IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කොරියාවට 5000ක්

(අංජුල මහික වීරරත්න)


2024 වසරේ ගතවූ කාලයේ ශ්‍රි ලාංකිකයින් 5120 දෙනකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.


නිශ්පාදන ක්ෂේත්‍රයට අදාල රැකියා සඳහා 4384 දෙනෙකුද,ධීවර ක්ෂේත්‍රය සඳහා 721 දෙනෙකුද, ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා 14 දෙනෙකුද පිටව ගොස් තිබේ.


මොවුන් අතරින්  තරුණයින් 3984 දෙනකු පළමු වරට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගිය පිරිස වන අතර, තවත් 719 දෙනකු දකුණු කොරියාවේ සේවය කර දිවයිනට පැමිණ යළිත් එරට සේවය සඳහා පිටව ගිය පිරිස (Re-entry) වේ. එසේම තවත් 417 දෙනෙකු Computer Base Test (CBT) ක්‍රමයට දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබේ.  තරුණියන් 102 දෙනකුද මෙම කාල සීමාව තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් තිබේ.


දකුණු කොරියාවේ කෙටි කාලීන E-8 වීසා කාණ්ඩයේ රැකියා වෙනුවට ඉහළ වැටුප් හිමිවන E-9 වීසා කාණ්ඩයේ රැකියා සඳහා වැඩි වශයෙන් ශ්‍රි  ලාංකිකයින් යොමුකිරීමට ඉදිරියේදී දකුණු කොරියානු රජයේ බලධාරීන් සමග සාකච්ඡා කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහත පැවසීය.

 



අදහස් (1)

කොරියාවට 5000ක්

බමුණුආරච්චි Thursday, 14 November 2024 05:29 AM

ජෙප්පෝ යවන්න එපා ඒ රටත් කාලා දාවි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site