රුපියල් කෝටි තුන හමාරක පමණ තැන්පතු වංචා කළැයි කලවාන සණස බැංකුවේ කළමනාකාරිණි බද්දේගම ලියනආරච්චිගේ අචිනි ප්‍රමිකා ලියනාරච්චි (35) ලබන 25 දින තෙක් රිමාන්ඩ් කරන ලෙස කලවාන සංචාරක මහේස්ත‍්‍රාත් සිරිමෙවන් මහේන්ද්‍ර රාජා මහතා නියෝග කළේය.
වැඩි මුදලක් බැංකුවේ තැන්පත් කළහොත් සියයට විස්සක පොලියක් ද, ගෘහභාණ්ඩ ඇතුළු තෑගි ද ලබාදෙන ලෙස ගනුදෙනුකරුවන්ට දන්වමින් ඔවුන්ගේ මුදල් වංචා කර ඇති බව ද විමර්ශන වලදි හෙළිව ඇත.
ගනුදෙනුකරුවන් සියයකට වැඩි පිරිසකගේ ගිණුම් මේ අකාරයට වංචාකර ඇති බවට පොලිසිය සැක කරයි. පැමිණිලි පහළොවක් පමණ රත්නපුර විශේෂ අපරාධ ඒකකයට ලැබී තිබේ. තවත් පැමිණිලි ලැබෙමින් පවතී. ඒ පැමිණිලි අනුව වංචා කළ මුදල රුපියල් කෝටි තුන හමාරක් පමණ වන බවද හෙළිවී තිබේ. වංචාවලට වැඩිපුර ලක්ව ඇත්තේ ගුරුවරුන් බවද ගුරු ජෝඩුවක් ගනුදෙනුකරුවන් සොයා දී ඇති බවද කියති.
2025 දෙසැම්බර් මස 30
111
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කලවානේ බැංකු කළමනාකාරියක රිමාන්ඩ්
දේවසිරි Wednesday, 11 May 2016 12:57 PM
සණස කැම්පස් හොර ගුහාවක් (අ)
හුසේන් මොහමඩ් Wednesday, 11 May 2016 09:04 AM
වැරැද්ද ඔප්පු වෙනකම්, සැකකාරියක් විතරයි.. ඔප්පු වුනත් නම ප්‍රසිද්ධ කිරීම වැරැදියි .,(හේ)
මහින්ද Thursday, 12 May 2016 03:39 AM
සණස කියන්නේ ප්‍රජා අවශ්‍යතා රාශියක් ඉටුකරන ආයතනයක් මෙවැනි ක්‍රියා නිසා සත්භාවයෙන් කටයුතු කරන සණස ආයතන වලටත් ලොකු හානියක් නීතිය උපරිමයෙන් ක්‍රියාකල යුතුයි.(ම)
පුෂ්පා Wednesday, 11 May 2016 10:30 AM
මම පොඩි කාලේ බැංකුවක් කියන්නේ හරිම විශ්වාසවන්ත තැනක්. (ම)
ඉඳුනිල් Wednesday, 11 May 2016 05:40 PM
ඒ වැඩේ හරිම වැරදියි. අනුන්ගේ සල්ලි ගන්න එක මහ කැත වැඩක් (නි)
රොකී Thursday, 12 May 2016 01:55 PM
හුසේන් මොහමඩ් මහත්තයා මහා මෝඩ කතාවක්නේ කියන්නේ. ඇයි,`ඔප්පුවුනත් නම ප්‍රසිද්ධ කිරීම වැරදියි` කියල කියන්නේ?. වැරදි කරලා දඬුවම් ලැබුණු අයගෙත් නම් ප්‍රසිද්ධ නොකරනවා නම් ඒක ලොකු වරදක්! (ර)
ජේමිස් Wednesday, 11 May 2016 11:26 AM
හොරකමක් නම් කොහොමත් වැරැදී... (ර)