IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කරාමා වෙතින් ජල සංරක්ෂණ ව්‍යාපෘතියක්

Kahramaa

 

පසුගිය වසර 11 තුළදී කටාර් හි ජල ඉල්ලුම වාර්ෂිකව සියයට 10.6 කින් ඉහළ ගොස් 2025 වසරේදී එය කියුබික් මීටර් මිලියන 902 ක් වෙතැයි ඇස්තුමේන්තු කිරීමත් සමග රට තුළ ජල සුරක්ෂිතභාවයක් ළඟා කරගැනීම සඳහා කටාර් පොදු විදුලිබල සහ ජල සංස්ථාව (කරාමා) විසින්දැවැන්ත ව්‍යාපෘති කිහිපයක්ම ආරම්භ කර ඇති බව එහි සභාපති ඉංජිනේරු එසා බින් හිලාල් අල් කුවාරි පවසයි.


2005 වසරේදී කියුබික් මීටර් මිලියන 195 ක්  වූ කටාර් හි ජල පරිභෝජනය 2015 වසරේදී කියුබික් මීටර් මිලියන 535 ක් දක්වා වර්ධනයවී ඇත. 


“කටාර් රාජ්‍යය තුළ පුනර්ජනනීය ජල සම්පත් හිඟයක් තියෙනවා කියන එක ප්‍රසිද්ධ කාරණයක්. ස්වභාවික කාලගුණික තත්ත්වය, ජනගහණ වර්ධනය සහ කෘෂිකාර්මික සහ කර්මාන්ත සංවර්ධනයේ අපේක්ෂිත මට්ටම යන හේතූන් නිසා පසුගිය දශකය තුළදී ජල සම්පත සඳහා වන පීඩනය සැළකිය යුතු ලෙසින් වර්ධනය වෙලා තියෙනවා” පසුගියදා කටාර් විශ්වවිද්‍යාලයේදී පැවැති ජල සංරක්ෂණ සංසදය අමතමින් අල් කුවාරි මේ බව පැවැසීය.


“කරුණු මේ විදිහටම සිද්ධ වුණොත් ජල කළමනාකරණ ක්‍රමවේදයන් කිසිදු වෙනසක් නොමැතිව ඉදිරියටත් ක්‍රියාත්මක වේවි. අපේ ආර්ථික වර්ධනය, මිනිසුන්ගේ යහපත සහ ජාතික ආරක්ෂාව යන කරුණු සම්බන්ධයෙන් අපි දැඩි සහ ආකෘතිමය තර්ජනයකට මුහුණපා තියෙනවා” යැයි ඔහු වැඩි දුරටත් පැවැසීය. 


ඉහත බලපෑම් අවම කොට වර්තමාන සහ අනාගත පරම්පරාවට වඩාත් හොඳ ජීවන තත්ත්වයක් ලබාදීමට හැකිවන පරිද්දෙන් කාර්යක්ෂමව ජල සම්පත පරිහරණය කිරීම වර්ධනය කිරීම සඳහා ඉදිරියේදී කරාමා ආයතනය කටයුතු කරන බවද ඔහු පැවැසීය.


“කටාර් හි ජල සංරක්ෂණ ක්‍රමවේදය කියන එකේ තේරුම තමයි හැම පුද්ගලයකුටම පිරිසිදු, නීරෝගී සහ ඵලදායි ජීවිතයක් ලබාදීම සඳහා ප්‍රමාණවත් සහ ආරක්ෂාකාරී ජල සැපයුමක් සිදුකරනවා කියන එක” යැයි අල් කුවාරි පවසයි.



අදහස් (0)

කරාමා වෙතින් ජල සංරක්ෂණ ව්‍යාපෘතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 369 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site