IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කිලිනොච්චියෙන් බෝම්බ හමුවීමත් සමඟ උතුරේ ආරක්ෂාව තර කෙරේ

(රොමේෂ් මධුෂංඛ)
                      
කිලිනොච්චිය ප්‍රදේශයෙන් දේශීය නිෂ්පාදනය කරන ලද බෝම්බ හමු වීමත් සමග උතුරේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.

ත්‍රස්තවාදය නැවත ඇතිකිරීමේ උත්සහයක නිරත වීමේ අවදානමක් වශයෙන් කිලිනොච්චියේ හිටපු එල්.ටී.ඊ. සාමාජිකයකු විසින් දේශීය බෝම්බ නිෂ්පාදනය කිරීමට යාමේදී පුපුරායාමත් සමඟ ආරක්ෂක අංශවල දැඩි අවධානය යොමු වී ඇත.

මේ අනුව සැකකටයුතු ප්‍රදේශයන් හදිසි සෝදිසි පරික්ෂා කිරීම් හා ප්‍රධාන මාර්ගයන්හි වාහන ඇතුළු පුද්ගලයින් පරික්ෂා කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.

මෙලෙසින් වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේද යුද හමුදාව විසින් හදීසි සෝදිසි මුරපොළක් ක්‍රියාත්මක කර සැකකටයුතු වාහන හා පුද්ගලයින් පරික්ෂා කිරීමට පියවර ගෙන ඇත.
 



අදහස් (13)

කිලිනොච්චියෙන් බෝම්බ හමුවීමත් සමඟ උතුරේ ආරක්ෂාව තර කෙරේ

Nissanka Tuesday, 07 July 2020 07:23 AM

ඡන්දයක් ළඟ එනකොට තමයි මේ ඔක්කොම... මිනිස්සුන්ගේ හැඟීම් අවුස්සලා ඡන්ද කඩාගන්න.

:       0       0

karu Tuesday, 07 July 2020 07:29 AM

මේ සියල්ල ඡන්දය වෙනුවෙන් ජාතිවාදීන් අටවන ලද උගුල්.. අහුවෙන්න එපා. මේ සැරේ කබර පවුල ගෙදරම යැවිය යුතුයි.

:       0       0

siri Tuesday, 07 July 2020 08:10 AM

"ඕවා ඡන්දෙන් පස්සේ ආයේ අහන්න ලැබෙන එකක් නැහැ. ඒ නිසා එතරම් ගණන් ගත යුතු දේවල් නොවේ" කියලා කවුදෝ කියනවා ඇහුණා.

:       0       0

Binkunndaa Tuesday, 07 July 2020 08:19 AM

ආයේ ත්‍රස්තවාදය එනවා කියලා ඡන්දෙ ගන්න කරපු ගුණ්ඩුවක්ද දන්නේ නැහැ.

:       0       0

Puppa Tuesday, 07 July 2020 08:19 AM

බෝම්බත් පුපුරයි ඡන්ද කිට්ටුකරලා... පේන විදිහට මේ සැරේ චූඩා මාණික්‍යයක් අරගෙන නාරජු එන්නේ නැතිපාටයි...

:       0       0

MOHOMED Tuesday, 07 July 2020 08:52 AM

මෙච්චර කල් LTTE වළදාපු බෝම්බ හම්බවුණු ආරක්ෂාව තර කරාද? ඡන්දයක් ළඟ එනකොට ඩ්‍රාමා පටන්ගන්නවා.

:       0       0

අනුර Tuesday, 07 July 2020 08:53 AM

අපේ ජනාධිපතිතුමා ඉන්නකං ඔය සිද්ධීන් සිදුවුණාට කිසිඳු බියක් දැනෙන්නේ නෑ... නිකං අපේ තාත්තා ගෙදර ආවා වගේ.

:       2       32

Asanka Tuesday, 07 July 2020 09:00 AM

මට තේරෙන්නේ නැහැ ඡන්දෙ කිට්ටුවෙද්දිම ඇයි මේ බෝම්බ උතුරෙන් හම්බවෙන්නේ කියලා..?

:       39       13

WARUNA Tuesday, 07 July 2020 10:12 AM

ඔය කථා වලට රැවටුනේ ඉස්කෝලේ යන කාලේ.

:       21       2

Demuni Uduwara Tuesday, 07 July 2020 08:09 PM

ඡන්දෙත් ළඟයිනේ දැන්...!!!

:       48       4

Perera Wednesday, 08 July 2020 03:20 AM

සිරාව ජනාධිපතිකරගත්තාම ඔහොම තමයි. අපේ සර් ජනාධිපති වුණා නම් ඔහොම වෙන්නේ නැහැනේ..

:       0       2

Nimal Hettiarachchi -London Wednesday, 08 July 2020 11:49 AM

මැතිවරණය කිට්ටු වෙනකොට තව තව දේ එළියට ඒවි... ජාත්‍යන්තර කුමන්ත්‍රණ, කොටි නැගිටීම් දෙමළ ඩයස්පෝරා , ජාත්‍යන්තර අධිකරණය , මේවා සමාජ ගත නොකර සුනාමි සල්ලි, මාවිලාරු ගොවි වන්දි, සිරිලිය ගිණුම, මල්වානේ නිවස ගැන කතා කරන්නෙයි.. ඔහෙලව අන්දන්න මේ ඇත්තෝ මොනවා හරි දෙයක් කියන්නත් එපැයි..

:       75       85

H.M.J.P Wednesday, 08 July 2020 02:41 PM

මේවා සැලසුම් සහගත මජර දේශපාලන වැඩ... ඡන්දෙ කිට්ටුනේ.. මේ නිසා තමයි උතුරේ මිනිහයි, දකුනේ මිනිහයි භේද වෙලා තියෙන්නේ.. ජාති භේදය කිරීම තමයි ඡන්ද තුරුම්පුව..

:       79       84

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 76 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 731 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site