IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කරූ දිගටම කතානායක තනතුරේ

(** මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි)

කරූ ජයසූරිය මහතා  ඉදිරියටත්  කතානායක ධුරයේම තබා ගැනීමට රජය තීරණය කර ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

කතානායක ධුරයේ තවදුරටත් කටයුතු කරන ලෙස ආණ්ඩුවේ නායකයන් දෙදෙනකු කරූ ජයසූරිය මහතාට දැනුම් දී ඇතැයි ද පැවසේ.

මේ අනුව මහ මැතිවරණය පැවැත්වෙන තෙක් පිහිට වූ ආණ්ඩුව මාස තුනක පමණ කාලයක් පවතින අතර එම කාලය තුළ කතානායකවරයා ලෙස කරූ ජයසූරිය මහතාම කටයුතු කරනු ඇතැයි පැවසේ.

පාර්ලිමේන්තුවේ මෙන්ම ව්‍යවස්ථාදායක සභාව සහ පාර්ලිමේන්තු කමිටු ආදියෙහි බලධරයා වන්නේද කතානායකවරයාය.

වර්තමාන කතානායකවරයා ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් ඒ සඳහා වෙනත් මන්ත්‍රීවරයකු පත්කිරීම පාර්ලිමේන්තුවේ රහස් ඡන්ද විමසීමකින් සිදුවිය යුතුය. වර්තමාන පාර්ලිමේන්තුවේ බහුතරය එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ සතුය.



අදහස් (10)

කරූ දිගටම කතානායක තනතුරේ

වීදියබණඩාර Tuesday, 26 November 2019 06:00 AM

මෙය පොහොට්ටුවේ වැඩක්. විපක්ෂ නායකකමයි, පක්ෂ නායකකමයි දෙකම නැති කිරීමේ කුමන්ත්‍රණයක්. සිංහල ඡන්ද සදා ලෝක පූජිතට වඩා කරූට ඇත.

:       4430       5115

janahitha Wednesday, 27 November 2019 03:23 AM

ඕවා අපේ ප්‍රශ්න නොවේ සිරිකොතේ ප්‍රශ්න.

:       0       1

Bandara Tuesday, 26 November 2019 06:33 AM

පරිස්සමට... අනිත් පැත්තට යටින් වැඩ කරයි.

:       0       0

sharm warn Tuesday, 26 November 2019 07:08 AM

කොහොම වුණත් පාර්ලිමේන්තුවේ විකාර කියන එක්කෙනෙකුට වඩා මේ මනුස්සයට හැදියාවක් තියෙනවා. මේ ටික කාලෙට මෙයාම හිටපුදෙන්... අර සම්බන්ධන්ට දුන්නු විපක්ෂ නායකකමේ ප්‍රතිලාභ තවමත් දෙනවද කියලා දැනගන්න පුළුවන්ද?

:       0       4

sandy123 Tuesday, 26 November 2019 07:18 AM

පහුගිය දවසක අපේ තරුණම තරුණ මන්ත්‍රීතුමාට පුටුව නැතිවුණාද?

:       0       1

Nandalal DE SILVA - France Tuesday, 26 November 2019 10:35 AM

ගරු කතානායක කරූ ජයසුරිය මැතිතුමාගේ අපක්ෂපාති බව රජය විරෝධී 2018 ඔක්තෝබර් 26 දා එතුමා පැහැදිලිවම පෙන්වා දුන්නා. වර්තමාන පාර්ලිමේන්තුවේ ඇමතිකම් හොබවන, මිරිස්කුඩු, ජල බෝතල් ප්‍රහාරය, ආසන, මයික්‍රෆෝන් ආදිය කඩා විනාශකරපු මැරයන්ට එරෙහිව එතුමා ඉන්පසුවවත් කතා නොකිරීම එතුමාගේ මහගු උතුම් ගුණයක් බව ඔහුගේ විරුද්ධවාදීන් පවා රහසේ ප්‍රකාශ කර තිබෙනවා ! නිහතමානිව, සන්නද්ධ හමුදා නිලධාරියෙකු මෙන්ම, උගත් බුද්ධිමත් නායකයෙක් හැටියට, නව මැතිවරණය දක්වා තව දුරටත් කථානායක තනතුරේ සේවය කිරීම දැනට සිටින සහ ලඟදි තේරී පත්වන මන්ත්‍රීන්ට උසස් ආදර්ශයක් වේවායි පතමු !

:       0       32

SamanFriday, 29 November 2019 12:50 PM

අපක්ෂපාති නම් බහුතරයක් තිබුණු පොහොට්ටුවට විපක්ෂනායකකම නොදී සම්බන්ධන්ට දුන්නේ මොකද.

:       0       0

sandy123 Wednesday, 27 November 2019 04:58 AM

පහුගිය දවසක කාටුනයක තිබුණු අපේ තරුණම තරුණ මන්ත්‍රීතුමාට පුටුව නැතිවුනාද?

:       137       2

Nimal ... Wednesday, 27 November 2019 03:33 PM

ඇත්ත තත්ත්වය ඕක නෙමෙයි.. කතානායක තේරිය යුත්තේ මන්ත්‍රී ඡන්දයෙන්. එසේ යෝජනාවක් ගෙනැවිත් ඡන්දයක් තිබ්බත් දිනන්නේ එජාපයයි. වැඩි ආසන ප්‍රමාණයක් තියෙන්නේ ඔවුන්ට. ඒක නිසා ආණ්ඩුව පරදින එකෙන් වැළකෙන්න ඔය පියවර අරගෙන ඇත්තේ...

:       0       4

ඉන්දික Thursday, 28 November 2019 02:24 AM

කරු ජයසූරිය මැතිතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිනිසෙක්...!!! පක්ෂ භේදයෙන් තොරව සුබපතමි ඔබට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 111 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site