යාපනය දිස්ත්‍රික් ලේකම් එන්.වේතනායගම් මහතා මින් ඉදිරියට තම කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වීම සඳහා අවසරය නොදීමට තීරණය කර ඇත.
මෙයට හේතුව වී ඇත්තේ පසුගිය දිනෙක යාපනය පළාත් සභාවේ සාමාජිකයින් කිහිපදෙනෙක් පැවැත්වූ උද්ඝෝෂණයක් නිසාවෙන් ඔහුට මුහුණදීමට සිදුවූ අකරතැබ්බයකි.
රජය බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගනිමින් සිටිනා බව කියමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ යෙදී තිබෙන ඔවුහු පසුව දිස්ත්‍රික් ලේකම්වරයා හමුවට ගොස් ඔහු අතට පෙත්සමක් භාරදී ඇත.
පෙත්සම භාරගෙන ඇති වේතනායගම් මහතා එය අදාළ බලධාරීන්ගේ අවධානයට යොමුකරන බවට සහතිකවී තිබේ.නමුත් එය පිළිගැනීමට උද්ඝෝෂකයන් කැමැත්තක් දක්වා නැත.
ඉක්මන් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් කාර්යාලය ඉදිරිපස රැදී සිටින බව පවසා ඔවුන් ඉවත්ව ගොස් ඇත්තේ වේතනායගම් මහතාගේ කාර්යාල දොර වසා අගුලද දමාගෙනය.
වහාම පොලිසිය කැදවුවද විරෝධතාකරුවන් කාර්යාලයට ඇතුල් වන වැරැන්ඩාව අවහිර කරමින් එහි වාඩිවී සිටි බැවින් වේතනායගම් මහතාට ළඟාවීමට පොලිස් නිලධරයින්ට හැකිව නොමැත.
බොහෝ වේලාවක් බලා සිටියද උද්ඝෝෂකයන් ඉවත් නොවූ තැන ඔහු කාර්යාලයේ පිටුපස දොර හැරගෙන පිටව ගොස් තිබේ.
දැන් ඔහු පොලිස් ආරක්ෂාවද ඉල්ලා තිබෙන අතර උතුරු පළාත් පොලිස් අධිකාරිවරයා වෙත තම කාර්යාල භූමියට ආරක්ෂාව සළසන ලෙස දන්වමින් ලිපියක්ද යවා ඇත.
2025 දෙසැම්බර් මස 30
47
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ තහනම්
ධම්ම Sunday, 17 April 2016 02:34 PM
ඉඩම් ඇමතිතුමාට මේ ප්‍රශ්නය ඉදිරිපත්කළා නම් ක්ෂණික පිළිතුරක් ගන්න තිබුනා. එතුමා ඉතා කාර්යශීලී ඇමතිවරයෙකු බව රටට පෙන්වා දී තිබෙනවා. (නි)
උපසේන Monday, 18 April 2016 03:18 AM
දැන් උද්ඝෝෂණ කරන එක විලාසිතාවක් වෙලානේ (නි)