IMG-LOGO

කොරියා භාෂා විභාගය ඔන්ලයින් ක්‍රමයට

කොරියා භාෂා ප‍්‍රවීණතා විභාගය මෙවර පරිගණක ඔස්සේ ඔන්ලයින් ක‍්‍රමයට පැවැත්වෙන අතර ඒ සඳහා විභාග අයදුම්පත් නිකුත් කිරීම දිවයින පුරා මධ්‍යස්ථාන 15කදී ජූනි 20 සිට 23 දක්වා සිදුකෙරෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ස්ථානීය අගයට ලකුණු ලබාදීම සඳහා පරිගණක ආශ‍්‍රිතව පවත්වන පළමු විභාගය මෙය වෙයි. විභාග අක‍්‍රමිකතා අවම කිරීම හා නව ලොවට ගැලපෙන ලෙස විභාගය පැවැත්වීම මෙම ක්‍රමය හදුන්වාදීමට අරමුණු වී ඇත.

අනුරාධපුරය, බදුල්ල, මහනුවර, මාතර, රත්නපුර පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශ පළාත් කාර්යාලවලින් හා ගාල්ල, කඩවත, සීදූව, තංගල්ල, කුරුණෑගල, ත‍්‍රිකුණාමලය, වවුනියාව, යාපනය හා පොළොන්නරුව යන කාර්යාංශයේ පුහුණු ආයතනවලදී අයදුම්පත් නිකුත් කෙරේ.

මෙම විභාගය පන්නිපිටිය දෙපානම අංක 205 ලිපිනයේ පිහිටි කොරියානු පරිගණක මධ්‍යස්ථානයේදී ලබන ජූලි මාසයේ ආරම්භවීමට නියමිතය.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අඅඅගිකඉෙැගකන යන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියෙන් ලබා ගත හැක.



අදහස් (0)

කොරියා භාෂා විභාගය ඔන්ලයින් ක්‍රමයට

කේෂලා Monday, 20 June 2016 08:13 AM

ඒක නම් හොඳ දෙයක් (නි)

:       0       0

පෙරේරා Monday, 20 June 2016 02:21 AM

විභාගය ඔන්ලයින් නම් ඔන්ලයින්ම අයදුම් කරන්න බැරි මොකද. (නි)

:       0       0

ශාමික Monday, 20 June 2016 03:56 AM

ඉතා හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 481 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 642 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site