගෙන්න ගන්න නම් සාකච්ඡා කළේ නෑ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 358 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site