IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


කැරම් සම්මේලනය පාරට වැටීමෙන් කී‍්‍රඩාවේ තත්ත්වය බලා ඉඳිද්දී පිරිහෙයි

කැරම් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට පුහුණුවීමට හා තරගාවලි පැවැත්වීමට සුදුසු ස්ථානයක් නොමැතිවීම නිසා ලෝක ශූරතා දිනාගත හැකි කී‍්‍රඩාවක් වන කැරම් කී‍්‍රඩාවේ තත්ත්වය එන්න එන්නම පිරිහෙමින් පවතින බව කැරම් සංගම් නිලධාරීහු පෙන්වා දෙති. කොළඹ රීඞ් මාවතේ තුරඟ තරග පිටිය අසළ ගොඩනැගිල්ල නවීකරණය කිරීම නිසා එහි පවත්වාගෙන ගිය කැරම් සංගම් මූලස්ථානය එතැනින් ඉවත් කර ගැනීමට කැරම් සම්මේලන නිලධාරීන්ට සිදුවිය. එහෙත් ඒ හේතුවෙන් කැරම් තරගාවලි පැවැත්වීමට සහ පුහුණුවීම සඳහා ස්ථානයක් සොයා ගැනීමේ ගැටළුවෙන් නිලධාරීන් මෙන්ම කී‍්‍රඩක ක‍්‍රීඩිකාවෝද අපහසුතාවට පත්ව සිටිති. කැරම් සම්මේලනය ඉකුත් වසරවලදී මාසයකට තරගාවලියක් බැගින් සංවිධානය කළ නමුත් මෙම වසරේදී ප‍්‍රධානතම තරගාවලි හතරක් සංවිධානය කිරීමේ අවස්ථාව අහිමිව ගිය බව සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. ශ්‍රේණිගත කිරීමේ තරගාවලි වන රේන්ජර්ස් තරගාවලිය, සම්මේලන තරගාවලිය, සමස්ත ලංකා කනිෂ්ඨ තරගාවලිය සහ ආධුනික තරගාවලිය පැවැත්වීමට නොහැකි වූයේ තරගාවලිය පැවැත්වීමට නිසි ස්ථානයක් නොමැති වීමෙන් බව සම්මේලන නිලධාරීහු කියති. ශ්‍රී ලංකා කැරම් සම්මේලනය විසින් 24 වැනි ‘සම්මේලන කුසලාන’ තරගාවලිය ජනවාරී මස පැවැත්වීමට සුදානම් වනු ලබන්නේ මාස හතරක නිහඬතාවකින් පසුවය. එම තරගාවලිය සඳහා මේ වන විටත් අයැදුම්පත් කැඳවනු ලැබ ඇත. වෙනත් ක‍්‍රීඩා මෙන් නොව කැරම් ක‍්‍රීඩා කිරීමට චෙස්, ස්නූකර් වැනි කී‍්‍රඩා පැවැත්වෙන ස්ථාන වැනි නිදහස් පරිසරයක් අවශ්‍ය බවද ඔවුහු පෙන්වා දෙති. ඒ සඳහා කී‍්‍රඩා අමාත්‍යංශයේද සහයෝගය ඇතිව, මාසිකව කුළී ගෙවීමේ පදනම මත මහරගම ප‍්‍රදේශයේ ස්ථානයක් ගැනීමට කැරම් සම්මේලනය කටයුතු යොදා තිබේ. එහෙත් බොහෝ කී‍්‍රඩකයන් රැකියා නිමවීමෙන් පසුව කැරම් කී‍්‍රඩාවේ නිරත වන හෙයින් කොළඹ ප‍්‍රදේශයෙන් පිටත පිහිටි මධ්‍යස්ථානයක පුහුණුවීමට සහ තරගාවලිවලට සහභාගිවීමේ දුෂ්කරතා පවතින බවද ජාතික සංචිතයේ කී‍්‍රඩක ක‍්‍රීඩිකාවෝ පවසති. කොළඹ කැරම් සංගම් මුලස්ථානය පැවැති කාලයේ සෑම දිනකම පුහුණුවීමේ අවස්ථාව තිබු බවත්, එම අවස්ථාව අහිමි වීමෙන් පුහුණුවීම් කටයුතු අඩාලව තිබෙන බවත් ඔවුහු පවසති. මේ අතර වසර 2012 දී 6 වැනි ලෝක කැරම් ශූරතාවලිය පැවැත්වීමේ අවස්ථාවද ශ්‍රී ලංකාවට හිමිව තිබේ. ශ්‍රී ලංකාවට අන්තර්ජාතික කැරම් තරගාවලි රැසක් පසුගිය වසරේදී පැවැත්වීමේ අවස්ථාව හිමි වුවද, ලෝක කැරම් තරගාවලියක් සංවිධානය කිරීමේ අවස්ථාව මෙරටට හිමි වන්නේ පළමු වතාවටය. ලෝක ශූරතා කැරම් තරගාවලිය එළැඹෙන වසරේ ඔක්තෝබර් මසදී පැවැත්වීමට නියමිතය. අවසන් වරට 2008 වසරේ ප‍්‍රංශයේ පැවැති 5 වැනි ලෝක කැරම් ශූරතාවලියේදී පිරිමි ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ශ්‍රී ලාංකීය කී‍්‍රඩා ඉතිහාසයේ ලෝක ශූරතාවක් හිමිකර ගත් තෙවැනි අවස්ථාව ලෙස එය සැලකේ. ලෝක කැරම් ශූරතාවලිය පැවැත්වෙන්නේ සිවු වසරකට වරකි. තරගාවලියට රටවල් 20 කින් පමණ කී‍්‍රඩක ක‍්‍රීඩිකාවෝ සහභාගිවෙති. කැරම් කී‍්‍රඩාවේදී ශ්‍රී ලංකාවට අභියෝගයක් වන එකම රට ඉන්දියාව ලෙස සැලකූව ද මේ වන විට බංග්ලාදේශය සහ මාලදිවයින ද ශ්‍රී ලංකාවට අභියෝගයක් වෙමින් පවතී. ලෝක ශූරතාව දිනා ගැනීමෙන් පසුව අන්තර්ජාතික කැරම් තරගාවලිවලදී ඉන්දියාව පරාජය කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත්ව සිටියි. පසුගියදා මැලේසියාවේදී පැවැති ලෝක සම්මේලන කුසලාන කැරම් තරගාවලියේද ශ්‍රී ලංකාවට හිමි වුයේ අනුශූරතාවයයි. කැරම් තරගයේ අවස්ථාවක්



අදහස් (0)

කැරම් සම්මේලනය පාරට වැටීමෙන් කී‍්‍රඩාවේ තත්ත්වය බලා ඉඳිද්දී පිරිහෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 613 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2305 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1715 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site